දෙහිවල නිවෙසකට බෝම්බ ප්‍රහාරයක්:දරු දෙනෙක් මරුට දෙහිවල සිරිසඟබෝ පෙදෙස නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ් යු වුට්ලර් මහතා පැවසීය. 9 hours ago
ඥානසාර හිමිට ජනපති දුන් පොදු සමාව බල රහිත කරයි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ගුණසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් පොදු සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 10 September 2026
2009 සිට 2016 දක්වා කාලයේ ගල්අඟුරු පාඩුව කෝටි 414යි ලංකා ගල් අඟුරු සමාගම නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ඉකුත් 2009 සිට 2016වසර හතක කාලයේ දී ගල් අඟුරු මිලදී ගැනීමේ දී සිදුවූ අක්‍රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414 කට අධික පාඩුවක් සිදුව ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් තොරතුරු අනාවරණය වී ඇත. 10 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පුටුව අහෝසියි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන රහිතව සම්මත විය. 09 September 2026
හිටපු ඇමැති සරණට සරණක් වෙන්න ගිය ආරච්චිට වැඩ වරදී වසර 16 ක සිර දඬුවම් නියම වූ හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට එරෙහිව පවතින තවත් අල්ලස් නඩුවකට අත්හිටවූ සිර දඬුවමක් ලබාදීමට කටයුතු සම්පාදනය කිරීමට රුපියල් හත්ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ මහාධීකරණ ආරච්චිවරයා ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 09 September 2026
තායි නිදහස් වීසා ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට තායිලන්ත වීසා ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට එරට රජය තීරණය කිරීම හේතුවෙන් එළැඹෙන 15 වැනිදා සිට ශ්‍රී ලාංකිකයන් තායිලන්තයට වීසා රහිතව ඇතුළු වීමේ අවස්ථාව අහිමි වේ. 08 September 2026
බස් ලලියා වමාරයි : ගිනි අවි, උණ්ඩ කනත්තෙන් මතු වේ පුද්ගල ඝාතන සහ කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බස් ලලියා නමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු හංවැල්ල දිද්දෙණියේ සූසාන භූමියක සඟවා තිබූ ගිනි අවි කීපයක් සොයා ගැනීමට හැකිවූූ බව නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 07 September 2026
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු සැණින් 22 සම්මත කරනවා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු සැණින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුලත්සිංහල දී පැවසීය. 06 September 2026
විසි දෙක අධිකරණ මතය එන සතියේ මැතිසබයට විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා විසින් බොහෝ දුරට ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 06 September 2026
එල්නිනෝවෙන් දිස්ත්‍රික්ක හතක ලක්ෂයකට අධික පිරිසක් පිපාසයේ එල්නිනෝ හේතුවෙන් ඇති වුණු වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක 115,534 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. 05 September 2026
නාමල් රිමාන්ඩ් එයාර් බස් ගනු දෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය. 04 September 2026
නාමල් අධිකරණයට රැගෙන එයි එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. 04 September 2026
ජොනී අත්අඩංගුවට මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට රුපියල් ලක්ෂ 74 ක පුටු සැපයීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට පාඩුවක්කර දූෂණය නම් වරද සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (04) එම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. 04 September 2026
කතානායක සැප ලයිස්තුව අරන් මැතිසභා ලොක්කෝ අල්ලස් කොමිසමේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි දූෂණ චෝදනා පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරැ දීමට පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීහු තිදෙනෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙරවරැවේ පෙනී සිටියහ. 04 September 2026
උපයන විට ගෙවන බද්ද හොඳටම වැඩියි ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned) බොහොම වැඩි බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය. 03 September 2026
කුඩ්ඩන්ට ඇප ගන්න අලුත්ම රස්සාව උසාවියේදී එළි වේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධීන් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින සැකකරුවන් 45 ක් පමණ පිරිසකට ඇප ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇති පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳ වහාම සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයාට නියම කළේය. 02 September 2026
හම්බන්තොට හිටපු පුරපතිගේ සිරුර තිඹිරිගස්යායේ නිවෙසක හම්බන්තොට මහ නගර සභාවේ පළමු පුරපති වූ එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දුගේ සිරුර කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. 02 September 2026
ප්‍රියංකර ජයරත්න වසර හතකට සිරගෙට හිටපු සිවිල් හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකරට වසර හතක බරපත වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණය නියම කළේය. 01 September 2026
22ක සලකා බැලීම 502 ශාලාවෙන් 501කට මාරු කරයි 222 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහ නඩුව කැඳවූ අධිකරණ ශාලාව මාරු කිරීමට සිදුවිය. 01 September 2026
22 සලකා බලන්න අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් 22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද ඊට පක්ෂව ද ගොනු කොට ඇති සියලු පෙත්සම් හෙට දින පෙරවරු 10 ට අගවිනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් 31 August 2026
පමුණුගම මුහුදේ හතරක් සැඟවෙති පමුණුගම එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක, ගැහැණු ළමුන් දෙදෙනකු හා පිරිමි ළමයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පමුණුගම පොලිසිය කියයි. 31 August 2026
‘‘රවී ඉක්මණින් අල්ලස් කොමිසමට යනවා‘‘ රවී කරුණානායක මහතා ඉදිරි දිනයකදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවත් කොමිසම මගහැරීමක් කර නොමැති බවත් ඒ මහතාගේ නිවසේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය. 29 August 2026
ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ ඉරාන වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් ඇමෙරිකානු හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති බාධකය හේතුවෙන් ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20 ක් පමණ ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම් ලා සිටින බව ටෑන්ක්ට්‍රැකර්ස වෙබ් අඩවිය සිදුකළ ජාත්‍යන්තර නාවික බුද්ධි තොරතුරු විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත. 29 August 2026
රජය 22 ගැන එජා සංවිධානයට පිළිතරු දෙයි අධිකරණ විනිසුරුවන් විශ්‍රාම ගන්නා වයස ඉහළ දැමීම සඳහා යෝජනා කර ඇති සංශෝධනය මගින් දැනට සිටින විනිසුරුවරුන්ගේද විශ්‍රාම ගන්නා වයස දීර්ඝ වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වේට් මෙරටට යොමුකළ ලිපියට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. 28 August 2026
නේපාලයට ලංකාවෙන් ඩොලර් මිලියනයක්- වෛද්‍ය කණ්ඩායමක් හදිසි ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත් නේපාල වැසියන්ට සහන සැලසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. 27 August 2026
ඖෂධ කාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කරයි ’ස්විස්කොක්ස් 200’ වෙළෙඳ නාමයෙන් අලෙවි වන සෙලොකොසිබ් මිලිග්‍රෑම් 200 ඖෂධයේ කාණ්ඩ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කර තබන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් අංශය රෝහල් සහ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබේ. 27 August 2026
එල් නිනෝවෙන් පීඩාවට පත් පිරිස තවත් ඉහළට එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාලගුණයෙන් පවුල් 26457 කට අයත් පුද්ගලයින් 84545 කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 27 August 2026
රාජකාරී වේලාවේ දුම්රිය සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම් රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 26 August 2026
අධිවේගයේ දැඩි තදබදයක් දක්ෂිණ අධිවේගි මාර්ගයෙ ගාල්ල දෙසට අද පෙරවරුවේ සිට දැඩි වාහන තදබදයක් පවතින බව අධිවේගී මාර්ග පොලිසිය සඳහන් කරයි. 26 August 2026
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026