ලලිත් - අනූෂ බන්ධනාගාර රෝහලට පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීමකට වැරදිකරුවන් වී සිරගෙට නියමවූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ අනූෂ පැල්පිට අද(8) දහවල් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි. 08 September 2017
ලලිත් වීරතුංග - අනූෂ පැල්පිට අභියාචනයකට සැරසෙති විදුලි සංදේශ නියාමන කොමිසමේ කෝටි 60ක මුදලක් වැය කර පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බේදා දීමේ චෝදනාවන්ට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ අනූෂ පැල්පිට මහතා වැරදිකරුවන් කරමින් දුන් නියෝගයට එරෙහිව අභියාචයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා අද අධිකරණයට දැනුම් දුන්නේය.. 07 September 2017
අනුෂ පැල්පිට - ලලිත් වීරතුංගට වසර තුනක සිරදඬුවම් පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු තුනක බරපතල සිරදඬුවම් නියම කිරිමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (7) නියෝග කළේය. 07 September 2017
ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට වැරදිකරුවෝ වෙති පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(7) තීරණය කළේය. 07 September 2017
පර්පචුවල් නීතිඥවරයා ඉවත් වීමට තීරණය කරයි බැඳුම්කර කොමිසමේදී පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා මින් ඉදිරියට එම ආයතනය වෙනුවෙන් පෙනී නොසිටින බව බැඳුම්කර කොමිසමට අද (07) දැනුම් දුන්නේය. 07 September 2017
පළාත් සභා ඡන්දයට සූදානම් වෙන්න - ජනපති පළාත් සභා ඡන්දය සදහා සූදානම් වන්නැයි ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇත. 06 September 2017
කැබිනට් රැස්වීමේදී එස්.බී - සුසිල් ගැටෙති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී සුසිල් ප්‍රේමජයන්ත සහ එස්.බී.දිසානායක යන අමාත්‍යවරුන් අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව වාර්තා වේ. 06 September 2017
දේශීය ආදායම් පනතේ ඡන්දය හෙට දේශීය ආදායම් පනත් කෙටුම්පත හෙට (07) පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිත ය. 06 September 2017
පර්පචුවල් ප්‍රධාන ගැණූම්කරුට විශේෂ ආරක්ෂාවක් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතාට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස කොමිසම අද (06) නියම කළේය. 06 September 2017
බැඳුම්කර සිද්ධියට හිටපු මන්ත්‍රීවරියකගේ පුතාත් පැටළෙයි බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පළමු කෝප් කමිටුවේදී දුන් සාක්කිවල පිටපත් එහි සාමාජිකාවක වූ හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ පුත් කණිෂ්ක සේනානායක මහතා විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට ලබා දෙනු ලැබ ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ හෙළිවිය. 06 September 2017
කලකිරුණු ශ්‍රිලනිප මැති ඇමැති 12 ක් අද ජනපති හමුවට ආණ්ඩුවෙන් ඉවත්වන බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (6) සවස ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ. 06 September 2017
ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම්කර තිබේ. 05 September 2017
‘හමුදාව යාපන බලකොටුවට ගියොත් හොඳයි‘- ආණ්ඩුකාරවරයා කියයි යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල තැනින් තැන රැඳී සිටින යුද හමුදාව අක්කර 45 කින් සමන්විත යාපනය බලකොටුවට යාම සාධාරණ බව උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා පවසයි. 05 September 2017
නිල ඇඳුම් ඇඳන් අපරාධ කරන්න බෑ - සරත් ෆොන්සේකා ප්‍රේමවතී මනම්පේරි දූෂණය කර ඝාතනය කළ අයත් ඇඹිලිපිටියේ ශිෂ්‍ය ඝාතන සිදු කළ අයත් එල්ලුම් ගස් යැවූ බවත්, නිල ඇඳුමක් ඇඳගත්ත පළියට රණවිරුවකු යැයි කියාගත්ත පළියට වැරදි කරන අය ආරක්ෂා කිරීම ජනතාවට කරන අසාධාරණයක් බවත් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 04 September 2017
ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු බව ගම්මන්පිල කියයි ජගත් ජයසූරිය මහතා යුද අපරාධ කළේ යැයි සරත් ෆොන්සේකා මහතා පවසන්නේ නම් වසර අටක් පුරා යුද අපරාධ වසන් කිරීම පිළිබඳව ඔහු වහාම අත් අඩංගුවට ගත යුතුයැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උයද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 04 September 2017
සරණ ගුණවර්ධන රිමාන්ඩ් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුවූ බව කියන අයථා සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 04 September 2017
සබරගමු සබේ සභාපතිගේ විශ්වාසභංගය ලත් තැනම නවතී විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට නොගෙන පසුගිය 28 දා පැවති සබරගමු පළාත් සභා රැස්වීම කල් දැමීමට එරෙහිව පළාත් සභා සභාපති කංචන ජයරත්න (එජනිස) මහතාට විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට එක්සත් ජාතික පක්ෂ විපක්ෂ කණ්ඩායම පැවසුව ද, එය ගෙන එන්නේ පක්ෂයේ ඉහළ උපදෙස් මත බවට එජාපයේ පසුපෙළ පළාත් සභා මන්ත්‍රීවරු පවසති. 04 September 2017
ඊළඟ ඡන්දයට පොහොට්ටුවෙන් එන බව මහින්ද රාජපක්ෂ කියයි එළඹෙන මැතිවරණයට ඒකාබද්ධ පොදු එකතුවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ වදින බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය. 03 September 2017
මේ රටේ කිසිවකුට අත තියන්න ඉඩ දෙන්නේ නෑ - ජනපති හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට පමණක් නොව මෙරට කිසිවකුට හෝ අත තැබීමට ලෝකයේ කිසිවකුට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සම්මේලනය අමතමින් පැවසීය. 03 September 2017
පොද වැස්සෙන් බණ්ඩාරවෙල නිවාසවල ටයිල් පුපුරයි බණ්ඩාරවෙලට මිලි මීටර් හයක පොද වැස්සක් වැටීමත් සමගම නිවාසවල ටයිල් පුපුරායාම් 50 ක් පමණ වාර්තා වී ඇතැයි ස්වේච්ඡා සංවිධාන පවසයි. 03 September 2017
ගීතා කුමාරසිංහ රොහල් ගත කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇත. 02 September 2017
ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙනවා - ෆොන්සේකා හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා අපරාධ සිදු කළ බවට තමා සතුව සාක්කි ඇතැයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි. 01 September 2017
20 ඌවට දකුණට ආපසු යවයි සියලූ පළාත් සභාවල ඡන්දය එකම දිනක පැවැත්වීමේ විධි විධාන ඇතුළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත නොකළ පළාත් සභාවලට යළිත් එය ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. 01 September 2017
“රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට යවන්න මම ඉඩ දෙන්නෑ“ මේ රට ආරක්ෂා කළ කිසිම රණවිරුවකු ජාත්‍යන්තර අධිකරණවලට යැවීමට තමා කිසිදු ඉඩක් නොදෙන බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය පවසයි. 31 August 2017
බ්‍රිගේඩියර් දේශප්‍රියට ඇප නියම වෙයි පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබූ හමුදා කණ්ඩායම බාරව සිටි යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන සහ යුද හමුදා සැරයන් ලලිත් ග්‍රේ යන දෙදෙනාට ඇප නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (31) නියෝග කළේය. 31 August 2017
රහස් පොලිස් අධ්යක්ෂ ගැන තීන්දුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා කවුරුන්ද යන තීරණය ජාතික පොලිස් කොමිසමෙන් අද ගනු ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. 31 August 2017
පෙළ පොත් සමග සීඩී තැටියක් පාසල් ළමුන් සදහා ඉදිරි වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් බෙදාදීමේදී එම විෂයට අදාළ සීඩී තැටියක් බෙදාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 30 August 2017
ප්‍රශ්න පත්‍ර සිද්ධියේ පහක් යළි රිමාන්ඩ් උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිට කළැයි සිද්ධියට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින රසායන විද්‍යා ගුරුවරයා,සිසුවා සහ සිසුවාගේ වෛද්‍ය පියා ඇතුළු සැකකරුවන් පස් දෙනකු ලබන 04 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද (30) නියෝග කළේය. 30 August 2017
ජගත් ජයසූරියට ජාත්‍යන්තර අධිකරණයේ නඩු යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමෙරිකා රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරා ඇතැයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය අද (29) වාර්තා කළේය. 29 August 2017
කැබිනට් රැස්වීමේදී අර්ජුන - දයාසිරි ගැටෙති ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ඛණිජ තෙල් කර්මාන්ත ඇමති අර්ජුන රණතුංග යන මහත්වරුන් අතර අද (29) උදේ පැවති කැබිනට් රැස්වීමේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ. 29 August 2017
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026