සුජිත් හේවාජුලිගේ
අකාලයේ මියගිය කාවන්තිස්ස දළ ඇතාගේ මරණය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව එම ඉල්ලීම ඇතුළත් ලිපිය විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඇතුළු මන්ත්රීවරුන් විසින් කථානායකවරයාට ඉකුත් සිකුරාදා බාර දෙනු ලැබීය.
රටේ ජාතික ස්වාභාවික උරුමයක් වූ කාවන්තිස්ස ඇතාගේ ඛේදජනක මරණය පිළිබඳ සත්ය හෙළිදරව් කරගැනීම, එම සිදුවීමට අදාළ සියලු පාර්ශ්ව සිය වගකීම් නිසිපරිදි ඉටුකර ඇත්ද යන්න තහවුරු කරගැනීම මෙන්ම කාවන්තිස්ස ඇතා වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරගැනීම වෙනුවෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් මෙලෙස ඉල්ලා ඇත.
මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස කීවේ, කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සොයන ගමන් දැනට සිටින ඇත් පරපුර ආරක්ෂා කිරීමට රජය පියවර ගත යුතු බවයි. මෙය දේශපාලනයෙන් තොර කාරණයක් බවද ඔහු සඳහන් කළේය.
එසේම දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ද පක්ෂ භේදයෙන් තොරව සම සභාපතිත්වයෙන් යුතුව සාර්ථකව ක්රියාත්මක වන නිසා මෙම ඇතාගේ මරණය පිළිබඳ සොයන කමිටුවද රාජ්ය හා විපක්ෂයේ සම සභාපතිත්වයෙන් යුතුව ස්ථාපිත කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්රේමදාස කථානායකවරයාට යෝජනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd