IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


මුස්ලිම් වැසියන් ඉන්දියාවෙන් පලායාවීයි යැයි ඉම්රාන් ඛාන් කියයි

මතභේදාත්මක ලෙස කාෂ්මීර ප්‍රාන්තයේ දිගින් දිගටම ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් සහ ඉන්දියාවේ නව පුරවැසි නීතිය හේතුවෙන් මිලියන ගණනක් මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පලා යනු ඇතැයි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.
 
ජිනීවාහි සරණාගතයින් පිළිබඳ ගෝලීය සංසදය අමතමින්  ඉම්රාන් ඛාන් එසේ පවසා ඇත.
 
 "මෙය හුදෙක් සරණාගත අර්බුදයක් පමණක් නොව න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ රටවල් දෙකක් අතර ගැටුමකට ද තුඩු දෙනු ඇතැයි අපි බිය වෙමු" යනුවෙන් පකිස්ථාන අගමැතිවරයා පවසයි.

සරණාගතයින් සඳහා තවදුරටත් නවාතැන් දීමට පකිස්ථානයට නොහැකි වනු ඇති බවත් ඔහු අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධව කටයුතු කරන ලෙස ඔහු ජාත්‍යන්තරයෙන්ද ඉල්ලා ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (6)

මුස්ලිම් වැසියන් ඉන්දියාවෙන් පලායාවීයි යැයි ඉම්රාන් ඛාන් කියයි

eresh S kumara Wednesday, 18 December 2019 07:06 AM

අරබි රටකට වඩා වැඩි මුස්ලිම් ප්‍රමාණයක් ඉන්දියාවේ ඉන්නවා. කොහේ කියලා යන්නද ඉතින් ..අනික සරණාගතයෝ කියලා කවුරු බාරගනිවිද

:       0       0

beau Wednesday, 18 December 2019 12:38 PM

එහෙනම් ඉන්දියාවට හොඳයිනේ...

:       0       0

Nuwan Wednesday, 18 December 2019 01:00 PM

සරණාගතයින් සඳහා තවදුරටත් නවාතැන් දීමට පාකිස්ථානයට නොහැකි වනු ඇති බවත්, ඔහු අවධාරණය කර තිබේ. හරි ශෝක්... මුස්ලිම් රටවලටත් බැරිද මුස්ලිම් සරණාගතයින්ට රැකවරණ දෙන්න... එහෙනම් මොකටද බලහත්කාරයෙන් ලංකාව මියන්මාරය වගේ රටවලට යවන්නේ?

:       0       0

රවින් Wednesday, 18 December 2019 01:09 PM

කියන්න පලායන්න කියලා. හැබැයි අසල්වැසි රටවලට නොවේ. ලෝකේ අර්බුද ඇතිකරන හා එකිනෙකා අවුලවා තම යුද උපකරණ විකුණන රටවලට. ඇති කරන්න කියන්න ඒ රටවල අර්බුද. එවිට අසල්වැසි රටවලට සාමය උදාවේවි... ලොවට සාමය උදාවේවි.

:       0       0

chandima Wednesday, 18 December 2019 03:12 PM

ඇඳිරිනීතිය දාපුවම එහෙම රට අතහැර පලා යනවා නම් අපිත් එහෙම කරමුකෝ. ඕන නම් අපිත් අරමුදලක් පිහිටුවල නොමිලේ බෝට්ටු සේවයක් පටන් ගන්න සම්මාදන් වෙන්නම්.

:       1       0

SL Thursday, 19 December 2019 04:43 AM

මුස්ලිම් ආගමිකයින් නිවරදි විය යුතුයි. හැම ජන කොට්ඨාෂයක්ම මුස්ලිම් අයගෙන් ඈත්වෙන්න හේතුව ඔවුන්ගේ ඇති ආත්මාර්ථකාමී ආගමික උන්මාදයයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 592 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site