IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


අප්‍රිකානු සූකර උණ රෝගයට ඉන්දුනීසියාවත් ගොදුරු වෙයි

ඌරන්ට මාරාන්තික වන අප්‍රිකානු සූකර උණ රෝගයට ගොදුරු වූ නවතම ආසියානු රට බවට ඉන්දුනීසියාව පත්ව තිබේ.

උතුරු සුමාත්‍රාවේ ඌරන් 30000කට ආසන්න සංඛ්‍යාවක් මෙම රෝගයෙන් දැනට මියගොස් ඇති බව එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
 සූකර උණ හේතුවෙන් මෙම වසරේ චීනයේ ඌරු ගහනය අඩකින් අඩුවී ඇතැයි වාර්තා වේ.
 
මෙම රෝගය ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම වැලැක්වීම සඳහා ජෛව ආරක්ෂණ හා නිරෝධායන උපක්‍රම දැඩි කිරීමට එරට බලධාරීහු පියවර ගත්හ.
 
සූකර උණ වෛරය මිනිසුන්ට හානිකර නොවන නමුත් එමගින් ඌරු ගහනයක මරණ අනුපාතය සියයට සීයක් දක්වා ඉහල යාමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 
 
ශක්තිමත් වෛරසයක් වන මෙය ධාරකයෙකු නොමැතිව දින හතරක් සහ ශීත කළ ඌරු මස් නිශ්පාදන වල මාස ගනනක් නොනැසී පවතී.
 
ගිනිකොනදිග ආසියානු කළාපයේ රටවල් අතරින් පිලිපීනයේ හා වියට්නාමයේ ද දරුණු ලෙස වෛරසය පැතිිරෙමින් පවතියි.
 
මේ හේතුවෙන් වියට්නාමයේ ඌරු මස් නිශ්පාදනය මෙම වසරේ සියයට 21කින් සහ ලබන වසරේ තවත් සියයට අටකින් පහල යනු ඇතැයි අනතුරු අඟවා ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

අප්‍රිකානු සූකර උණ රෝගයට ඉන්දුනීසියාවත් ගොදුරු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 592 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site