IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


නේපාලයේ බස් රථ අනතුරකින් 14 ක් මරුට

නේපාලයේ සින්දුපල්චොක් ප්‍රදේශයේදී මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් 14 දෙනකු මියගොස් 18 දෙනකු තුවාල ලබා ඇත.

මෙම අනතුර සිදුවී ඇත්තේ අරානිකෝ අධිවේගී මාර්ගයේ දී ය.

දෝල්කා දිස්ත්‍රික්කයේ කාලින්චොක් සිට භක්තාපූර් දෙසට ගමන් කරමින් තිබියදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.

මියගිය අය අතර ළමුන් තිදෙනකු ද සිටින බවත් අනතුරින් පසු රථයේ රියදුරු අතුරුදන්වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.

තුවාල ලැබූවන්ගෙන් 12 දෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇත.

ඉදිවෙමින් පවතින මාර්ග කොටසක වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මාසයක් ඇතුළත දිස්ත්‍රික්කයේ සිදුවූ දෙවන ප්‍රධාන මාර්ග අනතුර මෙය වන අතර පසුගියදා සුන්කොසි ගඟට බස් රථයක් පෙරලීමෙන් 17 දෙනකු ජීවිතක්ෂයට පත්විය.

(එන්ඩීටීවී ඇසුරිණි - 085)

 



අදහස් (0)

නේපාලයේ බස් රථ අනතුරකින් 14 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 592 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site