නේපාලයේ සින්දුපල්චොක් ප්‍රදේශයේදී මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් 14 දෙනකු මියගොස් 18 දෙනකු තුවාල ලබා ඇත.
මෙම අනතුර සිදුවී ඇත්තේ අරානිකෝ අධිවේගී මාර්ගයේ දී ය.
දෝල්කා දිස්ත්‍රික්කයේ කාලින්චොක් සිට භක්තාපූර් දෙසට ගමන් කරමින් තිබියදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
මියගිය අය අතර ළමුන් තිදෙනකු ද සිටින බවත් අනතුරින් පසු රථයේ රියදුරු අතුරුදන්වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
තුවාල ලැබූවන්ගෙන් 12 දෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇත.
ඉදිවෙමින් පවතින මාර්ග කොටසක වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මාසයක් ඇතුළත දිස්ත්‍රික්කයේ සිදුවූ දෙවන ප්‍රධාන මාර්ග අනතුර මෙය වන අතර පසුගියදා සුන්කොසි ගඟට බස් රථයක් පෙරලීමෙන් 17 දෙනකු ජීවිතක්ෂයට පත්විය.
(එන්ඩීටීවී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd