චීනයේ නිරිත දිග ගුයිෂෝ පළාතේ ගල් අඟුරු ආකරයක සිදුවූ පිපිරීමකින් 14දෙනකු පමණ මියගොස් තිබේ.
කම්කරුවන් හත්දෙනකු ආරක්ෂිතව බේරාගෙන ඇති අතර කම්කරුවන් දෙදෙනකු තවමත් පතලේ සිරවී සිටින බව බලධාරීහු පවසති.
ඔවුන් දෙදෙනා බේරා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති බව සඳහන් වේ. පසුගිය මාස කිහිපයේ චීනයේ ගල් අඟුරු ආකරවල සිදුවූ අනතුරු පහකින් පුද්ගලයන් 37දෙනකු මියගොස් තිබේ.
පසුගිය වසරේ චීනයේ සිදුවූ පතල් අනතුරු වලින් 333දෙනකු මියගොස් ඇත. දුර්වල ආරක්ෂක උපක්‍රම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බව මාධ්‍ය සඳහන් කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චීනයේ ගල් අගුරු ආකරයක පිපිරීමකින් 14 ක් මරුට