‘‘දේශගුණික විපර්යාසවලට හේතුව කුමක්දැයි කවුරුවත් දන්නේ නැහැ‘‘ යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (19) පැවැසීය.
දේශගුණික විපර්යාස මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන්නක්ද නැතහොත් විශ්වීය ක්‍රියාවලිය නිසා සිදුවන්නක් ද කියන්න බැහැ යැයි රුසියානු ජනාධිපතිවරයා කීවේය.
“දේශගුණික විපර්යාස ඇතිවුණේ කොහොමද කියන්න කවුරුවත් දන්නේ නැහැ” යැයි වර්ෂ අවසාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රුසියානු ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.
“අපි දන්නවා පෘථිවියේ ඉතිහාසය. උණුසුම් කාලවකවානු තිබුණා. ඒ වගේම ශීත කාලත් තිබුණා. එය තීරණය වන්නේ විශ්වයේ ක්‍රියාවලිය මත” යැයි ද හෙතෙම කීය.
“පෘථිවියේ භ්‍රමණ කෝණයේ පුංචි හරි වෙනසක් නිසා හෝ පෘථිවිය සූර්යා වටා කැරැකෙන කක්ෂයේ පුංචි වෙනසක් හරි නිසා හෝ පෘථිවිය දරුණු දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්න පුළුවන්” යැයි ද ඔහු තර්ක කළේය.
එහෙත් දේශගුණික විපර්යාස බරපතළ ගැටලුවක් යැයි පිළිගත් රුසියානු ජනාධිපතිවරයා දේශගුණය දරුණු හා විශාල වශයෙන් වෙනස් වීම වැළැක්වීමට පියවර ගත යුතු බව ද කීවේය.
රුසියාවේ මොස්කව් අගනුවර මේ වනවිට උණුසුම් කාලගුණ තත්ත්වයක් දක්නට ලැබේ. එය දෙසැම්බර් මාසයේදී මොස්කව් නුවර සාමාන්‍යයෙන් දක්නය ලැබෙන තත්ත්වයක් නොවේ.
රුසියාව උණුසුම් වන ආකාරය පෘථිවියේ අනෙක් ස්ථානවලට වඩා සෙල්සියස් අංශ 2.5කට වඩා වැඩි යැයි ද පුටින් කීවේය.
“මේ ක්‍රියාවලිය අපේ රටට ඉතා බරපතළ ලෙස බලපා තිබෙනවා. අපේ රටට බලපාන ප්‍රතිවිපාක අඩු කිරීම සඳහා අපි ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ද හෙතෙම කීය.
බටහිර රටවල් හා සැසඳීමේදී රුසියාව පිට කරන කාබන් වායු ප්‍රමාණය ඉතාම අඩු යැයි කී රුසියානු ජනාධිපතිවරයා රුසියාව සෑම විටම පැරිස් දේශගුණික ප්‍රඥප්තියට අනුව ක්‍රියාකළ බව ද කීය.
දේශගුණික විපර්යාසවලින් වැඩිම අවදානමක් ඇත්තේ රුසියානු කලාපයට බව කී ජනාධිපති පුටින් එම කලාපයේ ගොඩනැගිලි බොහෝ විට ඉදි කෙරෙන්නේ නිත්‍ය තුහින මත යැයි ද කීවේය.
“ඒවා දිය වුණොත් ඉතා විශාල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙනවා” යැයි ද ඔහු කීය.
මොස්කව් අගනුවරට උතුරින් පිහිටි කාලගුණ මධ්‍යස්ථානය උෂ්ණත්වය මැන බලා තිබූ අතර එය සෙල්සියස් අංශක 5.4ක් ලෙස සටහන්ව තිබිණි. ශතවර්ෂයකට පසු දෙසැම්බර් මාසයේදී වාර්තා වූ වඩාත් උණුසුම් තත්ත්වය එය යැයි ද වාර්තා විය.
ඒ.එෆ්.පී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැමදෙයක්ම වෙන්නේ බයිබලයේ සඳහන් පරිදි සර්වබලධාරි දෙවියන්ගේ කැමැත්තට අනුවයි. ඒ නිසා උඩ බලාගෙන කෙලගහගන්න ලැහැස්ති වෙන්න එපා.
කිසිම වග විභාගයක් නැතිව ස්වභාවධර්මය වෙනස් කරන්න ගියාම වෙනදේ තමා කාලගුණ විපර්යාසය. ස්වාභාවධර්මයා විසින් තමා ඔය කියන පිටස්තර බලපෑම් අවම කිරීම සඳහා නිර්මාණයන් සලසා තියෙන්නේ... උදාහරණයක් ලෙස යුරල් කඳුවැටියේ පිහිටීම. සයිබීරියානු වනාන්තරවල ස්වභාවික පිහිටීම්... මිනිසා විසින් කොපමණ දේ වෙනස් කර තියනවාද යයි ඔබ රටතුළින්ම දැක බලාගත හැකිය. හිතන්න නෂ්ටික අවි සඳහා භාවිතයට ගන්නා මූලද්‍රව්‍යයක් වන යුරේනියම් ඇයි මතුපිට පෘෂ්ටයේ නොමැතිව සෑහෙන පොළව යටින් තියෙන්නේ කියලා?. සියලුම ප්‍රාණයින්ට අත්‍යවශ්‍ය ජලය මතුපිට පෘෂ්ටයේ තියෙන්නේ? හිරු නැග එන්නේ? බැස යන්නේ? ඔබ අයිස් මිදුණු තටාක වලට බැස නෑමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?