ශ්‍රීලනිප මන්ත්‍රීවරු 18ක් සැප්තැම්බරයේදී ආණ්ඩුවෙන් ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූර හොබවන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ලබන සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා ලංකාදීපයට පැවසීය. 01 July 2017
ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ. 30 June 2017
කොටගල කේම්බ්‍රිජ් විද්‍යාලයට පොලිස් ආරක්ෂාව නුවරඑළිය කොටගල කේ‍්‍රම්බි‍්‍රජ් දෙමළ විද්‍යාලයේ ගුරුවරුන්,දෙමවිපියන් සහ සිසුන් අතර ඇති වු බව කියන ගැටුමක් හේතුවෙන් එම පාසලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ. 30 June 2017
තැපැල් වර්ජනය අවසන් තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දුව මත සිය අඛණ්ඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. 30 June 2017
සයිටම් ජනසතු නොකළොත් අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් ලබන සතියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. 29 June 2017
උමා ඔය ගැටලුව ගැන සොයන්න විදේශ විශේෂඥයන් ජනතාවට සිදුවන හිරිහැරය වළක්වමින් උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහාය ගැනීමට අපේක්ෂා කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) නුවරඑළියේ දී පැවසීය. 29 June 2017
උතුරු පළාතට නව ඇමැතිවරු දෙදෙනෙක් උතුරු පළාත් සභාවේ පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන් නව අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (29) උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දුන්හ. 29 June 2017
‘උමා ඔය ප්රශ්නය විසඳුවේ නැත්නම් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටිනවා‘ - හරීන් උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජූනි 30 වැනිදා සවස 6ට ජනපති නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද(29) සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 28 June 2017
උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල උණුසුම් වෙයි උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද(28) උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත. 28 June 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති කබීර් හෂීම් මහතා කියයි. 27 June 2017
මිල කළ නොහැකි රන් අබරණ තොගයක් රේගුවේදී අත්අඩංගුවට වටිනාකම ගණනය කළ නොහැකි රන් ආබරණ තොගයක් බැංකොක් සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ බණ්ඩාරගම ව්‍යාපාරිකයෙන් ගුවන්තොටුපොළ රේගුවෙන් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය. 27 June 2017
ඕස්ට්‍රේලියා ගිය අනවසර සංක්‍රමණිකයන් 20ක් ආපසු ලංකාවට එවති බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස ඕස්ටේ්රලියාවට සංක්රමණයවී සිටි ශ්‍රී ලාංකිකයින් 20කට ආසන්න පිරිසක් අද(26) යළි ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇතැයි ‘‘ ද ඕස්ටේ්රලියන් ’’ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කළේය. 26 June 2017
මහ දවල් ලක්ෂ 80ක් කොල්ලකති ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයකට අයත් රුපියල් ලක්ෂ 80 ට ආසන්න මුදල් වෑන් රථයකින් රැගෙන යමින් තිබියදී අද (26) දහවල් රාගම කඩවත පාරේදී පිරිසක් විසින් එම මුදල් කොල්ල කා පළාගොස් ඇතැයි පොලිසිය කියයි. 26 June 2017
තවත් වෛද්‍ය සිසුවෙක් අත්අඩංගුවට සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත් කාරයෙන් කඩා වැදි එහි දේපළ වලට පහර දි අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ශිෂ්‍ය නායකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 June 2017
විශේෂ ගැසට් නිවේදනය එනතුරු සයිටම් බඳවා ගැනීම් හා උපාධි නවතයි සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත රජය ඉදිරිපත් කරන යෝජනා ඇතුළත් විශේෂ නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉදිරිපත් කර ඇත. 25 June 2017
ටිපර්-ත්‍රීරෝද රථ අනතුරෙන් තුනක් මරුට කොළඹ කතරගම මාර්ගයේ හුංගම ලුණුම දුටුගැමුණු විද්‍යාලය අසල දී අද (25) අලුයම සිදුවු රිය අනතුරකින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි හුංගම පොලිසිය කියයි. 25 June 2017
දොස්තර වර්ජනය අවසන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දින දෙකක් පවත්වාගෙන ගිය වෛද්‍ය වැඩ වර්ජනය මීට සුළු මොහොතකර පෙර අවසන් කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි 24 June 2017
මවත් දරු දෙදෙනාත් කපා කොටා දැමීමෙන් දියණිය මියයයි කොටදෙණියාව හෙලගම කිතුල්වල නිවසකදී මව සහ දරුවන් දෙදෙනකට තියුණු ආයුද වලින් පහරදීම හේතුවෙන් හය හැවිරිදි දැරියක මියගොස් මව සහ අනෙක් දැරිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. 24 June 2017
සයිටම් විරෝධී සිසුහු වීඩියෝ කළ පොලිස් නිලධාරීන්ට පහර දෙති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රුහුණ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පැවැත්වූ විරෝධතාවයකදී සිසුන්ගේ ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් මාතර රෝහලට ඇතුළත් කරනු ලැබූහ. 23 June 2017
රජිව් ඝාතන සැකකරු මැරෙන්න අවසර ඉල්ලයි ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වසර විසි හයක් තිස්සේ බන්ධනාගාර ගත කර සිටින රොබට් පයාස් නැමති චූදිත එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමන්ට මරණයට පත් වීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් එරට බන්ධනාගාර බලධාරීන් ගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි ඉන්දියාවේ පළවන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි. 23 June 2017
වෛද්‍ය වර්ජනය නතර කරන්න පස්වරු 3 වන තුරුත් තීරණයක් නෑ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර අද(23) දින ගෙවී ගිය කාලයේ රෝහල්වල රෝගී සත්කාර සේවා බිඳවැටී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 23 June 2017
අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ලබන ජූලි 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් දුලානි එස්. වීරතුංග මහත්මිය අද(23) නියෝග කළාය. 23 June 2017
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්විය. 23 June 2017
සයිටම් නිසා වෛද්‍යවරු ගහ ගනිති සයිටම් අර්බුදය නිමා කරමු මැයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විද්වත් සමුළුවකදී වෛද්‍යවරුන් පිරිසක් අතර ඇති වු ගැටුමකින් පහර කෑමට ලක්වූ එක් වෛද්‍යවරයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 22 June 2017
‘වෛද්‍ය වර්ජනය ගැන රජය මෙතෙක් නොගත් ක්‍රියාමාර්ග ගන්නවා‘ - රාජිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් මෙතෙක් කල් නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සුදානම් යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 22 June 2017
වෛද්‍ය වර්ජනය අඛණ්ඩවම සයිටම් විරෝධී සරසවි සිසුන්ට ඊයේ(21) කළ පහරදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම සංගමය පවසයි. 22 June 2017
උදෑසන අටේ සිට වෛද්‍යවරු වැඩ වරති සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන 8.00සිට වැඩ වර්ජනයක නිරත වන බව එම සංගමය කියයි. 21 June 2017
සිසු විරෝධතාව විසිරුවද්දී 87කට තුවාල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි කියයි. 21 June 2017
ඥානසාර හිමිට නඩු තුනෙන්ම ඇප බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවැති තවත් නඩුවකදී ඒ හිමියන් රුපියල් 10000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය. 21 June 2017
ඥානසාර හිමිට යළිත් ඇප සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඇප නියම කළේය. 21 June 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025