
ක්‍රිෂාන් ජීවක ජයරුක්
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අබියස පැවැත්වීමට සූදානම් කර තිබූ බෝධි පූජා පින්කමකට එම පරිශ්‍රය ලබා දිය නොහැකි බවට මාතර බෝධි ආරක්ෂක සභාව දැනුම් දීමත් සමග එහි සංවිධායකයන්ට වෙනත් ස්ථානයක් සොයා ගැනීමට සිදු විය.
ඒ අනුව එම බෝධි පූජා පින්කම අද (21) සවස 4.00ට මාතර බෝධිය අබියස පැවැත්වීමට සදහා එම පක්ෂයේ කඹුරුපිටිය ආසන සංවිධායක කීර්ති විජයවංශ මහතා රුපියල් 300ක දායකත්වයක් ගෙවා කල් ඇතිව වෙලාව වෙන් කර ගෙන තිබුණි.
එහෙත් නාමල් රාජපක්ෂ මහතාට සෙත් පැතීම සදහා බෝධි පූජාවක් පැවැත්වීමට පැමිණෙන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ ආරාධනා කිරීමත් සමග එම පරිශ්‍රය ලබා දිය නොහැකි බවට මාතර බෝධියේ නියෝජිතයකු කීර්ති විජයවංශ මහතාට දැනුම් දී ඇතැයි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම එපා මේ පාහරයන්ට.
දැන් බෝධිපූජා තියන්න අවසර ගන්න ඕනෙයි?
කපිල, දේශපාලන වැඩවලට ආගම යොදාගන්න එකට ගෙවන්න වෙන්නේ අපායෙදි
සල්ලි ගෙවල මේ ස්ථාන වෙන්කරගන්න එක කවද පටන්ගත්ත දෙයක්ද?
නාමල් වරදක් කරලා නැත්නම් අධිකරණයෙන් නිදහස් වෙලා එනකම්වත් ඉන්න බැරි මේ කාලකණ්ණි ගහලා එළවන්න ඕන. ඉන්න කාලේ ජරාව කලා, දැන් ලෙවකන්නේ නැතුව ඉන්න බෑ.
හොරාට ජාතියක් ජන්මයක් ආගමක් නෑ,,,මුගෙ ආගම වෙන එකක් දැන් බෞද්ධයන් අල්ලගෙන රවට්ටනවා,, අපේ හරක්ටත් සල්ලි දෙනවා නම් ඕන දෙයක් කරයි,, එදත් අදත් කරන්නේ එකම දේ,,,