සුජිත් හේවාජුලිගේ
භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරවලින් පිටතට ගෙනයෑම සම්බන්ධයෙන් ජනාධිපති කමිටුවෙන් ඉදිරිපත් කෙරුණු නිර්දේශ ක්රියාත්මක කිරීමට බන්ධනාගාර නිලධාරීන් වෙත විශේෂ අභ්යන්තර චක්රලේඛයක් නිකුත්කර ඇතැයි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසීය.
මෙම නිර්දේශ ගැසට් කිරීමට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්යතාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය. ඉහත කමිටුව ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කරනු ලැබීය.
ශ්රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පාලනය කරනු ලබන ප්රධානතම නීතිමය ලියවිල්ල වන්නේ 1877 අංක 16 දරන බන්ධනාගාර ආඥාපනතයි. වසර 140 කට වඩා පැරණි මෙම ආඥාපනත බ්රිතාන්ය පාලන සමයේ දී පනවන ලද්දකි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ගේ පත්වීම්, කාර්යභාරයන් සහ බලතල ද මෙමගින් නියාමනය කෙරේ.
බන්ධනාගාරගත කරනු ලබන රැඳවියන්ගේ ආහාර, සෞඛ්යය, විනය, ආරක්ෂාව සහ ඔවුන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීම පිළිබඳ නීති රීති මෙයට ඇතුළත් වේ.
වර්තමාන සමාජීය අවශ්යතාවලට සහ ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට ගැළපෙන පරිදි මෙම පැරණි ආඥාපනත වෙනුවට නව බන්ධනාගාර පරිපාලන පනතක් (New Prison Administration Act) හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෑතකදී එහි නීති, රෙගුලාසි සහ ස්ථාවර නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත්කෙරුණු විශේෂ කමිටුවේ වාර්තාවක් ද රජයට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd