පෘථිවියේ ගොඩබිම පිහිටි ගැඹුරුම ස්ථානය නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ඩෙන්මන් ග්ලැසියරයේ පිහිටා ඇතැයි සොයාගෙන තිබේ.
මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 3.5ක් ගැඹුරට මෙම අගාධය විහිදී යයි.
සාගරයේ පිහිටි ගැඹුරුම ස්ථානය පැසිෆික් සාගරයේ මරියානා අගාධය වන අතර එය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 11ක් ගැඹුරු වෙයි.
චීනයේ ගැඹුරු ගොඩබිම් අගාධ පිහිටියත් ඒවායේ පතුල මුහුදු මට්ටමෙන් ඉහල පිහිටා ඇත.
"සාගර වල ඇති අගාධ මීට වඩා ගැඹුරුයි. නමුත් මෙය ගොඩබිම ඇති ගැඹුරුම ස්ථානයයි," යනුවෙන් ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන ආචාර්ය මතීයු මෝර්ලිංගම් පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අහපු විදියට මේ ගණන් ටිකක් අවුල් වගේ... අපි දන්නේ මරියානා ආගාධය අඩි 35000 ක් සහ එවරස්ට් කන්ද අඩි 29000 (අසන්නව) එවරස්ට් කන්ද මරියානා ආගාධයේ ගිල්විය හැකි බවත්... මං හරිද?
සෙනෙවිරත්නට ගණන් ටිකක් පැටලිලා වගෙයි. අඩි 35000 ක් කියන්නේ හැතැක්ම 6.63 ක් විතර. ඒ කියන්නේ 10.7 ක් කිලෝ මීටර්. මෙතන කියලා තියෙන්නේ කිලෝ මීටර් 11 ක් කියලා
සෙනවිරත්න කතා කොරන්නේ මරියානා නමැති පැසිෆික් සාගරයේ පිහිටි අගාධයක් ගැනයි. මෙතැ කතා කොරන්නේ ගොඩබිම තිබෙන අගධාදයක් ගැනයි. එයාට පැටලිලා.
Hello ! කොහොමද? මං ඉන්නේ හත වසරේ. මං මරියානා අගාධය ගැන චුට්ටක් search කරලා බැලුවා. මට ඒ තොරතුරු කියවලා බලද්දී මට පුදුම ආසාවක් ආවා මරියානා අගාධය පතුළටම යන්න. සමහරු හිතයි මං හරි මොංගල් ඩයල් එකක් කියලා.. ඒ වුණත් එක මගෙ හිතේ තියෙන එක හීනයක්. දැන් මගේ future ambition එක තමයි සාගර විද්‍යාඥයෙක් වෙන එක...