බෝවන රෝග වැළැක්වීමට ජපානය, චීනය සහ දකුණු කොරියාව එකඟත්වයක් ඇතිකර ගෙන තිබේ.

දකුණු කොරියාවේ සෝල් නුවර දී මෙම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර හමුවක් පැවැත්වුණි.

එහිදී ඇතිකර ගත් එකගතාවක් අනුව බෝවන රෝග පැතිරීම වැළැක්වීම සඳහා වේගවත් තොරතුරු හුවමාරු කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය.

ආසියාවේ සහ ලෝකය තුළ යහපත් සෞඛ්‍ය තත්ත්වයක්  සහතික කිරීම සඳහා මේ ඔස්සේ කටයුතු කරන බව ජපාන සෞඛ්‍ය අමාත්‍ය කත්සුනොබු කටෝ මහතා පැවසීය.

මෙම රටවලට පොදුවේ බලපා ඇති ජනගහනය ඉහළ යෑමේ ගැටලුව සම්බන්ධයෙන් ද මෙම හමුවේදී අමාත්‍යවරුන්ගේ අවධානය යොමුවිය.

-226-

(එන්.එච්.කේ. ඇසුරෙනි)