බංගලාදේශයේ ඩකා නුවර විදුලි පංකා කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 10දෙනකු මියගිය බව පොලිසිය පවසයි.
තෙමහල් කර්මාන්තශාලාවක් වන මෙය ඩකා නුවරට නුදුරින් ගාසිපූර්හි පිහිටා ඇත.
ගින්න ඇතිවන අවස්ථාවේ එහි සේවකයන් කොපමණ සිටියාද යන්න හෝ ගින්නට හේතුව හෝ පැහැදිලි නැතැයි බලධාරීහු පවසති.
ගිනි නිවන භටයන්ට ගින්න පාලනය කිරීමට පැය දෙකක පමණ කාලයක් ගතවූ බවත් ඔවුන් තවදුරටත් කර්මාන්ත ශාලාව තුළ සෝදිසි කරමින් සිටින බවත් සඳහන් වේ.
ඩකා නුවර ආසන්නයේ ප්ලාස්ටික් කම්හලක ඇතිවූ ගින්නකින් 19දෙනකු මියගියේ මීට දින හතරකට පෙරදී ය.
ඩකා නගරයේ කර්මාන්ත ශාලාවල මෙවැනි අනතුරු බහුලව සිදුවන අතර නිසි ආරක්ෂණ පියවර අනුගමනය නොකිරීම හා නොසැලකිලිමත්කම එයට හේතුව බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බංගලාදේශයේ කම්හලක ගින්නකින් 10ක් මරුට