“ඔර්නබ්” ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරයට බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති “ඔර්නබ්” (Arnab) ප්රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ’ඉතා ප්රබල සුළි කුණාටුවක්’ බවට පත්වී අද (2026 ඔක්තෝබර් 27) අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ, එනම් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්රගතව පැවති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 1 hour ago
කොත්මලේ යළි විවෘත වීමේ අවදානමක් පවතින අධික වර්ෂාවත් සමග කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා, එහි වාන් දොරටු ස්වයංක්රීයව ක්රියාත්මක වීමේ අවදානමක් පවතින බව ශ්රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. 17 hours ago
පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 26 October 2026
මහා නාහිමිවරුන්ගෙන් සත්යග්රහයේ නිතර භික්ෂූන්ට ලිපියක් ජනතා ගෞරවය සහ පිළිගැනීම සුරැකී පවතින්නේ භික්ෂුත්වයට ආවේණික වූ සංවරශීලී පැවිදි ප්රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණක් බව ත්රෛනිකායික මහා නාහිමිවරුන් විරෝධතා වල නිරත මහා සංඝරත්නය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 25 October 2026
සිසුන් පිරිසක් රැගත් බසය දුම්රිය හැපේ:දහයක් රෝහලට කොග්ගල හබරාදූව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක ගැටීමෙන් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 25 October 2026
රජයේ වෙබ් අඩවිවලට හැකරුන්ගේ අවදානමක් ? පීඑච්පී( PHP) පරිඝණක භාෂාව භාවිතයෙන් සංවර්ධනය කරන ලද වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල පවතින ආරක්ෂක දුර්වලතා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සියලු රාජ්ය ආයතන වෙත, චක්රලේඛයක් නිතුත් කර අැත. 25 October 2026
අඩු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වේ උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති අඩු පීඩන් කලාපය,මේ වන් විට පීඩන් අවපාතයක දකවා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි 25 October 2026
ඉරාන නෞකාවේ අසනීප වූ සේවකයන් කොළඹ පෞද්ගලික රෝහලකට ගාල්ල වරායට ආසන්න මුහුදෙ නවතා ඇති ඉරාන බොර තෙල් ප්රවාහන නැව්වල සිටින සෙවකයන් 27 දෙනකු හදිසියේ අසනිපවිමෙන් නිසා විදේශ කටයුතු අමාත්යාංශයේ මැදිහත්වීමෙන් ඔවුන් අද දහවල් ගාල්ල වරාය වෙත රෙගෙන ආ බව ගාලු දිසා බාර නියෝජ පොලිස්පති කාරයලය පවසයි . 24 October 2026
ගල්අඟුරු කොමිසම මෛත්රී ගුණරත්නගෙන් පැය තුනක් ප්රශ්න කරයි ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ගල්අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයකු වන ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතාගෙන් ගල් අගුරැ කොමිසම අද (23) පැය තුනකට වැඩි කාලයක් ප්රශ්න කර ප්රකාශයක් සටහන් කර ගත්තේය. 23 October 2026
‘‘විවිධ ජාවාරම්කරුවන්ගේ කෝටි 1000ක දේපළ තහනම් කළා‘‘ මත්ද්රව්ය ඇතුලු විවිධ ජාවාරම්කරුවන්ගේ රුපියල් කෝටි 1004ක් වටිනා වත්කම් දේපළ පසුගිය වසර දෙකේදී නිෂ්ක්රිය කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 October 2026
අධිකරණයට අපහාස කළැයි පොලිස්පතිටත් නඩු අධිකරණ නියෝග ක්රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කළේය. 22 October 2026
මත්කුඩු පනත සංශෝධනයට විෂ මත්ද්රව්ය ග්රෑම් 100 දක්වා වූ ප්රමාණ සම්බන්ධ නඩු මහාධිකරණය හමුවේ විභාග කිරීමට හැකි වන පරිදි අදාළ පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව කැබිනට් මාධ්ය ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 October 2026
පළාත් රැසකට හෙට සිට තද වැසි බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි හෙට (21) දිනයේ ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 20 October 2026
වරායේ වාණිජ හා සැපයුම් මධ්යස්ථාන ව්යාපෘතියෙන් චයිනා මර්චන්ට්ස් සමාගම ඉවත් වේ කොළඹ වරායේ ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක ආයෝජනයකින් ඉදිකිරීමට සැලසුම් කර තිබූ දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථාන ව්යාපෘතිය අත්හැර දැමීමට සිය සමාගම තීරණය කළ බව චීනයේ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම හොංකොං කොටස් වෙළෙඳපොළට නිල වශයෙන් දැනුම් දී තිබිණි. 19 October 2026
අකුරණ ලොකු අනතුරක් මහනුවර - මාතලේ මාර්ගයේ හතේ කණුව ප්රදේශයේදී කොන්ක්රිට් මිශ්රණ ප්රවාහනය කරන ලොරියක් පෙරලමෙන් වාහන 10කට ආසන්න ප්රමාණයකට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. 19 October 2026
කාවන්තිස්සට’ වෙඩි තැබුවැයි නිපුනතා නිලධාරියා අල්ලයි කාවන්තිස්ස ඇතාට වෙඩි තැබුවේ යැයි සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 19 October 2026
හිටපු ඇමැති ඥාතියා ගිනි අවි,උණඩ, බෝම්බ සමග මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සෘජු සබඳතා පවත්වමින් ගිනි අවි සහ විවිධ වර්ගයේ උණ්ඩ තොගයක් මෙන්ම අත්බෝම්බ සන්තකයේ තබාගත් සිනමාහලක හිමිකරුවකු ඇතුළු කෝටිපති ව්යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 18 October 2026
’’අරගලයේ පුරවැසියෝ’’ මහ සෙනඟක් ජනපති කාර්යාලය අසලට ’’හොරුන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්රණ පරදවමු’’ යන තේමාවෙන් ’’ ජනවරමේ පුරවැසියෝ ’’ සංවිධාන කළ උද්ඝෝෂණ පා ගමන කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියේය. 17 October 2026
සැප බසයක් පෙරළී 10ක් රෝහලේ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව මී ඔය පාලම අසලදී සුඛෝප භෝගී බස් අනතුරක් පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් 10 දෙනකු තුවාල ලබා ඇති බව පුත්තලම පොලීසිය පවසයි. 17 October 2026
’’ඥානසාර හිමිට ජනාධිපති සමාව දෙන්න බෑ’’ සිරදඬුවම් විදිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා කරන ඉල්ලීම ඉටුකිරීමට නොහැකි යැයි කෘෂිකර්ම අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අද (16) පැවසීය. 16 October 2026
ශිරන්ති රාජපක්ෂට ඇප සිරිලිය සවිය’’ අරමුදල ගිණුමේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සහ මූල්ය අක්රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (16) නියෝග කළේය. 16 October 2026
‘‘ගලබොඩ හිමි නිදහස් කළ හැකිදැයි බලන්න‘‘ දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමේ යම් හැකියාවක් තිබේදැයි වරකාගොඩ ශ්රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් බන්ධනාගාර කොමසාරිස් වරයාගෙන් විමසා සිටියහ. 16 October 2026
‘‘කොටුවෙන් ඉවත්වනු‘‘ අධිකරණයෙන් විරෝධතාකරුවන්ට නියෝගයක් විරෝධතාවකට එක්වෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින භීක්ෂුන් වහන්සේ ඇතුළු උද්ඝෝෂකයන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා මීට සුළු වේලාවකට පෙර නියම කළේය. 16 October 2026
අධිකරණ ඇමතිගෙන් එජාපෙට පිළිතුරක් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ප්රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ හිතාමතාම මහජනතාව නොමග යවන සුළු විකෘති අදහසක් ඉදිරිපත් කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 October 2026
වැලිගම වෙරෙළෙන් කුඩු කිලෝ 120ක් සොයා ගනී වැලිගම කප්පරතොට වෙරළතීරයට ආසන්නව සඟවා තිබු මත් කුඩු බවට සැකකරන කුඩු කිලෝ 120කට අධික ප්රමාණයක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 15 October 2026
බන්ධනාගාරෙන් පිටට චීවරෙන් වඩින්න අවසර බන්ධනාගාර ගතවන භික්ෂූන් වහන්සේලා නඩු කටයුතු ආදිය සඳහා බන්ධනාගාරයෙන් පිටතට වැඩම කරවීමේදී චීවරය සහිතව වැඩම කරවිය යුතු යැයි බන්ධනාගාර ආඥාපනතේ නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කළ යුතු බවට අදාළ කමිටුව නිර්දේශ කර තිබේ. 14 October 2026
අනෝජන්ගේ මරණ දඬුවම අත්හිටුවයි සෞදි අරාබියේදී මරණ දඩුවමට නියමවී සිටි අනෝජන් සිවරසා නැමැති ලාංකික තරුණයාට සෞදි අරාබියේ මහේස්ත්රාත් අධිකරණය විසින් මීට පෙර පනවන ලද මරණ දඬුවම එරට ශ්රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය හා ත්රිකුණාමල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අරුන් හේමචන්ද්රා මහතා පැවසීය. 14 October 2026
ශිරන්තී යළි රිමාන්ඩ් හෘද රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ජාතික රෝහලේ ප්රතිකාර ලබන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ මහත්මියට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්රතික්ෂේප කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා සැකකාරිය ලබන 16 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. 13 October 2026
ශිරන්තිගේ නඩුව සවස 2 තෙක් කල් තබයි කාන්තා හා ළමා සුභ සිද්ධිය වෙනුවෙන් ආරම්භ කළ ’’සිරිලිය සවිය’’ සමාජ සත්කාරක ආයතනයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ වික්රමසිංහ මහත්මිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ විවෘත හෘද සැත්කමකට භාජනය කර ඇති බව ජනාදීපති නීතිඥ අනිද්ද සිල්වා මහතා කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා හමුවේ කරුණු දක්වමින් අද පැවසීය. 13 October 2026
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හමුවේ අද(12) පැවසූහ. 12 October 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026