කොංගෝ ජනරජයේ ඉබෝලා රෝගීන් වාර්තා වීම ඉහළගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
සටන්කාමීන් සෞඛ්‍ය කඳවුරු වලට පහර දීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් කඳවුරු වලින් ඉවත්වීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.
කිවු හා ඉටුරි පළාත්වල පසුගිය සතිය ඇතුළත පමණක් ඉබෝලා රෝගීන් 27දෙනකු වාර්තා වී ඇත.
ලොව දෙවන විශාලතම වසංගතය ලෙස හැඳින්වෙන ඉබෝලා රෝගයෙන් මේ වනවිට මරණ 2210 ක් සිදුවී ඇති අතර 3340 කට රෝගය වැළඳී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ඉබෝලා වේගයෙන් පැතිරෙන අතර ශාරීරික තරල හරහා බෝවීම සිදුවෙයි.
සති දෙකකට පෙර නැගෙනහිර කොංගෝවේ සටන්කරුවන් ඉබෝලා ප්‍රතිචාර මධ්‍යස්ථාන දෙකකට පහර දුන් අතර හතරදෙනකු මියගොස් කිහිපදෙනකු තුවාල ලැබීය.
එයින් පසු වසංගතය පාලනය කිරීමට ගත් උත්සාහයන් බරපතල ලෙස පසුබෑමට ලක්වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සටන්කාමීන් සෞඛ්‍ය කඳවුරු වලට පහර දීමෙන් පසු ඉබෝලා රෝගීන් වාර්තා වීම ඉහළට
Akila Saturday, 14 December 2019 02:26 AM
නියම සත්තු රෝහල් වලටත් පහර දෙන්න තරන් , පොතේ එහෙම කියල තියනවද දන්නේ නැහැ