පැය 48 දුම්රිය වර්ජනය අද මැදියන් රැයේ සිට අරඹයි දුම්රිය සාමාන්යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති 26 ක් එකතුව ක්රියාත්මක කරන දෙදින වැඩවර්ජනය අද (16) මාධ්යම රාත්රී සිට ආරම්භ කරන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු, දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි. 16 September 2026
රුමේෂ්ගේ හෙල්ලවලට අලාභය ගෙවන්න තුර්කි ගුවන් සමාගම තීරණය කරයි ලෝක මලල ක්රීඩා අවසාන ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ක්රීඩකයාගේ හෙල්ල පහට ගුවන් යානයේ දී සිදු වූ අලාභය කඩිනමින් ප්රතිපූරණය කිරීමට තුර්කි ගුවන් සේවය තීරණය කර ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යංශය පවසයි. 16 September 2026
ශිරන්ති සිංගප්පූරුව බලා පිටත් වේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය. 16 September 2026
දෙහිවල දෙදරු ඝාතනයේ බෝම්බකරු ත්රීරෝද රථ රියැදුරා මාට්ටු අත් බෝම්බ ප්රහාරයක් එල්ල කර දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවෙසක නිදා සිටි දරුවන් දෙදෙනකු මරා දැමූ සිද්ධියේ අත් බෝම්බය එල්ල කළ ප්රධාන සැකකරු සහ ත්රී රෝද රථය පදවාගෙන පැමිණි පුද්ගලයා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 15 September 2026
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ්ගේ හෙලි පහම ගුවන් යානයේදී දෙකට කැඩිලා තමන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළට එන්නේ ඉතාම සතුටින් වුවත් , අද කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණියේ ඉතා කනගාටුවෙන් බව හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති අල්ටිමේට් හෙල්ල විසි කිරීමේ ශූරතා තරගාවලිය ජයග්රහණය කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය. 15 September 2026
නාමල් ගුවන් යානා නඩුවේ ප්රධාන සැකකරු ලෙස නම් කරයි: 16 අධිකරණයට ශ්රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියට අදාළව ප්රධාන සැකකරු වශයෙන් නම් කර පාර්ලිමෙන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා 16 වැනි දින කොටුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිතය. 14 September 2026
බල්ලන් ලියාපදිංචිය අනිවාර්යයි : නොකළොත් 2,000ක දඩයක් සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන පනත් කෙටුම්පතක් රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශය ගැසට් කර අුැත 13 September 2026
22 අධිකරණ මතය 22 වැනි දා මැතිසබයට විසි දෙවැනි ආණ්ඩුක්රම ව්යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 13 September 2026
අණ නොතැකූ වෑන් රියකට පොලිසියෙන් වෙඩි පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් පසුපස වැලිවේරියේ සිට පන්නා ගොස් ගම්පහ , අස්ගිරිය ප්රදේශයේදී වෙඩි තබා අල්ලා ගත් බව පොලීසිය සදහන් කරයි. 13 September 2026
එයාර් බස් ගනු දෙනුවේ ප්රධාන සැකකරු නාමල්? ශ්රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20 අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියේ ප්රධාන සැකකරු වශයෙන් පාර්ලිමෙන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා නම් කරන ලෙස නීතීපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට උපදෙස් දී ඇත. 12 September 2026
සංවිධානාත්මක අපරාධකල්ලි ගිනි අවිය පසෙකලා බෝම්බ අතට ගනි දෙහිවල සිරිසඟබෝ මාවත ප්රදේශයේ නිවසකට එල්ල වූ බෝම්බ ප්රහාරයත් සමගම මෙම වසරේ මේ දක්වා බෝම්බ ප්රහාර පහක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 12 September 2026
දෙහිවල නිවෙසකට බෝම්බ ප්රහාරයක්:දරු දෙනෙක් මරුට දෙහිවල සිරිසඟබෝ පෙදෙස නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්රහාරයකින් කුඩා දරුවන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ් යු වුට්ලර් මහතා පැවසීය. 11 September 2026
ඥානසාර හිමිට ජනපති දුන් පොදු සමාව බල රහිත කරයි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ගුණසාර හිමියන්ට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ලබාදුන් පොදු සමාව බලරහිත බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 10 September 2026
2009 සිට 2016 දක්වා කාලයේ ගල්අඟුරු පාඩුව කෝටි 414යි ලංකා ගල් අඟුරු සමාගම නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ඉකුත් 2009 සිට 2016වසර හතක කාලයේ දී ගල් අඟුරු මිලදී ගැනීමේ දී සිදුවූ අක්රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414 කට අධික පාඩුවක් සිදුව ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් තොරතුරු අනාවරණය වී ඇත. 10 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්රධානී පුටුව අහෝසියි ආරක්ෂක මාණ්ඩලික ප්රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන රහිතව සම්මත විය. 09 September 2026
හිටපු ඇමැති සරණට සරණක් වෙන්න ගිය ආරච්චිට වැඩ වරදී වසර 16 ක සිර දඬුවම් නියම වූ හිටපු නියෝජ්ය ඇමති සරණ ගුණවර්ධනට එරෙහිව පවතින තවත් අල්ලස් නඩුවකට අත්හිටවූ සිර දඬුවමක් ලබාදීමට කටයුතු සම්පාදනය කිරීමට රුපියල් හත්ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ මහාධීකරණ ආරච්චිවරයා ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 09 September 2026
තායි නිදහස් වීසා ලැයිස්තුවෙන් ශ්රී ලංකාව ඉවතට තායිලන්ත වීසා ප්රතිපත්තිය සංශෝධනය කිරීමට එරට රජය තීරණය කිරීම හේතුවෙන් එළැඹෙන 15 වැනිදා සිට ශ්රී ලාංකිකයන් තායිලන්තයට වීසා රහිතව ඇතුළු වීමේ අවස්ථාව අහිමි වේ. 08 September 2026
බස් ලලියා වමාරයි : ගිනි අවි, උණ්ඩ කනත්තෙන් මතු වේ පුද්ගල ඝාතන සහ කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බස් ලලියා නමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු හංවැල්ල දිද්දෙණියේ සූසාන භූමියක සඟවා තිබූ ගිනි අවි කීපයක් සොයා ගැනීමට හැකිවූූ බව නාරාහේන්පිට මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 07 September 2026
ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු සැණින් 22 සම්මත කරනවා 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු සැණින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුලත්සිංහල දී පැවසීය. 06 September 2026
විසි දෙක අධිකරණ මතය එන සතියේ මැතිසබයට විසි දෙවැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා විසින් බොහෝ දුරට ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 06 September 2026
එල්නිනෝවෙන් දිස්ත්රික්ක හතක ලක්ෂයකට අධික පිරිසක් පිපාසයේ එල්නිනෝ හේතුවෙන් ඇති වුණු වියළි කාලගුණයෙන් දිස්ත්රික්ක 7ක 115,534 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය පවසයි. 05 September 2026
නාමල් රිමාන්ඩ් එයාර් බස් ගනු දෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමත්ය සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය. 04 September 2026
නාමල් අධිකරණයට රැගෙන එයි එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය , පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට රැගෙන ආවේය. 04 September 2026
ජොනී අත්අඩංගුවට මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට රුපියල් ලක්ෂ 74 ක පුටු සැපයීමේදී නියමිත ප්රසම්පාදන ක්රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට පාඩුවක්කර දූෂණය නම් වරද සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශ ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ඇමති ජෝන්ස්ටන් ප්රනාන්දු මහතා අද (04) එම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. 04 September 2026
කතානායක සැප ලයිස්තුව අරන් මැතිසභා ලොක්කෝ අල්ලස් කොමිසමේ කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහි දූෂණ චෝදනා පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරැ දීමට පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීහු තිදෙනෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙරවරැවේ පෙනී සිටියහ. 04 September 2026
උපයන විට ගෙවන බද්ද හොඳටම වැඩියි ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned) බොහොම වැඩි බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය. 03 September 2026
කුඩ්ඩන්ට ඇප ගන්න අලුත්ම රස්සාව උසාවියේදී එළි වේ මත්ද්රව්ය ජාවාරම් සිද්ධීන් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින සැකකරුවන් 45 ක් පමණ පිරිසකට ඇප ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇති පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳ වහාම සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා රහස් පොලිසියේ අධ්යක්ෂකවරයාට නියම කළේය. 02 September 2026
හම්බන්තොට හිටපු පුරපතිගේ සිරුර තිඹිරිගස්යායේ නිවෙසක හම්බන්තොට මහ නගර සභාවේ පළමු පුරපති වූ එරාජ් රවින්ද්ර ප්රනාන්දුගේ සිරුර කොළඹ තිඹිරිගස්යාය ප්රදේශයේ ඔහු පදිංචිව සිටි නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. 02 September 2026
ප්රියංකර ජයරත්න වසර හතකට සිරගෙට හිටපු සිවිල් හා ගුවන්සේවා අමාත්ය ප්රියංකරට වසර හතක බරපත වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණය නියම කළේය. 01 September 2026
22ක සලකා බැලීම 502 ශාලාවෙන් 501කට මාරු කරයි 222 වැනි ආණ්ඩුක්රම ව්යාවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහ නඩුව කැඳවූ අධිකරණ ශාලාව මාරු කිරීමට සිදුවිය. 01 September 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026