IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක්

දකුණු දිග පිලිපීනයේ මින්දනාවෝ දූපත්වල රික්ටර් මාපකාංක 6.8ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් අද (15) හටගෙන ඇත.

ඉකුත් ඔක්තෝබර් මාසයේ එම ප්‍රදේශයේම ප්‍රබල කම්පන රැසක් හටගත් බව ද භූ විද්‍යාඥයෝ පවසති.

භූ කම්පනය වැඩිම බලපෑමක් එල්ල කළේ මින්දනාවෝ දූපත්වල ජනාකීර්ණ නගරයක් වන ඩවාවෝ වෙතටය. භූකම්පනයෙන් සැලකිය යුතු හානියක් වී ඇතැයි ද පිලිපීනයේ යමහල් (ගිනිකඳු) අධ්‍යයන පිළිබඳ ආයතනය සඳහන් කරයි.

මෙම භූකම්පනයෙන් සුනාමි අවදානමක් නැතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ සමීක්ෂණ ආයතනය සඳහන් කළේය. භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.9ක් ලෙස සටහන් වූයේ යැයි ද එම ආයතනය කලින් සඳහන් කර තිබිණි.

පිලිපීනයට නිරන්තරයෙන් භූකම්පනවලින් බලපෑම් එල්ල වේ. පිලිපීනය පිහිටා ඇත්තේ ශාන්තිකර සාගරයේ “රින්ග් ඔෆ් ෆයර්” නමින් හඳුන්වන කොටසේය. මෙම ප්‍රදේශවල නිරන්තරයෙන් භූකම්පන ඇතිවන අතර ගිනිකඳු ද පුපුරා යයි.

මින්දනාවෝහි අද භූකම්පනය හටගත් ප්‍රදේශයේම පසුගිය ඔක්තෝබර් මාසයේදී රික්ටර් මාපකාංක 6.0ට වඩා වැඩි භූකම්පන තුනක් හටගත්තේය. එම භූකම්පනවලින් 20කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර කාර්යාල ගොඩනැගිලි, පාසල් ඇතුළු ගොඩනැගිලි රැසකට බරපතළ හානි සිදුවිය.

පසුගිය දශක කිහිපයේදී පිලිපීනයට ප්‍රබල භූමිකම්පා රැසක් බලපෑ අතර 1990 වසරේ දී පිලිපීනයේ බාග්යෝ හි හටගත් භූකම්පනයෙන් 1,200කට වැඩි පිරිසක් මරණයට පත්වූහ. එම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 7.8ක් ලෙස සටහන්ව තිබිණි.

(ඒ.එෆ්.පී.  ඇසුරිනි)

055

 

 



අදහස් (0)

පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site