
(මොහොමඩ් ආසික්)
දිවයිනේ බොහෝ ප්රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්රික්ක නවයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 43 කට නායයෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 20 පස්වරුවේ නිකුත් කළේය.
එයින් ප්රාදේශීය ලේකම් කොට්ඨාස අටකට තෙවන මට්ටමේ රතු නිවේදන සහ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 19 කට දෙවන මට්ටමේ නිවේදනද තවත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස 16 කට පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
ඒ අනුව, මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට,අරණායක, ඇරණියගල, මාවනැල්ල,යටියන්තොට,නුවරඑළිය දිස්ත්රික්කයේ කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව සහ නොර්වුඩ් යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා රතු නිවේදන නිකුත් කර තිබේ.
කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ, තවලම සහ නෙළුව, කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහළ, පාලින්දනුවර, වලල්ලාවිට සහ අගලවත්ත, මහනුවර දිස්ත්රික්කයේ ගඟඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්රික්කයේ බුලත්කොහුපිටිය සහ කෑගල්ල, මාතර දිස්ත්රික්කයේ අකුරැස්ස සහ පිටබැද්දර, නුවරඑළිය දිස්ත්රික්කයේ තලවකැලේ, රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල,රත්නපුර,අයගම සහ කුරුවිට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
කොළඹ දිස්ත්රික්කයේ සීතාවක,ගාල්ල දිස්ත්රික්කයේ නියාගම, බද්දේගම, ගම්පහ දිස්ත්රික්කයේ මීරිගම,කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය,මහනුවර දිස්ත්රික්කයේ උඩපළාත, යටිනුවර, කෑගල්ල දිස්ත්රික්කයේ ගලිගමුව, වරකාපොළ, රුවන්වැල්ල මාතර දිස්ත්රික්කයේ කොටපොළ පස්ගොඩ සහ අතුරලිය, රත්නපුර දිස්ත්රික්කයේ ඇහැලියගොඩ, කලවාන, සහ ඇලපාත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත කර තිබේ.
මෙහි රතු නිවේදන නිකුත් කර ඇති ප්රදේශවලට පසුගිය පැය 24 ක කාලය තුල මිලිමීටර් 150 ඉක්මවු වර්ෂාපනයක් ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත ස්ථානයක් කරා යාමට පියවර ගන්නා ලෙසත්, දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති ප්රදේශවලට පසු ගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 100 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත ස්ථානයකට යාමට සූදානමින් සිටින ලෙසත් පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්රදේශවලට පසු ගිය පැය 24 ක කාලය තුල මිලි මිටර් 75 ඉක්ම වූ වැසි ලැබි ඇති බැවින් පස් කණ්ඩි කඩා වැටීම, ගල් පෙරළීම, පොළොව ගිලා බැසීම ගැන අවධානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2026.09.20 වන දින සවස නිකුත් කර ඇති මෙම නිවේදනය 2026.09.21 වන හෙට දින පස්වරු 2.00 දක්වා බලපැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd