(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)

දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමේ යම් හැකියාවක් තිබේදැයි වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් බන්ධනාගාර කොමසාරිස් වරයාගෙන් විමසා සිටියහ.

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලෙතැන්න මහතා ඇතුළු බන්ධනාගාර ඉහළ නිලධාරීන් පිරිසක් අද මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා විහාරයන්ට ගොස් එහි මහා නා හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී අස්ගිරි මහා නා හිමියන් ඒ බව විමසා සිටියේය.

එම අවස්ථාවේදී බන්ධනාගාර කොමසාරිස්වරයා මහා නා හිමියන් හමුවේ අවධාරණය කර සිටියේ උන්වහන්සේ නිදහස් කිරීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගැන නොමැති බවත් එය ජනාධිපතිවරයාගේ මැදිහත් වීමකින් සිදුවිය යුතු බවත්යි.