බස් ගාස්තුව සියයට 20කින් ඉහළට
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා බස් ගාස්තුව කාණ්ඩ දෙකක් යටතේ ඉහළ දැමූ බවත් ඒ අනුව කිලෝමීටර 100 කට අඩු කෙටි ගමන් සේවා බස්රථවලට සියයට 12 සහ කිලෝමීටර 100 වැඩි දුරගමන් සේවා බස්රථවලට සියයට 20ක ගාස්තු ඉහළ දැමූ බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (1) පස්වරුවේ පැවසීය.