කොංගෝ ජනරජයේ ඉබෝලා රෝගීන් වාර්තා වීම ඉහළගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
සටන්කාමීන් සෞඛ්‍ය කඳවුරු වලට පහර දීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් කඳවුරු වලින් ඉවත්වීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.
කිවු හා ඉටුරි පළාත්වල පසුගිය සතිය ඇතුළත පමණක් ඉබෝලා රෝගීන් 27දෙනකු වාර්තා වී ඇත.
ලොව දෙවන විශාලතම වසංගතය ලෙස හැඳින්වෙන ඉබෝලා රෝගයෙන් මේ වනවිට මරණ 2210 ක් සිදුවී ඇති අතර 3340 කට රෝගය වැළඳී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ඉබෝලා වේගයෙන් පැතිරෙන අතර ශාරීරික තරල හරහා බෝවීම සිදුවෙයි.
සති දෙකකට පෙර නැගෙනහිර කොංගෝවේ සටන්කරුවන් ඉබෝලා ප්‍රතිචාර මධ්‍යස්ථාන දෙකකට පහර දුන් අතර හතරදෙනකු මියගොස් කිහිපදෙනකු තුවාල ලැබීය.
එයින් පසු වසංගතය පාලනය කිරීමට ගත් උත්සාහයන් බරපතල ලෙස පසුබෑමට ලක්වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම සත්තු රෝහල් වලටත් පහර දෙන්න තරන් , පොතේ එහෙම කියල තියනවද දන්නේ නැහැ