මෙක්සිකෝවේ ජාලිස්කෝ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක වෑන් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 14 දෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අනතුරින් පසු ගින්නක් ද පිපිරීමක් ද හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
මියගිය අයගේ සිරුරු සම්පූර්ණයෙන්ම ගිනිබත් වී ඇත.
අසාධ්‍ය තත්ත්වයේ පසු වූ බිළිඳෙකු සහ වැඩිහිටියෙකු ගුවනින් රෝහල් කර ගෙනයන ලදී.
දැව කඳන් තොගයක් පටවා තිබූ ට්‍රක් රථය මාර්ගය අයිනේ නවතා තිබී ඇති අතර වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ වෑන් රථය එහි ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd