චීනය සමඟ සාර්ථක වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට හැකිවනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ගෝලීය කොටස් වෙළෙඳපොළවල වර්ධනයක් පෙන්නුම් කර ඇත.
චීනය සමඟ විශ්වාසනීය වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට ඉතා ආසන්න බවත් ආයෝජකයන් නව අවස්ථා ලබාගැනීමට සූදානම් විය යුතු බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
කෙසේ නමුත් මහ මැතිවරණය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පවුම පහළ ගොස් තිබේ. මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ රැඳී සිටීද නැද්ද යන්න තීරණය වනු ඇතැයි බොහෝ දෙනා පෙන්වාදෙති.
“චීනය සමඟ ලොකු ගිවිසුමකට ඉතාම ආසන්නයි. ඔවුන්ටත් ඕනෑ වුණා. ඒ වගේම අපිටත්” යනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.
ලොව විශාලතම ආර්ථිකයන් දෙකට හිමිකම් කියන ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය වසර දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ වෙළෙඳ යුද්ධයකට පැටළී සිටී. දෙපාර්ශවයේ නියෝජිතයන් අතර මාස කිහිපයක සිට සාකච්ඡා පවතින අතර අර්ධ ගිවිසුමකට එළැඹීමට ඔවුන් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය ලබන ඉරිදා නැවත වරක් චීනයට එරෙහිව තීරුබදු ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර ඊට පෙර දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති කරගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ ඇමෙරිකානු ඩොලරය ද ශක්තිමත් වූ අතර තෙල් මිල ගණන් ද යහපත් ප්‍රවණතාවක් පෙන්වා ඇත.
ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබුණහොත් එය ගෝලීය ආර්ථිකයට හිතකර වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
ඒ.එෆ්.පී
055
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෝලීය කොටස් වෙළෙඳපොළවල වර්ධනයක්