IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


විරෝධතාවලට වෙඩි -5 දෙනෙක් මරුට

සංශෝධිත පුරවැසි පනතට එරෙහිව පැවැති විරෝධතාවලට පොලිසිය කළ වෙඩි තැබීම්වලින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබේ.

පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ නගර රැසක විරෝධතා පැවැත්වෙන අතර ඇසැම් ප්‍රාන්තයේ පැවැති විරෝධතාවලදී පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීය. මේ වනවිට එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ගිනි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ බව කියන 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බවත් 2,000කට වැඩි පිරිසක් පොලිස් රැඳවුම් භාරයේ සිටින බවත් ඇසෑම් ප්‍රාන්ත ආණ්ඩුව ප්‍රකාශ කළේය.

බ්‍රහ්මපුත්‍ර නිම්න ප්‍රදේශයේ සහ මෙගාලයා ප්‍රාන්තයේ අගනුවර වන ෂිලෝන්හි ඇඳිරි නීතිය ලිහිල් කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇත.
පුරවැසි පනතට එරෙහිව පැවැති විරෝධතා ඉරිදා දිනයේදී ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය.

ඉරිදා දිනය ගෙවීගිය යද්දි තත්ත්වය පාලනය කර ඇතැයි බලධාරීන් කීවද සඳුඳා අලුයම දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කිරීමටත් ජංගම දුරකතන හා අන්තර්ජාල සේවා තාවකාලිකව නවතා දැමීමටත් බලධාරීන් පියවර ගෙන තිබිණි.

“අපි 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 2,000ක වැඩි පිරිසක් මේ වනවිට රැඳවුම් භාරයේ සිටිනවා. අනෙක් පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විඩියෝ පට බලනවා” යැයි ඇසෑම් ප්‍රාන්ත පොලිසියේ අධ්‍යක්ෂ බස්කාර් යෝටි මහන්තා පැවැසීය.

වෙඩි තැබීම්වලින් සිදු වූ තුවාල නිසා ගුවහටි වෛද්‍ය විද්‍යාල රෝහලේදී එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. ගුවහටි සහ දිබ්රුගාර්හිදී සිදු වූ පොලිස් වෙඩි තැබීම්වලින් සහ බැටන් පොලු ප්‍රහාරවලින් තවත් තිදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. ටින්සුකියා සහ දරාන්ග් දිස්ත්‍රික්කවලදී කලහාකාරී පිරිස් කළ ගිනිතැබීම්වලින් පුද්ගලයන් දෙදෙනක් මරුමුවට පත්වූහ.

(ද හින්දු 055)



අදහස් (0)

විරෝධතාවලට වෙඩි -5 දෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 592 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site