(අජන්ත කුමාර අගලකඩ)
වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවැසීය.
ඒවා කළ අය මෙන්ම ඊට සහාය දුන් සහ එය දැක දැකත් බලා සිටි අය සම්බන්ධයෙන් රටක් ලෙස කෙසේ සිතිය යුතු ද යන්න කල්පනා කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
තමාගේ හෙට දවස ගැන නොසිතා මේවාට විරුද්ධවීමට සිදුවී තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.
තමා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේද නැද්ද යන්න මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපතිවරයා කීවේය.
තමා දේශපාලන ජීවියකු බවත්, තමාගේ පණ තිබෙන තෙක් දේශපාලනයේ සිටින බවත් කී ජනාධිපතිවරයා, තමාට තනතුරු තිබුණත් නැතත් නිල කාලයෙන් පසුව ද දේශපාලනය කරන බව සඳහන් කළේය. තමාගේ පණ සහ ලේ හැදී තිබෙන්නේ දේශපාලනයත් සමග යැයි ද ජනාධිපතිවරයා පැවැසීය.
පසුගිය වසර තුනේ රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් පුද්ගලික සමාගම්වලට ගොස් ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
රජයට සම්බන්ධව සිටි සහ හිටපු සමහර අයගේ ඡන්ද ව්‍යාපාරවලට මෙම මුදල් ගොස් ඇති බවත්, අවුරුදු තුන තුළ මෙම මුදල් ඉතා සූක්ෂ්ම ලෙස ගොස් ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.
රවි කරුණානායක මහතා මහබැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් කරන්නට තිබූ ප්‍රකාශය කළේ නම් එය ඔහුගේ සියදිවි හානිකර ගැනීමක් වන බව ද ජනාධිපතිවරයා පැවසීය. මහ බැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවට ඉදිරිපත් වූ සාක්ෂි ඇතුළත් ලිපි ගොනු ලොරි දෙකක් ගබඩා කර ඇතැයිද ජනාධිපති සිරිසේන මහතා කියා සිටියේය.
පසුගිය වසර දහයේ විදේශ ණය ලෙස ලැබෙන ටි්‍රලියන 10 ක ණයවලින් වත්කම් ලෙස පෙන්වන්නට ඇත්තේ ටි්‍රලියනයක් පමණක් බව කී ජනාධිපතිවරයා ඉතිරි මුදල්වලට සිදුවූ දේ පෙන්වීමට ලිපි ලේඛන නැති බවද පැවසීය.
ඉදිරියේදී එන නඩුවලින් බේරීම සඳහා ප්‍රභූ-චෞර-අශුද්ධ සන්ධානයක් දේශපාලන බේදයෙන් තොරව බිහිවී ඇති බව ද ජනාධිපතිවරයා කීය.
මහ බැංකු බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසුව එහි පිටු අඩු බවට කරන ප්‍රකාශ තමා ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
බැඳුම්කර වාර්තාව ලැබී සති දෙකකින් පමණ ප්‍රකාශයක් කිරීමට තමා සිතා සිටියද, එය වහා ඉදිරිපත් කළ යුතු බවට කළ ඉල්ලීම් නිසා තමා කල් ඇතිව ප්‍රකාශයක් කළ බව කී ජනාධිපතිවරයා, සමහරුන්ට අවශ්‍ය වූයේ එය දේශපාලන වශයෙන් පමණක් යොදා ගැනීමට බව කීවේය.
තමා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන්ගේ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ හා නීතිඥයින්ගේ අදහස් විමසීමෙන් පසුව බව කී ජනාධිපතිවරයා, තවත් පිරිසකගේ අදහස් ලබාගැනීමෙන් පසුව තමා මෙවැනි ප්‍රකාශයක් කළේ ජීවිතයේ පළමු වතාවට බව පැවැසීය. මෙම වාර්තාවේ කිසිම අඩුවක් නැති බව තමා වගකීමෙන් කියන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
වාර්තාව පාර්ලිමේන්තුවට යැවීමෙන් පසුව ඊට පසුබිම් වූ වාර්තා ලිපි ලේඛන ලොරි දෙකකට වැඩිය ගබඩා කර තිබෙන බව කී ජනාධිපති සිරිසේන මහතා, ඉදිරියේදී නඩු පැවරීමට අවශ්‍ය සහ රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු ලිපි ලේඛන රැසක් එහි තිබෙන බව ද පැවසීය. පාඩු වූ මුදල් අයකර ගැනීමටත්, නඩු පැවරීමටත් අවශ්‍ය ලිපි ලේඛන රැසක් එහි තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.
මෙම වාර්තාව නිවැරැදිව තේරුම් ගැනීමට නම් ගබඩාවල තිබෙන එම ලිපි ලේඛන ද යම් ප්‍රමාණයකට පරිශීලනය කළ යුතු යැයි කී ජනාධිපති සිරිසේන මහතා, වාර්තාවේ පිටු අඩුවී ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන්නේ යැයි සඳහන් කළේය.
බැඳුම්කර කොමිසමේ වාර්තාවත් බරපතළ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවත් එකට ඉදිරිපත් කළේ සැලසුම්සහගතව නොවන බව කී ජනාධිපතිවරයා, අහඹු ලෙස ලැබුණු වාර්තා දෙකම එකවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව කීවේය.
තමා වාර්තා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, වාර්තාව ඉදිරිපත් කළ යුතු බවට පසුව හඬ නැගූ අය වාර්තාව දුන් පසු පුදුම ආකාරයට නිහඬ වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
වාර්තාව ඉල්ලා කෑ ගැසූ අය වාර්තා දෙකම ඡන්දයට පෙර පාර්ලිමේන්තුවේ දින දෙක තුනක් විවාද කළේ නම් ඒ පිළිබඳව රටට දැනගන්නට හැකිව තිබූ බව කී ජනාධිපතිවරයා දෙගොල්ලන්ම එකතු වී පොත වසා දැමූ බව කීවේය.
තමාගේ ප්‍රතිපත්ති හේතුවෙන් හිටපු අය මෙන්ම ආණ්ඩුවේ දැන් සිටින අය ද තමා දෝෂදර්ශනයට ලක් කරන බව කී ජනාධිපතිවරයා කොමිසමේ වාර්තාවක් බොරුවක් බව රවි කරුණානායක හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බව කීවේය.
රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ කරන්නට ගිය පළමු ප්‍රකාශය අගමැතිවරයා වැළැක්වූයේ එම ප්‍රකාශය කළොත් ලොකු අමාරුවක වැටෙන බව ප්‍රකාශ කරමින් යැයි කී ජනාධිපතිවරයා රවි කරුණානායක මහතා දෙවැනියට කරන්නට ගිය ප්‍රකාශය නතර කළේ කතානායකවරයා විසින් බව සඳහන් කළේය.
ඔහු එම ප්‍රකාශය කළේ නම් එය සිය දිවි නසා ගැනීමක් වනු ඇතැයි ද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේය.
තමා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය බොරු යැයි රවි කරුණානායක මහතා ප්‍රකාශ කළ ද, තමා එම ප්‍රකාශය කළේ නීතිඥයන්ගේ ද අදහස් විමසීමෙන් පසුව බව කී ජනාධිපතිවරයා රට යහපත් පැත්තට ගෙනයෑමේ බරපතළ අභියෝගයක් මතුව තිබෙන බව කීවේය.
මෙහි කෙළවර කොතැක දැයි තමා නොදන්නා බව කී ජනාධිපතිවරයා එසේ වුවද තමා කරන්නට ඕන දේ කරන බව පැවැසීය.
කොමිෂන් සභා දෙකේ වාර්තා අනුව වගකිවයුතු අයට නඩු පැවරීමේදී ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් වළක්වා ගැනීමට කළ හැකි සෑම දෙයක්ම තමා කරන බව ජනාධිපතිවරයා කීවේය.
පසුගිය ආණ්ඩුවේ බලවත් අයට එරෙහිව නඩු පැවැරුවේ දැයි ජනතාව අසන බව කී ජනාධිපතිවරයා තාජුඩීන් ඝාතන සිද්ධිය, ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සහ ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය ආදිය පිළිබඳ වාර්තා කටයුතු 2016 වන විට අවසන් කර ඇති බව නීති අංශ ප්‍රකාශ කර තිබූ බව ද ජනාධිපතිවරයා කීය.
බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු කරද්දී පරීක්ෂණ කළ නිලධාරීන්ට කරදර සිදුවූ බව කී ජනාධිපතිවරයා ඇලෝසියස් ගේ දුරකථනයේ තොරතුරු සොයා බැලුවේ යැයි මැති ඇමැතිවරුන් කලබලවූ බවද සඳහන් කළේය.
ඔවුන් පරීක්ෂා කළේ ඇලෝසියස්ගේ දුරකථනයට ආ සහ එමගින් ගත් ඇමතුම් පිළිබඳ තොරතුරු මිස මැති ඇමැතිවරුන්ගේ දුරකථන තොරතුරු පරීක්ෂා නොකළ බවද ජනාධිපතිවරයා පැවැසීය.
එසේ වුවද එම තොරතුරු පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට අවසානයේ ඒ පිළිබඳව කරුණු කියන්නට සිදුවූ බවද ජනාධිපති සිරිසේන මහතා කීය.
එවැනි ක්‍රියාවලින් ඇතැම් නිලධාරීන් බිය වුවද සියලුම නිලධාරීන් බිය නොවූ බව කී ජනාධිපතිවරයා එසේ වුවද එමගින් පරීක්ෂණවලට බාධා එල්ලවූ බව කීවේය.
චෞර ප්‍රභූ සන්ධානයක් දේශපාලන බේදයෙන් තොරව බිහිවී ඇති බව තමා මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළේ යැයි කී ජනාධිපති සිරිසේන මහතා එයට පක්ෂයක් පාටක් නැතැයි සඳහන් කළේය.
ඉදිරියේදී එන නඩු ටිකෙන් බේරීමට අශුද්ධ සන්ධානයක් බිහිවී අවසන් බවත් මෙම පරීක්ෂණ කරන නිලධාරීන් බිය ගැන්වීමට ඉඩ නොදෙන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා කීය.
ආර්ථිකය හැසිරවීමේ බලය තමා යටතට මේ වසරේ සිට ගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති සිරිසේන මහතා තමා එමගින් අදහස් කළේ ආර්ථිකය කඩාවැටීමක් නොව ආර්ථිකය කඩාවැටීමට හේතුවන කාරණා ගැන යැයි කීවේය.
පසුගිය අවුරුදු තුනේදී ආර්ථිකය ගොඩනැගීමට රජයක් ලෙස කටයුතු කළද ඇතැම් පාර්ශ්වයන් ඊට වෙනස්ව කටයුතු කළේ යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ දැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති සිරිසේන මහතා තමා මන්ත්‍රීවරයෙකු වූයෙත්, ජනාධිපති වූයෙත් බලාපොරොත්තු නොවූ ආකාරයට බවත් තමා නැවත ජනාධිපතිධුරයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න මෙතෙක් පැහැදිලිව තීන්දුවක් ගෙන නැති බවත් කීවේය.
තමාට තිබෙන්නේ අද තිබෙන දේ කිරීම බව කී ජනාධිපතිවරයා අභියෝග රැසක් තිබෙන බව සඳහන් කළේය.
තව අවුරුදු දෙකකින් එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි තීන්දුවක නැති බව කී ජනාධිපතිවරයා දැනට එන තත්ත්වයන් කොතනින් කෙළවරවේද යන්න ගැටලුවක් බවත් කීවේය.
තමා ආණ්ඩුව තුළ සටන් කරන නමුත් ඒවා විස්තරාත්මකව කිව නොහැකි බව ජනාධිපතිවරයා කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වූයේ ජනාධිපතිවරයා නොවේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවෙන් එවන ලිපි ගොනු නැවත පරීක්ෂා කර තහවුරු කර ගැනීමෙන් පසුව නඩු පවරන ලෙස තමා අගමැතිවරයාට උපදෙස් දී තිබෙන බව පැවැසීය.
පර්පෙචුවල් ටේරෂරිස් සමාගමට බැඳුම්කර ගනුදෙනුවෙන් ලැබුන ලාභය එහි වෙනත් සමාගමකට මුදල් වශයෙන් ලබාදී ඇති බවත් අල්ලස් හා සන්තෝෂම් වශයෙන් එක් එක් අයට ලබාදී ඇත්තේ එම මුදල් බවත් ජනාධිපතිවරයා පැවැසීය.
මේ අතර බැඳුම්කර වාර්තාව ගැන තවදුරටත් යමක් දැනගත යුතුයි පක්ෂ නායකයින් ලබන සඳුදා (29) ජනාධිපති කාර්යාලයට කැඳවා ඇතැයි කී ජනාධිපතිවරයා කාට හෝ ගැටලුවක් ඇත්නම් එය විසඳාගත හැකි යැයි පැවසීය.
ලංකාවේ තේ, කරුංකා, ගම්මිරිස් සහ අන්නාසි ප්‍රති අපනයනයේදී බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුව ඇතැයි කී ජනාධිපතිවරයා තමා කැබිනට් මණ්ඩලයේදීද මේ ගැන නිතර පවසා ඇතැයි කීවේය.
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලද අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතුව ආණ්ඩුවේ සිටින සමහරුන්ගේ ක්‍රියා කලාපය බව කී ජනාධිපතිවරයා තමා ඒ ගැනද නිතර පවසා ඇති බව සඳහන් කළේය.
මේ අතර පළාත් පාලන මැතිවරණය ඡන්ද කොට්ඨාස මට්ටමේ ඡන්ද පොළවලදී ගණන් කිරීමට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව කී ජනාධිපතිවරයා පළාත් පාලන ආයතන මට්ටමින් ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමේ වැදගත්කම තමා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇතැයි සඳහන් කළේය.
තමා පැවැති ආණ්ඩුවෙන් එළියට බැස්සේ දූෂණයට හා වංචාවට විරුද්ධව බව කී ජනාධිපතිවරයා කොතරම් අභියෝග ආවද දූෂණයට එරෙහි ගමන නතර නොකරන බව කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පියවරක් ගන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා ඡන්දයෙන් පසුව මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම එක්ක අපිටයි කෙලින්නේ. මෙය හදන්නේ බැඳුම්කරයෙන් ගොඩ එන්න. මොකද මේ හදිස්සියේ සුද්දා වෙන්න හදන්නේ?
මදක් සිතා බලන්න ..මේ කතා කරන්නේ රටක විධායක බලතල සහිත මුළු මහත් ජාතියකට නායකත්වය සැපයිය යුතු පුද්ගලයා. අද මේ කරන්නේ තමාගේ බංකලොත් දේශපාලන පක්ෂයට වාසි ලබා ගැනීම සඳහා කරන රඟපෑමක් නොවේද ? අනිත් අයට ඇඟිල්ල දික් කරන මෙතුමා වටේට ජන්දයෙන් පැරදිලත් ඇමැතිකම් දුන්නු දූෂිතයෝ කී දෙනෙක් ඉන්නවද ? මේ වගේ කෙනෙක් රටේ ජනාධිපති කරපු අති බහුතරයක් ( මාද ඇතුළුව ) අද තමන්ගේ තීරණය ගැන දුක් වෙනවා
තමුන්නාන්සේ යන්නේ නම් නෑ. හැබැයි අපි තමුන්නන්සේව යවනවා!
ශ්රී ලන්ක්ලන් සහ මිහින් එයාර් සමාගම් වල සිදුඋනාය කියන දුෂණ සෙවීමට "මම ලබන සුමානේ " කොමිසමක් පත් කරනවා කියල දැන් "ලබන සුමාන " දෙක තුනක්ම ගතඋනා නේද ජනාධිපති තුමෝ. මේකත් අර "උඩට උඩු වියන් බිමට පාවාඩ දාගෙන හකුරු හදනවා" කියල කියපු මිනිහාගේ " කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි" ජාතියේ කතාවක්ද ? ඇවන්ගාර්ඩ්, මිලියන 910 යක සොහොන් කොත, සී එස් එන් නාලිකාව, තාජුදීන් ඝාතනය වගේ ඒවාට සම්බන්ධ අයට නීතියානුකුලව දඬුවම් දෙන්නේ කවදාද?
අප සාමාන්‍ය පුරවැසියන් හැටියට අපගේ සිත්වලට ප්‍රශ්න කීපයක් එනබව කිවයුතුමය. පළමුව රටේ මුල් පුරවැසිය අවංකව "තම මවුබිමේ දියුණුව" වෙනුවෙන් තමන්ට තිබෙන අසීමිත බලයෙන් තීන්දු තීරණ ගන්නේ නම් එහි කිසිදු අඩුවක් හෝ වැරද්දක් අපටනම් නොපෙනේ. තවද අරය නිසා මෙයා නිසා අරක කරන්න බැහැ මේක කරන්න බැහැ ???? රටේ දෙවෙනි පුරවසියගෙන් තමන්ට ශක්තිය දෙන්න ඉල්ලනවා ???? මොනවද මේ විහිළු කතා ????අනිත් කරුණ වන්නේ හදිස්සියේම මේ ඔක්කොම වමාරන්න යන්නේ ළග ළග එන බුරුවන් තේරීමේ තරගයෙන් තමන්ට අවශ්‍ය බුරුවන් ගැන සිතාද ??? අප කිසිදු පක්ෂයකට ගැති නොවන්නෝය නමුත් කවුරු බලයට ආවත් අපටනම් කම් නැත.අප අපගේමතෘ බුමියට අවංකව ආදරය කරන්නෝ වන්නෙමු. එබැවින් රටේ මුල් පුරවැසියාට මෙය කිව යුතුමය අපගේ මවුබිම වෙනුවෙන් අවංකව තීරණ ගැනීම තමාට හෝ අවංක නිලදරිනට කිසිදු හානියක් නොවන බව ස්ථිරය. සක්කරයත් එය අනුමත කරනු ඇත.
මාස 2 න් මහබැංකුව කොල්ලකාපු එකේ වාර්තාව පිටවෙන්න දවසකට කලින් පාර්ලිමේන්තුව විසිරුවහරලා හොරු බේරාගත්තේ කවුද?. ඒ නිසා නෙමෙයිද දෙවැනි හොරකම එයටත් වඩා ලොකුවට කලේ . තවම මෙතුමා හිතල නැහැ මේ හොරුන්ට මොනවද කරන්නේ කියල , එකනේ කියන්නේ "රැටක් හැටියට කෙසේ සිතිය යුතුද " කියල කියන්නේ . මේ හොරුන්ට කිසිම දෙයක් වෙන්නෙන . නැහැ . එක සුවර් .
එකට කා-බී වසර තුනකට පසුව කියන කතා .......
මෙතුමා කෙලිකල ලොකුම රහස තමයි , යුද්ධයේ අන්තීම සති දෙකේ තමා ආරක්ෂක ඇමති විදියට යුද්ධය නිම කල බව ,
ඔබතුමාව බලයට ගෙන ආපු කට්ටිය භාණ්ඩාගාරය කොල්ල කෑවා. ඊට පසු ඔබතුමාගේ බලය රැක ගැනීමට මුළු රටම කොල්ල කාපු කට්ටිය එකතු කර ගත්තා. ඒ උදවියගේ චෝදනා විභාග කරන්න උත්සාහ කල අල්ලස් කොමසාරිස් තුමිය එලවා දැමුවා . "ඕනෑම වෙලාවක බලය අතහැර යන්න සුදානම්" කියා කියමින් වසර පහ වෙනුවට හයක් ඉන්න පුළුවන්දැයි සොයා බැලුවා. කිසිම විටක දෙවෙනි ධර කාලයක් සඳහා ඉදිරිපත් නොවෙනවා යැයි වසර දෙකක් තිස්සේ ශපථ කරමින් සිට දැන් දෙවනි වාරයක් ගැන කතා කරනවා. ඔබතුමා කව්ද කියා හරියකට හඳුනා නොගත් නිසා ඔබතුමාට ජනපතිවරණයේ ජයග්‍රහණය ලැබුනාට දැන් සියලුම දෙනා ඔබතුමා කව්දැයි හඳුනාගෙන අවසන් .
බලයේ රස වැටෙනකොට විධායක ජනාධිපති ධුරය කිසිසේත්ම ඉවත් නොකරන බව අප දැනගෙන උන්නා. තවද, වත්මන් දේශපාලන ගොහොරුවෙන් මිදී යන්නට ජීවී දේශපාලඥයින්ට නොහැකි බවත් දනිමු. එහෙයින් ලාංකීය දේශපාලනය ගැන ලාංකිකයින් තුල ඇති අප්‍රසන්න හැගීම දැන් මහා වෘක්ෂයක් වී ඇත. රටේ දුෂණ ගැන පශ්චත්තාප වීමට හෝ දුක කියන්නට රටකට නායකයෙකු අවශ්‍යද යන්න අප විසින් සිතිය යුතුව ඇත.
ගුරුවරු දනගස්වපු එවුන් ලග තියාගෙන එතනෝල් කාරයන්ව ලග තියාගෙන, තියන් හිටපු කුඩ්ඩෙක් ලගදි අස්වුනා, මෙහෙම එවුන්ව ලගතියන් ඉන්න තමුන්නාන්සෙද අපිට මෙහෙම කියන්නෙ......,
ඔය විස්තරය කියන්න මතක් උනේ දැන්ද ......මැතිවරණය අත ලග .
රටක් නිවැරදි මඟක ගෙනයාමට නායකයකුට අත්මශක්තියක් තිබිය යුතුය. කළයුතු දේ ඉටුකර ගෙදරගියත් කමක් නැත කියා සිතන්නේ නම් විධායක බලතල හිමි ජනපතිවරයෙකුටකළ නොහැකි දෙයක්ද තිබිය නොහැකිය. දිවංගත බණ්ඩාරනායක මැතිතුමාගේ ගමන ඉදිරියට ගෙන යාමට මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාට පුළුවන. එය ජනතාවගේද පැතුමකි.ත්‍රස්තවාදයෙන් මිදුන රට දුෂිතයන්ගෙන්ද මුදාගැනීමට දේශපාලන භේදයකින් තොරව ජනතාවගේ සහයද මේ මොහොතේ මෙතුමාට ශක්තියක් වියයුතුය.
කව්ද අප්පා මේ රටේ නායකයා. එහෙම එකෙක් නෑ, මටනම් නායකයෙක් පෙන්න නැහැ. මට මගේම නොවන මගේ ආණ්ඩුවක් තිබුණා..
ඉතින් අවුරුදු තුනක් තිස්සේ බලාගෙන හිටියද? කවුද රටේ විධායකය? මමද?චන්දයක් ළඟ නිසා බයිලා මතක් වෙලා. ඕවට මිනිස්සු අහු උනේ ජනවාරි 8. අයෙත් ඕවට අහු වෙන්න මී හරක් මෙහෙ නැ මහත්තයෝ.
බැඳුම්කර හොරුන්ව ආරක්ෂා කරන අතරේ රටේ ජනතාව මුලා කරන්න නන් දොඩවනවා
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ප්‍රගතිශීලී ජනතාව අගය කරනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ රටේ දූෂණයට විරුද්ධව අවංකව කැපවන පක්ෂයක් බව අවිවාදිතයි. සුනිල් හඳුන්හෙත්ති මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුව හරහා මේ බව ඔප්පු වුණා. නමුත් දැන් මේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හරහා ඔවුනට තිබූ ඒ ජනතා ප්‍රසාදයට අනියම් බලපෑමක් ඇති විය හැකියි.
බැඳුම්කර හොර රැල එළි කිරීමට ඔබතුමන් ගත් උත්සාහයට අපගේ ගෞරවණීය ප්‍රණාමය.
දැන් අපිව කරකවල අතහැරිය වගේ . 2015 සිට කව්ද රටේ ජනදිපති , ආණ්ඩුවේ නයකයා .දන්නා තරමට අපිනම් නෙමේ හොදේ . අපිව ඕවට ගාවගන්න එපා
කෝ පරණ සොරකම් ගැන ලිපිගොනු? ඔබ කැබිනට් මණ්ඩලයේ ඉද්දි වෙච්ච් දේවල් වලට සකස් කල ලිපිගොනු වලට මොකද වුනේ? ඒවාත් මහජන මුදල්. ඒවා ගැන සොයා බැලුවොත් නේද හොඳ? ඡන්දෙ නිසා අලුත් දේවල් ඇදගෙන යන එක අනුමත කරන්න බැහැ. රටේ නීතියක් තියෙන්නේ හැමෝටම... හැම දේකටම ක්‍රියා කරන්න. එතකොට අවංකයි. නැතිනම් සොරිම තමයි.
මාර වැඩේ කියන්නේ ඡන්දෙ ලං වුනාමනේ මේවා මතක් වෙන්නේ....!!!
ජනපතිවරයාට මෙවර ඡන්දයට ඉදිරිපත් කිරීමට සටන් පාඨයක් නෑ. ඒ නිසා ඊනියා බැඳුම්කර ප්‍රශ්නයක් මම දන්නෙ නෑ පිවිසුමකින් දාලා ඡන්ද ගන්න හදන්නේ. මේ මාධ්‍ය ප්‍රධානීන් බැඳුම්කර වාර්තාව හරි ඒ සම්බන්ධ ප්‍රශ්නයක් හරි ඇහුව නම් බලා ගන්න තිබ්බා මෙයා මොනව දැනගෙනද කතා කරන්නේ කියලා. මොකද කැබිනට් එකේ කතා කරන ඒවා දැන ගන්නෙත් පත්තරෙන්නේ. සමහරවිට එහෙම දෙයක් මම කිව්වා කියලා දැන ගත්තෙත් පත්තරෙන් කියයි.
ඉතිං ඕව කියන්න ඡන්දයක් එනකම්ම හිටං හිටියේ ඇයි කියලත් කිව්වොත් තමයි හොඳ. තමුන්නාන්සේ රජයේ ලොක්ක වෙද්දී මේවා ජනමාධ්‍යයට කිව්වට ජනතාවට කරන්න පුළුවන් කැකිරි ගෙඩියක් නැහැ. ඔබතුමාම තමයි ඒවාට පියවර ගත යුත්තේ. අපිට හිතෙන්නේ ඡන්දෙ නිසා මෙහෙම කියනවා කියලයි. මොකද ඔබතුමා ඇවිල්ල කරනවා කිව්‍ව ගොඩක් දේවල් කලේ නැහැනේ.
අපි අහිංසක මිනිස්සු. අපිට බොරු කියලා රවටලා ජාතියක් ලෙස අපිට අවමන් කරලා දැන් මොනාද මේ කියන්නේ . මේ ආණ්ඩුව හැදුවේ අපි නෙමෙයි. ඔයාමයි. අපිව සුද්ද කරනකල් ඔයා හිටියේ ඔයාගේ පටු අරමුණ වෙනුවෙන් නේද?. බලය, ධනය රජ සැප වෙනුවෙන්. අද අපි හාල් ටිකක් ගන්න පොල් ගෙඩියක් ගන්න ගියාම පපුව දාලා යනවා. මට නම් මේ අලුත් යකාට වඩා හිටිය පරණ කෙනා දස දහස් වාරයක් හොඳයි. රට එක්සේසත් කරලා සංවර්ධනෙත් කරලා රටේ ණයත් අඩු කරලා විදේශ සංචිතත් ඉහල නැංවූවා. එ්කට අද? මේ කලේ මහා අපරාධයක්... ටික දෙනෙක් එකතුවෙලා නීතිවිරෝධී ආණ්ඩුවක් හදලා... රටක්, ජාතියක් අමු අමුවේ සුද්ද කළා. මංකොල්ල කෑවා, මහා පොළව නුහුලන අපරාධයක්...
ඔය කියන කාලය තුළ රටේ විධායක ජනපති ධුරය දැරුවේ සහ දරන්නේ ඔබතුමායි. බලය තබාගෙන මුකුත් නොකර සිටීමෙන් ඔබතුමාත්, ඔබතුමාගේ යුතුකම් පහර හැර ඇත. ඔබතුමා කියන විදිහට ලොරි ගණන් සාක්ෂි කොහේ හෝ ගබඩාවක ගබඩා කරලා තිබෙනවා මිසක් තවම ප්‍රයෝජනයට ගෙන නැත. සාක්ෂි තබාගෙන හොරුන්ව රිමාන්ඩ් කරලා නඩු නොපවරා ඔබතුමා රැස්වීම්වල කතා කරමින් රට වටේ යන්නේ කුමන පදනමකින්ද යන්න මට නොවැටහේ? 2015 දී ඔබතුමා කීවෙත් ගුවන්තොටුපල වසලා හොරු අල්ලනවයි කියලයි. නමුත් තවම කිසිම කෙනෙකුට දඬුවම් දෙන බවක් පෙනෙන්නට නැත.. ඉතින් ඔබතුමා ඔය කියන දේවල් අපි විශ්වාස කරන්නේ කොහොමද?
ජනදිපතිතුමනි..ඔබ තුමාගේ කබිනේට්ටුවෙන් මහා බැංකු හොරු ටික පන්නන්න අතම ශක්තියක් තිබ්බේ නාහේ නේ... ඔබ තුමා එහෙම කල නම් අද මිනිස්සුන්න්ට ඔබ තුමා වීරයෙක්...
ඔට්ටුයි මෙයා පෙබරවාරි 10 පස්සේ මේ ගැන සද්දයක් වත් නැතුව ඉන්නවා. මේ ඔක්කොම නාඩගම්. හරිම කණගාටුයි රටේ නායකයා එයාගේ දුක අපිට කියනකොට. මෙච්චර ඔක්කොම හොරු නම් එයට තියෙන්නේ එයාගේ විදායක බලතල භාවිතා කරලා රට මෙහෙයවන එක, එයාගේ ප්‍රශ්න අපිට කියා කියා ඉන්නේ නැතුව. තව දෙයක් මෙයාගේ පාලනය ගැන හිතන්න පුළුවන්, එයා හදපු දුම්කොළ පනත, එයා ගාව කොපියක් නැතුව අතුරුදහන් වුනා කියපු කෙනානේ.
රටේ නායකයා සහ කැබිනට් එකේ ප්‍රදානිය හැටියට ඔබට පිවරක් ගන්න තිබුනනනේ , එස්නතුව චන්දය එකතුක්රීමට් මෙහෙම ප්‍රකාශ කරන එක ගැන කනගාටුවට් කාරණයක්
තමන්ගේ පාලන සමයේ අග්‍ර පුරෝහිතයා මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කෑවා කියල දැනගෙනත්, තවත් තමන්ගේ ඉදිරි දේශපාලන දිවිය ගැන කියවන්නේ,අඩුම තරමින් පොදු වැසිකිලියක්වත් හදල ජනසතු කරලද මේ අවුරුදු කිහිපය ඇතුලත?
දේශපාලන ජීවියෝ සියලු කටයුතු කරන්නේ බලය ලබාගෙන රට නිවැරදිව පාලනය තරන්න. නිවැරැදි දිශාවට මෙහෙය වන්න. එ්ත් මෙම දේශපාලකයෝ තමන්ට තිබෙන දේශපාලන, පරිපාලන, සමාජීය, සේනාධිනායක, විධායක බලය යොදා නිවැරදි කළමනාකරණ තීරන ගෙන රට මෙහෙයවිම, නීතිය ත්‍රියාත්මක කිරිම, අතීත වැරදිවලට දඬුවම් දිම, අනාගත වැරදි ඇතිනොවීමට විගණන පනත බලාත්මක කිරිම, රට ආර්ථික වශයෙන් ඉලක්කගත කිරීම, මාර්ග තදබදය පාලනය ආදි දහසක් දේ කිරිමට තිබියදී, එසේ කිරීමට බලය හැකියාව, ජනතාවගේ කැමැත්ත, හා රජය නැමති බලගතු පරිපාලන ව්‍යුහය තිබියදී ඒ එකක්වත් නොකර මෙලෙස මාධ්‍ය ඉදිරිපිට හඬාවැලපිම, අන්‍යයින් මත යැපීම, නැවත දේශපාලන සංධාන සැදීම ආදි දේ කියවන්නේ මොහුගේ තිබෙන බලය ක්‍රියාත්මක කිරීමට ඇති නොහැකියාව මත බව පෙනේ. මෙවන් විධායක බලය මාහට හිමිවන්නේ නම් මාස 3 කදී නිවැරැදි අඩිතාලම යොදා මාස 6කදී රටේ සමස්ථ ක්‍රියාවලිය නිවැරදි මාවතට යොමුකිරීමටත් වසර 3කදී රටට හා ජනතාවට එහි ප්‍රතිඵල ලබාදීමටත් හැකිය. එවන් ප්‍රතිඵල ලබන ජනතාව ඉදිරි නැවරැදි දේශපාලන තීන්දු හා බලය තීරණය කරනු ඇත. බලය අත දරා බලය ඉල්ලීම කොතරම් දුර්වල තත්වයක්ද?
ඔබතුමාට දෙසපාලනයේ ඉන්න පුලුව නමුත් බලයේ ඉන්න ලැබෙන්නේ නම් නැහැ
මාධ්‍ය සංදර්ශන අවශ්‍යය නැහැ ජනාධිපති තුමනි. ඔබේ විධායක බලය පාවිච්චි කරන්න. ජනතාව ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වෙන්නේ එයයි. කෘෂිකර්ම අමාත්‍යංශයට කුලියට ගත් ගොඩනැගිල්ලට නිකරුනේ ගෙවන රුපියල් කෝටි ගණන් මහජන මුදල් ගැනත් තීරණයක් ගන්න.
ඔබතුමා වගේ දහ දෙනෙක් කැබිනෙට් එකට හොයා ගන්නේ කෙසේද?
අනේ මන්ද දෙය්යන්ගේ හාල් කැවිලා වගේ. මොනවා කියවනවද මන්ද?
මම ආසයි ආප්ප කන්න ... ඒකත් ලඟදීම කරලියට ..
ඔබතුමා ඔච්චර අවන්කනම් මොකටද ගිය ආණ්ඩුවේ ඉදල දුෂණ චෝදනා තියන මිනිස්සුන්ට ඇමති පට්ටන් දුන්නේ.අපිව කඩේ යවන්නේ.ඔය කියන දේවල් කලින්ම කරන්න තිබුනනේ.රටේ ආර්ථිකය,රටේ සංවර්දනය සේරම ඉවර කරලා පිස්සු කියවනවා.ඔහොම යමු අපිත් බලන් ඉන්නේ හොරුන්ට දෙන දේවල් දිහා.
බලය රැක ගන්න මීට වඩා කතා කියපු අය මම දැකල තියෙනවා. මේ මිනිස්සුන්ට ලැජ්ජාව, භය කියන එක නැහැ. ලැජ්ජාව, භය දෙකම නැති කෙනාට මේ ලෝකේ කරන්න කියන්න බැරි දෙයක් නැහැ. හොඳට හිතලා බලන්න... ලැජ්ජාව, භය නැති මිනිස්සු නෙමෙයිද මේ ලෝකෙට වින කරන්නේ? මේක හරිම භයානක අවස්ථාවක්...
දෙවැනි වතාවට ඉල්ලන්න එපා. ඔබට වෙන්නේ දෙවැනි වතාවට ඉල්ලලා පැරදිලා ගෙදර යන ලංකාවේ 1 වැනි ජනපති වෙන්නයි. කරුණාකර විධායක බලය භාවිතා කර පාර්ලිමේන්තුව විසුරුවා දැනට බලයේ සිටින බලවත්තු, සාමාන්‍ය මිනිසුන් කර ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කරන්න. ජනතාව මෙම ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති ආකාරය හෙට හෝ ඡන්දයක් තැබුවොත් ඔබට දැකගන්න පුළුවන්....
මෙයා විපක්ෂයේනේ හිටියේ එතකොට... අනේද කියන්නේ හලෝ? ...
මහජනතාවනි, කෙනෙකු කවදා හෝ එකට ඉඳ අාප්ප කා.. ජීර්ණ වෙන්නත් කලින් පැති මාරු කොට වෙනස් ගමනක යන්න තරම් සිත් දීම හැදියාවේ ධන ලකුණක් නොවේ.
ලැජ්ජාව, භය දෙකම නැති කෙනාට මේ ලෝකේ කරන්න, කියන්න බැරි දෙයක් නැහැ. හොඳට හිතලා බලන්න.. මේක හරිම භයානක අවස්ථාවක්...
හොරා කාලා බොරුවට මරා ගන්නවා. අනිත් රටවල් සංවර්ධනයේ හිනි පේතටම යනවා. අපි හැමදාම දියුණු වෙමින් පවතින රටක්... ඇමති, පක්ෂ, පාට නැති රටක් අවශ්‍ය වී තිබේ.
මෙයා කොහොමත් ශුවර් නැහැ... බිත්තර ආප්ප දෙකකට ඕනෑම දෙයක් කරයි...
විකාරෙන් කියවනවද? මහබැංකු මගඩිය ගැන ඔබ කියන ඒවා කරපු ඒවාට සහය දීපු සහ ඒවා දැක දැකත් බලා සිටිය අය කියන්නේ ඔබම නේද? මහත්තයෝ ඡන්දයක් ලං වෙන කොට ඔයා නිකන් කහ මලෙන් නාලා ආවා වගේ හැසිරෙන්න එපා. ඔයාගේ කඩුව තියෙන්නේ අපිට කොටන්නද? දැනට වෙන්නෙත් එ්කම නේද? ඔය ප්‍රකාශ හොඳයි ගැලරියට. කණගාටුයි මෙහෙම කියන්න වුණාට විධායක බලතල තියාගෙන අගමැතිවරුන්ගෙන් ඇයි හිඟාකන්නේ? හොරු අල්ලන්න දෙන්න කියලා. ඕකද ඔයා කියපු වෙනස? හැබැයි තවත් අයෙක් මිසක් ඔබව විශ්වාස කරන්නේ නැහැ.
මේ වගේ වෙලාවට ඉංග්‍රිසියෙන් කියන කියමනක් තියෙනවා. ඒක සිංහලට පෙරලන්නේ 'නිරුවත්ව ඇවිදිනවා' කියලයි.
කොහොමත් කටුස්සෝ පාට වෙනස් කරනවා. එයාර්පෝට් වහලා හොරු අල්ලන එක අමතකවෙලා. සමස්ත දූෂණ වංචා ගැන කතා නොකර එජාපය ගැන කතා කිරීම විහිළුවක්...
මොනවා වුණත් මෙහෙම අදහස් ජනාධිපතිවරයෙකුට එරෙහිව දාන්න පුළුවන් යුගයක් හදා දීමට ගරුකල යුතුයි. රට හදන්න ඕනේ නම් පක්ෂ අතහැරලා බුද්ධිමතුන්, උගතුන් ළංකර ගන්න. ඒ වගේම හැම දේශපාලන පක්ෂයකම හොඳ මිනිස්සු ඉන්නවා. ඒ අය පක්ෂ දේශපාලනයට කොටුවෙලා. ඒ වගේම වටේ ඉන්න කේවට්ටාචාරීන්ගෙන් පරිස්සම් වීම හොඳ දෙයක්...
ජනාධිපතිතුමනි, හොරකම කවුරු කරත් හොරකමමයි. කරුණාකරලා ඔබගේද බලතල පාවිච්චි කරලා කවුද කෙනා නෑදෑකම සහෝදරකම හිතවත්කම තියලා දිය යුතු දඬුවම මේ තියෙන නීත්‍යානුකූලව දෙන්න. මහජනතාව ඔබ සමඟයි..
ලංකාවේ මෙතෙක් කිසිම ජනාධිපතිවරයෙකුට එල්ල නොවූ චෝදනා, අපහාස හා අභියෝග ඔබ වෙත එල්ල වී ඇති බව තරයේ සිතට අරගෙන "මළත්" කමක් නැහැ කියලා අතට ගත් කඩුවේ එල්ල බලා පාවිච්චි කරන්න. සතුරා සොයා යාමේ අවශ්‍යතාවයක් නැත්තේ සතුරා ඔබ ලඟම ගැවසෙන නිසායි. ඔබ වෙත එල්ලවී ඇති සියලුම චෝදනා හා අපහාස වලින් මිදෙන්න වහාම ක්‍රියාත්මක වන්න. ඒ සඳහා ඔබට බලය තිබෙනවා. අවශ්‍ය වන්නේ තීරණයක් ගැනීමේ ආත්ම විශ්වාසයයි.
ජනාධිපතිතුමනි, ඔබ හරි ආඩම්බරයි. අලුත් හොරු, පරණ හොරු මිනීමරුවන්ට නඩු දමමින් ඉක්මන් කරන්න.
මේ සැරේ රනිල් එක්ක ආප්ප කන්න වගේ හදන්නේ, ඊට පස්සේ කාගේ පිළිකන්නක ඉඳීවිද දන්නේ නැහැ.
කතාව නං දෝලාවෙන්. නිකං ලඳ බොලඳ කතා. පුළුවන් තරම් ඡන්ද ගුංඩු දාලා... ඔන්න බලන්න අන්තිමට ඡන්දෙන් පස්සෙ ප්‍රාදේශීය සභාවේ බලය ගන්න ඔය කට්ටිය සමග එකතුවෙනවා.
පොඩ්ඩක් හොයල බලන්න මේ පොළොන්නරුවේ සිරිසේනද, වීරකැටියේ ඩුප්ලිකේට් සිරිසේනද කියලා.. අන්දලා එවලද කියන්නත් බැහැ
මේවා සිද්ද වෙන කාලේ මෙයා කොහෙද හිටියේ? මේ වෙච්ච දේවල් පත්තරෙන්ද දැක්කේ? ලෝකේ කාටවත් නැති තරම් විධායක බලතල තියෙද්දී මොනවද කළේ? මිනිස්සුන්ට ආදරෙයි නම් කලින්ම විසඳන්න තිබුණනේ. ජනාධිපති වෙන්න උදව් කළා කියල හොරු බේරන්නේ නැතුව. රජරට සහ තව පැතිවල මිනිස්සු වකුගඩු ලෙඩ වලින්, පිළිකා වලින් මැස්සො වගේ මැරෙනවා. ඒත් මේ අයට තියෙන ප්‍රශ්න ඊළඟ ඡන්දෙ දිනන එකයි, හොඳ වාහනයක් ගන්න එකයි, පඩි වැඩි කරගන්න එකයි, මයිලෝ ප්‍රශ්නයි අනෙක් ප්‍රශ්නයි තමයි තියෙන්නේ. මේ ඔක්කොම එකයි කියන එක අපි කවද්ද තේරුම් ගන්නේ?
රටට යහපත් පුද්ගලයෙක් බිහි වූ විට ඔහුට ඉරනම් දෙකක් ඉතිරි වේ. එක - ඔහුව නිර්දය ලෙස විවේචනය කර හෝ අන් ක්‍රමයකින් විනාශ කිරීම. දෙක - ඔහුව අන්ධ ලෙස ඇදහීම. ඔහු කියන දේ අහන අයනම් ඉතා අඩුයි.
තව අවුරුදු 7-8 යනවලු බැඳුම්කර වංචාවේ මුදල් පියවාගැනීමට. වගකිවයුතුතෝ තවම නිදැල්ලේ.
කලින් ආණ්ඩුවේ ඉඳල එක පාවල දීල ආව... දැන් අයෙත් ඒකම කරනව... අපිට කමක් නෑ. හැබැයි ඔය විදියට කවදාහරි රටත් පාවල දෙයිද කියල නම් සාදාරණ බයක් තියෙනවා..
මේ කතාවේ පිටපත ලියගා දුන්නේ කවුද? රනිල්ද? රාජිතද?
මෙයා බබා. මාස දෙකෙන් කොල්ල කෑවා නම් මෙච්චර කල්...