අත්‍යවශ්‍ය සේවා ගැන ජනපති හදිසි සාකච්ඡාවක් කැඳවයි නිවසේ සිට රාජකාරී කිරීමේ හැකියාව පිළිබඳ තවදුරටත් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමාත්‍යංශ ලේකම්වරුන්ට අද (15)උපදෙස් ලබා දුන්නේය. 15 March 2026
අලුත් කිව්.ආර් ලියාපදිංචියට තව පැය කීපයක් යාවි මීට පෙර QR කේත ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි වුවත් වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් QR කේත ලබා ගැනීමේදී මද පමාවක් විය හැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 15 March 2026
ඉන්ධන දෙන්න යළි QR එයි මෙරට පිහිටි සියලුම ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීම (15) දා සිට QR කේත ක්‍රමය ඔස්සේ සිදු කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 15 March 2026
ඉරාන ප්‍රහාරයකින් කේ.සී 135 ගුවන් යානා පහකට හානි සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුරට ඉරානය මෑතකදී එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කේසී-135 වර්ගයට අයත් ඇමෙරිකානු ගුවන් යානා පහකට හානි වී ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පසුගියදා වාර්තා කළේය. 14 March 2026
‘රටේ ජනතාවගෙන් හතරෙන් එකක් දුප්පත්’ මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. 13 March 2026
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල රිමාන්ඩ් සිය බිරිද නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ප්‍රකට සිවිල් ගුවන්යානා සමාගමකින් (European Aeronautic Defence and Space company (EADS)) යූරෝ 1,454,645.54 ක(රුපියල් මිලියන 500කට අධික ) අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍ර සේන සැකකරු ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ නියෝග කළේය. 12 March 2026
ශ්‍රී ලන්කන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි අත්අඩංගුවට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් බව කියයි 12 March 2026
’’රටේ තත්වය මට වඩා හොඳින් ජනතාව දන්නවා’’ රටේ තත්ත්වය ගැන මට වඩා හොඳින් ජනතාව දන්නවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 12 March 2026
විදුලි සේවක වර්ජනය අවසන් ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි වීමෙන් පසුව නව සමාගම්වලට අනුයුක්ත කෙරෙන සේවකයන් දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩ ව ර් ජනය අද (11) පස්වරුවේ නතර කෙරිණ. 11 March 2026
‘‘වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කරන්න විශ්වාසයක් ඕනෑ‘‘ යෝජිත සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා හෝ අමත්‍යංශ ලේකම්වරයා ලිඛිතව පොරොන්දුවක් ලබා දෙන්නේ නම් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. 11 March 2026
අපදා නිසා ගෙවල් නැති වූ අයට දෙන මුදල ඉහලට නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 March 2026
ඉන්ධන මිල ඉහළ දමයි පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධනවල මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (9) රාත්‍රී නිවේදනය කළේය. 09 March 2026
ලංවීම සේවකයෝ සේවාවලින් ඉවත් වෙති විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් අද (9) පස්වරූ 3.00 සිට පැය 24ක කාලයක් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි. 09 March 2026
‘‘ශ්‍රී ලංකාවට තීරණ ගැනීමේ අයිතියක් තියෙනවා‘‘-ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ඇමෙරිකාව ගරු කරන බවත් ඉරාන යුද නෞකා දෙකක් වන අයිරිස් ඩෙනා සහ අයිරිස් බුෂර් නෞකාවල නාවිකයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් තිබෙන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශිකා ටැමී බෲස් විදෙස් මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් ප්‍රකාශ කළාය. 08 March 2026
බ්‍රිතාන්‍යයේ උදවු එපා - ට්‍රම්ප් ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ මැදපෙරදිග කලාපයට ගුවන් යානා ප්‍රවාහන යුද නෞකා යෙදවීමට එක්සත් රාජධානියේ සහාය තමන්ට අවශ්‍ය නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ. 08 March 2026
අලිවැට නිලධාරිනගේ අමුතු සේවයක් බකමූණ සහ කළුන්දෑව ප්‍රදේශයේ අලි වැට රාජකාරියේ යෙදී සිටි වන ජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත සේවකයන් එකොළොස් දෙනකු හිතවත් කාන්තාවකගේ ගෙවත්තක් පිරිසිදු කිරීම සඳහා යොදා ගත් වනජීවී අඩවි සහකාරවරයකු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි. 07 March 2026
බලශක්ති ඇමැතිට අල්ලසෙන් නඩු වසර 10කට පෙර රජයට රුපියල් ලක්ෂ 88 1/2ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත. 07 March 2026
ලංවීම ඈවරයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 06 March 2026
ඉරාන නැව ලක් රජය භාරයට: ජනපතිගේ හදිසි මාධ්‍ය හමුව මෙන්න ශ්‍රී ලංකා භූමිය, මුහුදු කලාපය මෙන්ම ගුවන් කලාපයන් කිසිසේත්ම රාජ්‍යයන් අතර ගැටුමකදී පක්ෂපාතී ආකාරයට හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් යොදා ගැනීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (5) රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය. 06 March 2026
ගල් අඟුරු පාඩුව කෝටි 848 යි මතභේදාත්මක ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 848 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට බාරදී ඇති වාර්තාවේ සඳහන්වේ. 05 March 2026
‘‘ඉරාන නැවේ සිටි 80කගේ පමණ සිරුරු හමුවෙලා‘‘ ඉන්දියාවේ විශාකාපට්නම් වරායේ සිට ඉරානය බලා යාත්‍රාකරමින් තිබූ ඉරාණයේ ‘‘අයිරිස් ඩේනා‘‘ නෞකාවේ අනතුර සිදුවන විට එහි 180 දෙනකු එහි සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 March 2026
ඉරාන නැවේ ජීවිත බේරා ගත්තා ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් අනතුරට පත් වූ අනතුරට පත්වූ ඉරාන නැවේ සිටි අයගේ ජීවිත බේරා ගැනීමට ලංකාව මැදිහත් වූ බවවිදේශ අමාත්‍යය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 March 2026
ගුවන් ගමන් වාර 205ක් අද අවලංගු කෙරේ මැදපෙරදිග ඇති වී ඇති යුදමය වාතාවරණය සමග කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් ගමන් 107 ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග බලා පිටත්ව යන ගුවන් ගමන් 98 ක් වශයෙන් , ගුවන් ගමන් වාර 205 ක් අද දින අවලංගු කිරීමට එම කළාපයේ සිවිල් ගුවන් සේවා අධිකාරි සහ ගුවන් සමාගම් පියවර ගෙන ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය . 03 March 2026
’’සාමකාමී ලෝකයක් වෙනුවෙන් එකතු වන්න’’ සාමකාමී ලෝකයක් වෙනුවෙන් එකතු වන්නැයි යුද්ධයට මැදිහත් වී සිටින සියලු පාර්ශවවලට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 03 March 2026
තෙල් ගෑස් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවා කරයි ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 02 March 2026
ඉරානයට ගහන්න UK කඳවුරු භාවිත කිරීමට අවසර ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කරන ස්ථානවලට පහරදීමට සිය කඳවුරු භාවිත කිරීමට අවසර ලබාදෙන ලෙස ඇමෙරිකාව කළ ඉල්ලීමට අනුමැතිය ලබාදීමට එක්සත් රාජධානිය තීරණය කළ බව අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ප්‍රකාශ කළේය. 02 March 2026
කමේනි වෙනුවට අලිරේසා අරෆි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු උත්තරීතර නායකයා ලෙස එම ධුරයට අයතුල්ලා අලිරේසා අරෆි පත් ඛල බව වාර්තා වේ. 01 March 2026
ඉරානයෙන් දරුණු ප්‍රහාරයක් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයත් සමග ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අද මැද පෙරදිග කලාපයේ රටවල් නවයක පිහිටි ඇමෙරිකා හමුදා කඳවුරු 27 කට, ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදා මූලස්ථානය සහ ටෙල් නොෆ් ගුවන් හමුදා කඳවුරුට හයවැනි වරටත් දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කළේය. 01 March 2026
ඉරාන නායකයා මියගිය බව තහවුරුයි ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී ජීවිතක්ෂයට පත්වුණු බව ඉරාන ජාතික රූපවාහිනිය මීට සුළු මොහොතකට පෙර පැවැසීය. කමේනි මියගොස් ඇත්තේ, ඇමෙරිකන් සහ ඊශ්රාවල හමුදා කමේනිගේ නිවසට පමණක් එල්ල කළ මිසයිල ප්‍රහාර 30 කිනි. 01 March 2026
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026