අජිත්ලාල් ශාන්තඋදය
පාර්ලිමේන්තුවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු අනූහය දෙනාම තමන් සමග එකට එකතු වෙනවානම් හෙට ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27දා) සවස රත්නපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැස්වීමක් අමතමින් පැවසුවේ ය.
එහිදී ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
‘අපිට කියනවා ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගොස්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරපු ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සංධානයේ මන්ත්‍රීවරු අනූ හයදෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලැස්තියි ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න.’
‘ඔය කුණු කන්දල් අලුත් දේශපාලන කුණු කූඬේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව, ඕකදාලා එන්න. මං ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න, හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහය මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්.’
‘මගේ ඇඟේ තියෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ ලේ’. යැයිද ජනාධිපතිවරයා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ලැජ්ජා නැහැ .පක්ෂ පාට අතහැරලා සාදාරන සමාජයක් ගොඩනගන්න ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනගන්නද ? තිබුනෙත් ඒකමනේ. එහෙම වුනොත් පසුගිය වකවානුවේ රටේ සිද්ද වුන හොර මැරකම් වලට දඩුවම් දෙනවාද ? දැන් මෙවාටනම් පිළිතුරු සපයල වැඩක් නැහැ . අපිට දුශිතයන්ගෙන් අයින් වෙලා වෙන රටක් හොයාගන්න සිද්ද වෙනවා ජීවත් වෙන්න . දඩුවම් දීල රටට ආදර්ශමත් වෙලා ඔය වැඩේ කළානම් දුක නැහැ , අපරාදේ අපේ කතිරය .
ජනපති තුමෝ ඔබතුමාව ඔය පුටුවට ගෙනත් තිබ්බේ ඔය කියන 96 දෙනා නොවේ. එක්සත් ජාතික පක්ෂයි. පුලුවන්නම් එහෙම කරලා පෙන්නන්න ඔයාගේ හතුරෝ එක්ක එකතුවෙලා. කොහොමත් අපේ මිනිස්සුන්ට කෙලෙහිගුණ කියන එක නැහැ. ඔබතුමාට ඔය පුටුවෙන් බැහැල ගිය දිනයට ඔය කියන එකෙක්වත් නැහැ ඔබතුමාව රකින්නත්, යන්න ඔය හතුරෝ එක්ක ඉදිරියට සුබ ගමන් ඔබතුමාට.
ඔක්කොම එනවලු මහින්ද මහතාට අගමැතිකම දෙනවනම්. ඊට පස්සේ ජනාධිපතිට දෝෂාබියෝගයක් ගේනවලු .එකට එක්සත් ජාතික පක්ෂයේත් සහය ලබාගන්න පුළුවන්ලු නැවතත් මහින්ද මහතාව ජනාධිපතිකරන්න පුළුවන්ලු එතකොට .කොහොමද ටිකිරි මොලේ?
අනේ මෙහෙමත් මිනිසුන්?
පොඩ්ඩක් බයවෙලා වගේ.
ගම කැවා කිව්වලු! ඔය ආණ්ඩුව පෙබරවාරි 10න් පස්සේ ඉවරද?
මෙතුමා කරන ආරාධනයක් නිසා බොහෝ දෙනෙක් මේක පිළිගන්න ඉඩ තියෙනවා.
මහින්ද මැතිතුමාට දෙන්නේ මොන ඇමැතිකමද?
මෙයා එයාල ලගට බඩ ගාගෙන ගියාට - මහිද මහත්තයා වගේ ජාතික මට්ටමේ නායකයෙක් දාල එන්න ඒ අයට පිස්සු නැහැ.
ජනාදිපති පොහොට්ටුවට බයවෙලා වගේ , ඔය දේ කරන්න තිබුනේ 2015 දී , වවුලව කසාද බැදගත්නම් එල්ලිලා ඉන්න.
අහුවෙන්න එපා , මතකනේ 2015 අගෝස්තු මැතිවරණයට කල දේ. පක්ෂයේ නායකයා පක්ෂය පරද්දන තැනට වැඩ කළා.
අනේද කියන්නෙ.. 2015 ජනවාරි 8 කිව්වෙ මම නිර්පාක්ෂික ජනාධිපති කියල නේද ? ඡන්දයක් ආවාමනෙ මෙයාගෙ නියම පාට පේන්නෙ.
මොන කතා කිවත් ඔයාගේ ටිකට් එක ඉරිලා ඉවරයි
අවුරුදු තුනේම වුන දේවල් බැඳුම්කරේ ඉස්සරහට දාලා වහන්න බැහැ මහත්තයො
එකපාරටම මේව මතක් වුනේ උසාවිය අවුරුදු 6ක් බැහැ කිව්ව නිසාද ?
කිව්වට කරන්නනම් එපා. ඒ 96 දෙනා අතර කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී....
ඔය කියන්නේ බොරු පෙබරවාරි 10න් පස්සේ ඔය කතා ඔක්කොම ඉවර යි නැවත පරණ දීගේම කාවි
එදා අපි අපේ ජීවිතය ගැනවත් නොතකා මෙයාව ජනපති කරන්න සහායෝගය දුන්නෙ මේක කරන්නද. එදා කිව්ව හොරු කෝ අද උනුත් එක්ක අලුත් ආන්ඩුවක් හදනවනම් අපි මහින්දවම නැවත ජනපති කරනවනෙ. එතුමා දූෂිත ඇමතිවරුන්ට දඩුවම් නොදුන් නිසා ඔබට සහයෝගය දුන්න
එතකොට එයාලගේ සියලු වැරදි වලට සමාව දෙනවද .? ඊයේ මොනවද කිව්වේ ? අද මොනවද කියන්නේ ?
පට්ට කෙබර ගහල බලයට ආවේ හොරුත් එක්ක ආන්ඩුවක් හදන්නද? එයාර්පෝට් වහල මේ හොරුන්ට දඩුවම් කරනව කියපු නිසානෙ අපේ ජීවීත පරදුවට තියල මෙතුමව ජනපති කලේ. අද ලැජ්ජාවක් නැතුව මෙහෙම කතා කියන්නෙ
අද දිනයෙන් ලංකා ඉතිහාසයේ නව දේශපාලන පරිච්ඡේදයක් ආරම්භ වනු ඇත. මෙය ලාංකීය ඉතිහාසයේ මෙතෙක් ඇති නොවූ ආකාරයක සන්ධිස්ථානයකි. එය එසේ වන්නේ මෙතෙක් කිසි දිනෙක ලංකා සමාජය තුල ජනාධිපතිවරණයක් ගැන හෝ ඡන්දයක් ගැන බැඳී නොතිබූ උද්යෝගයක් සමාජය තුල ඇතිව ඇති නිසාවෙනි. එමෙන්ම මේ උද්යෝගය ඇති වන්නේ මෙතෙක් ලංකාව තුල සිදුවූවා මෙන් පක්ෂ බලමාරුවක් සඳහා පමණක් නිසා නොවන බැවිනි.
ඉතාම ලස්සන සිත්ගන්නාසුළු කතාවක්.
ගියපාරත් ඡන්දය ඔන්න මෙන්න තියලා කරපු උප්පරවැට්ටි ටික මේ පාරත් කරන්න වගේ ලෑස්තිය. මම හිතන්නේ නැහැ මහින්ද මහත්තයා ආපහු මේ උගුලට අහු වෙයි කියලා ..මේ කරන්නේ රඟපෑමක් බව ඕන ගොනෙකුට තේරෙනවා
උන විකාරෙන් කියන කතා!
ඔබ තුමා කියනදේ මටනම් පැහැදිලි නැත. ඔය අනුහය දෙනා ඔබට සහයෝගය දීමට පැමිණිය හොත් ඔබ ඔවුන් සමග රජයක් කරනවා කියන්නේ, ජනාධිපති රජයක් පිහිටුවීමට ඕනෑම හොරකු දුෂකයකු සමග එක්වීමට සුදානම් බව ඉතා පැහැදිලියි.
96 දෙනාම ගත්තම හොරු අයින් වෙනවද.? සමහරුන්ට උසාවියේ නඩුත් තියනවා නේද.?
ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ ලේ නම් එකබද්දේ කට්ටිටයට ආණ්ඩුවක් හදන්න අඩගහනවද?
ඇයි හෙට පුලුවන්නම් අදම එකුතු කරගන්න
මෙන්න තවත් ඡන්ද ගුන්ඩුවක්
එතකොට දැන් කවුරුත් දුශකයො නෙවෙයිද? ඔබ තුමත් ජනතාව රැවටුවා නේද? ගිය ආන්ඩුවෙන් එලියට බැස්සේ ඒක දූශිතයි කියල නේද?
ලංකාවෙ ඉන්නෙ උගත් නූගත් පෝසත් දුප්පත් කොයි තරාතිරමෙ උන්නත් ඉන්නෙ වහලෙක් එහෙම වහල්කමෙන් මිදෙන්ඩ ඕනනම් පෙබරවාරි 10 අවස්ථාවක් තියනවා
පරාජයේ සේයාව දැක දැක වියරු වැටී ඉන්න වෙලාවේ තමයි මතක් වෙලා තියෙන්නේ.
එහෙම වෙනවානම් දැනට අතරමං වී සිටින දුෂණ විරෝධි ජනතාවට නිවැරදි මඟ තීරණය කිරීම පහසු වෙනවා ඇත. හොරු සමඟ හිටගෙන හොරු මර්ධනය කිරීමට සිතීම වර්තමානයේ වගේම අනාගතයෙත් විහිළුවක් වෙනවා ඇත. පළමුව දුෂිතයන්, අපරාධකරුවන් හිරගෙදර යවන්නට කටයුතු සිදුවන්නේ නම් දෙවනුව ජනතාව සාධාරණය ඉටු කරනු ඇත. පැවැත්ම ගැන සිතන දේශපාලකයන්ගෙන් රටකට සිදුවන සෙතක් ගැන සිතිය නොහැකිය.
අයෙත් ආරාධනා කරන්න ලජ්ජා නැද්ද ? ඉන්න අයගෙන් හදල පෙන්වන්න.
කොහොමද මෙයාගේ ටිකිරි මොලේ ....?
මොන හොරු උනත් කමක් නැහැ, පක්ෂයේ නේ, රටට පෙර පක්ෂය නේද ?
හොඳ අදහසක් ජනපති තුමනි. වහාම එක්වී මහින්ද අගමැති කරන්න. ඔබ ඉතිහාසගත ජනපතිවරයෙක් වනවා නොඅනුමානයි.
අගෝස්තු 15 චන්දෙන් මේ 96 දෙනාම එකට නේද හිටියේ? එතකොට එහෙම තියෙද්දී නේද රනිල්ව අගමැති කලේ. දැන් මේ මොනවද කියන බයිලා. අනිත් එක මේ පළාත් ඡන්දෙ ගැසට් කලාම ඒකාබද්ධ විපක්ෂේ කිව්වා නේද යූ එන පී එක අයින් කරලා ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදනවනම් එකතු වෙනවා කියල. කෝ ඒක කලාද?
ජනවාරි අට වෙනිදා UNP එකෙන් ඡන්දෙ ඉල්ලනකොට ඔය කියන ලේ තිබුනේ කොහෙද දන්නේ නෑ
ඔබතුමාගේ ආණ්ඩුවේ ඉන්න ඇමතිකම් ගත්තු කට්ටියට හෙට එකෙන් ඉවත්වෙලා එන්ට කියන්ට. පහුවදාම පොහොට්ටුවේ කට්ටිය ඔබතුමාට එකතු වෙයි. අන්න එතකොට ආණ්ඩුවක් පිහිටුවන්ට පුළුවන් වෙනවා. ඔබතුමා කැමතිද එන කට්ටියට මහින්දත් ඉන්නවනම්.
ඔන්න හොඳම අවස්තාව හොරුන්ට නඩු නැතිකර ගන්ඩ. සුදනෝ අවස්තාව පැහර හරීන්න එපා
අනේ එපා ජනාධිපතිතුමෝ! ඔය පිරිස අතරෙත් හොර තක්කඩි ලෝක පාලුවෝ කීප දෙනෙක්ම ඉන්නවලු නේද?
අඟේ ඉඳගෙන කන සැපීම.....
ඡන්දෙ ලංවෙනකොට බයවෙලා වගේ.
මෙය තමයි ශතවර්ෂයේම දුෂ්ට යෝජනාව.
පවා දෙන්නෝ රැලක්නේ ඔබ ගාව හිටගෙන ඉන්න ඔක්කොම
ඡන්දෙ කට උඩ තියල තමයි ඔක්කොම මතක් වෙලා තියෙන්නේ. ශ්‍රීලනිප ආණ්ඩු හදන්නයි, හොරු හිරේ යවන්නයි, පක්ෂේ එකතු කරන්නයි, රටේ ආර්ථිකය ගොඩ නගන්නයි. දැන් ඔවා කියල වෙන්ඩ යන දේ වලක් වන්න අමාරුයි. දැන්නම් නියමෙටම ප්‍රධාන නළු චරිතය රඟපානවා. ඉදිරි දවස් ටිකට, සමහරවිට තාවකාලික අගමැති කෙනෙකුත් පත් කරයි දන්නේ නැහැ මිනිස්සු අන්දන්න.
"ටොම් පචයා" බයිස්කෝප් එක මතක් වෙනවා
පව් අප්පා බයවෙලා තියෙන තරම. රට හදන්න ඔ්නකමක් තියෙනවනම් කොයි අාණ්ඩුව තිබුනත් එකයි. අපිට ඔ්න රට හදන අාණ්ඩුවක්. ඔබතුමා හැමදාම පක්ෂ හදහදා අාණ්ඩු හදහදා ඉන්න.
මේ පළාත් ඡන්දෙ ගැසට් කලාම ඒකාබද්ධ විපක්ෂේ කිව්වා නේද යූ එන පී එක අයින් කරලා ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදනවනම් එකතු වෙනවා කියල. මහින්ද බොරු කරන්නේ. දැන්වත් ඇවිත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්නේ ජනතාව ගොනාට අන්දන්නේ නැතිව.
ජන්දෙට ඉදිරිපත් වුනේ පොදු අපේක්ෂකයා විදියට ඒ ජා ප යෙන්. හරිමනම් මෙතුමාට ශ්‍රී ල නි පයේ ඉන්න අයිතියක් නෑ.
ජේ.ආර්.ජයවර්දන මහතානම් රටේ ජනාධිපති වුනහම පක්ෂ සභාපතිකමෙන් ඉල්ස්අස්වුණා. ප්‍රාදේශීය සභාවලට එතුමා ජනරැලි පැවැත්වුයේ නැහැ. ප්‍රාදේශීය නායකයින්ට ඡන්දය දිනාගෙන එන්න කියා අවස්ථාව දුන්න.
එදා මෙදා තුර ලෝක දේශපාලන ඉතිහාසයේවත් මේ තරම් සට-කපට ජන නායකයෙක් මා අසා නොමැත.
මට නම් පිළිකුල්, මිනිහෙකුට මෙච්චර වැටෙන්න පුලුවන්ද?
ගණ දෙවියන් හමුවෙලා හෙට සිට අපලකරනවා කියන්න සෙනසුරා ගණ දෙවියන් හමුවන්න ගියාලු ගණ දෙවියෝ කිව්වලු හෙට එන්න කියල හෙට කියල බඩේ ලියව ගත්තලු පසුවදා ගණදෙවියන් අවම බඩ පෙන්නලා කිව්වලු හෙට නේද එන්න කිව්වේ කියල සෙනසුරා පරාජය භාරගෙන ආපහු ගියාලු........................
මෙම කමන්ට්ස් කියවනකොට මට වෙටහෙන එක දෙයක් තමයි අපේ රටේ බොහෝ යට දේශපාලන සවිඥානය කියන එක නැහැ ඔවුන් මෙම කණ්ඩායම් කරන දාම් ඇදිල්ල බොහෝ අය සෙල්ලමට හිතන බවක් පෙනෙන්නේ නමුත් අද අපි රටක් විදිහට ගිනිකන්දක් උද ඉන්නේ එයින් දැවෙන්නේ රටේ ජනතාව වන අපි මෙම ක්‍රමයම වෙනස් නොකලොත් මෙම හොර තක්කඩි මව් බිමේ අන්තිම බිම් අගලත් මුන් පිට රටට ම විකුණලා දාලා රටේ උන්ට දෙවියන්ගේම පිහිට පතාවී කෝ හොරු ඇල්ලුවද ?
මේ කතාවෙන් පේනවා පරාජය පිළිඅරගෙන බව.
දෙබිඩි කතා
මේ දිනවල එතුමා කියන කතා ගැන ඔච්චර හිතන්න අවශ්‍ය නැහැ, මේ කවිය කියවල බලන්න. සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල, පාරුව පදින තුරු රුවලේ සෙලවිල්ල, තන පුඩු මුවට එන තුරු පැටියගෙ හැඬවිල්ල, ඡන්දය දිනන තුරු මේ කාගෙත් දෙඩවිල්ල.
තමන්ට නගින්න දුන්නු ඉනිමට පයින් ගහන්නේ ගුණමකුවන්මයි. එජාපය නැත්නම් මෙහෙම ජනාධිපති කෙනෙක් ලංකාවේ නැහැ. අද මෙයා දේශපාලන පක්ෂයක නායකයා විදිහට කතා කරන්නේ ඉතා ද්වේෂයෙන්... කේන්තියෙන්.. ඒක ජනාධිපති කෙනෙකුට සුදුසු නැහැ. බුද්ධිමත් හැම කෙනෙක්ම මේ කතා සියල්ල ගැන කලකිරිලයි ඉන්නේ.. ඔය කතා හොඳ ගැලරියට... මෙයා කොහොමද ශ්‍රී ලංකා ආණ්ඩු හදන්නේ.. මෙයාට බලය දුන්නේ ශ්‍රී ලංකා එකේ හොරුන්ට විරුද්ධවයි. ඒත් බලය අරන් ඒ අයගේ නායකයා වුණා. ලැජ්ජ නැහැ. සුදු ඇඳගත්ත මිනිසුන්ගේ ඇතුළාන්තය කලුයි කියලා දැනගත්තත් අපි ඡන්දේ දුන්නේ අර හොරු එළවන්න.
ජනාධිපතිතුමා ඉල්ලන් කනවයි කියන්නේ ඕකටයි. ජනාධිපතිතුමාගේ දේශපාලන පරිණත බව දෝරේගලා ගිය මොහොතක්. තනතුරට ගැලපෙන සේ වචන හැසිරවිය යුතුය.