- වයස 21ට අඩු 11,737කුත් ඒ අතර ජාවාරමුන්ගේ කෝටි 1000ක දේපොළත් තහනම්
- මහජන ආරක්ෂක ඇමති මැතිසබයේ දී කියයි
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
පසුගිය වසරේ දී මත්ද්රව්ය වැටලීම් 588,100ක් සිදුකර පුද්ගලයන් 586,824ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ පිරිස අතර වයස 21ට අඩු 11,737ක් සිටින බව ද ඔහු කීය.
මේ අතර මත්ද්රව්ය ඇතුළු විවිධ ජාවාරම්කරුවන්ගේ රුපියල් කෝටි 1,004ක් වටිනා දේපොළ පසුගිය වසර දෙකේදී නිෂ්ක්රිය කර ඇතැයි කී හෙතෙම, මත්ද්රව්ය සැපයුම් අඩාල කිරීමට සියලු මෙහෙයුම් ක්රියාත්මකවී තිබෙන බවද සඳහන් කළේය.
අමාත්යවරයා මෙසේ පැවසුවේ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදී ය.
ආනන්ද විජේපාල මෙසේ ද කීය.
“2024 සැප්තැම්බර් 20න් පස්සේ එක්කෝටි තිස් ලක්ෂයක වත්කම් නිෂ්ක්රිය කරලා තියෙනවා. 2025 වසරේදී කෝටි 183කද, 2026 වසරේදී කෝටි 819කද වත්කම් නිෂ්ක්රිය කරලා තියෙනවා. ඔක්කොම මිලියන 10,040යි. නීතිවිරෝධී ලෙස හම්බ කරන මුදල් තියාගන්න හම්බවෙන්නේ නෑ කියන පණිවිඩය තමයි මෙතනින් දෙන්නේ. අනීතික කටයුතුවලින් දේපොළ අත්පත් කරගත්ත නම් ඒවා තියාගන්න හම්බවෙන්නේ නෑ. යුක්තිය පසිඳලීමේ ක්රියාවලිය කාර්යක්ෂම කිරීමට මෙම සංශෝධන ගෙනවිත් තිබෙනවා.”
“පොලිසිය දේශපාලනීයකරණය වුණේ එදා. අපි ඒ තත්ත්වයෙන් පොලිසිය මුදාගත්තා. මත්ද්රව්ය ජාවාරමට එරෙහිව සමස්ත සමාජයම සංවිධාන කරලා තියෙනවා. පොලිසිය මීට සක්රිය ලෙස දායක වෙනවා. ඔවුන්ට නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා.”
“පසුගිය දෙවසර තුළ මත්ද්රව්ය වැටලීම් 588,180ක් කරලා තියෙනවා. 586,824ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ පිරිස අතර වයස 21ට අඩු 11,737ක් ඇතුළත්.”1

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd