ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ඉන්දියානු සංචාරය අවලංගු කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාවේ ඊසාන දිග කළාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම සංචාරය අවලංගු කර තිබේ.
ජපාන අගමැතිවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීම මෙම සංචාරයේ අරමුණ වූ අතර පහසු දිනයකට සංචාරය කල් දැමීමට දෙපාර්ශවටම එකඟ වී ඇත.
සාකච්ඡා අසාම් ප්‍රාන්තයේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණ.
නව පුරවැසි පනතට විරෝධය පළකරමින් අසාම් ප්‍රාන්තයේ කළහකාරී ක්‍රියාවන් සිදුකළ මැර පිරිසක් මැඩපැවැත්වීමට පොලිසිය විසින් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව සඳහන් විය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd