මුස්ලිම් නොවන නීති විරෝධී සංක්‍රමණිකයින්ට පුරවැසිභාවය ලබාදීමට අදාළ ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් විය.
මුස්ලිම් ලීගය නමැති දේශපාලන පක්ෂය එය ගොනු කර තිබේ.
ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය හා පකිස්ථානය යන රටවල සංක්‍රමණිකයින්ට අදාළව ක්‍රියාත්මක වන මෙම පනත ඊයේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මත විය.
සියලු දෙනාට සමානව සැලකීමේ මූලික අංගය පනතින් උල්ලංඝණය වී ඇතැයි පෙත්සම්කාර පාර්ශ්වය පවසයි.
මෙම පනතට එරෙහිව මේ වන විට ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ ද පැවැත්වේ.
-226-
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd