ඩොලර් බිලියනයක් රටින් පැන්නූ බැංකු හතරක කළමනාකරුවන් හතරක් රිමාන්ඩ් ඇමෙරිකන් ඩොලර් බිලියනක මුදලක් නීති විරෝධී ආකාරයට රටෙන් පිට කිරීමේ සිද්ධියට අදාල මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙරට ප්රධාන පෙළේ බැංකු හතරක කළමනාකරුවන් සිව් දෙනා ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්රාත් ලියාන් හර්ෂවිතාන මහතා නියෝග කළේය. 17 August 2026
මාස පහට ආණ්ඩුව ගැන කැමැත්ත සියයට 15කින් පහළට ’’රට හිතන හැටි’’ මත විමසුමේ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පසුගිය ජූලි මාසයේදී සැළකිය යුතු මට්ටමකින් සියයට 50 දක්වා අඩුවී ඇති බවත් එය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සියයට 15 කින් පහළ යෑමක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්රකාශ කළේය. 16 August 2026
මත්තල ගුවන්තොට ගන්න ’’දළකාරයෝ’’ 19ක් පාඩු ලබන මත්තල ගුවන්තොටුපොළේ විවිධ ආයෝජන කටයුතු සඳහා දෙස් විදෙස් ආයෝජකයන් 19 දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කර ඇතැයි වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ලංකාදීපයට පැවසීය. 16 August 2026
නුවරඑළියේ සමෘද්ධි හොර අල්ලන්න ජනපති කමිටුවක් පත් කරයි නුවරඑළිය දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති මුදල් අක්රමිකතා සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විගණන කණ්ඩායමක් පත් කිරිමට අවශ්ය පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසිය. 16 August 2026
එල් නිනෝ මෙරට ආර්ථිකයට බලපෑමක් එල්ලවීමේ අවදානමක් එල් නිනෝ දේශගුණික සංසිද්ධියෙන් මෙරට ආර්ථික වර්ධන වේගයට බලපෑමක් එල්ල වීමේ අවදානමක් තිබෙන බව මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ. 14 August 2026
විභාග කොමසාරිස්වරියගෙන් විශේෂ දැනුම් දීමක් උසස් පෙළ ප්රශ්න පත්ර අංඩගු පැකැට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදු කර නොමැති හෙයින් ව්යාජ තොරතුරු වලින් කලබලයට පත් නොවී අද(14) දිනයේ නියමිත කාලසටහනට අනුව විභාගයට මුහුණ දෙන ලෙස සියලුම විභාග අපේක්ෂකයින්ට කාරුණිකව දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය. 14 August 2026
හිටපු මන්ත්රීනියගේ බෝට්ටුවලට වරායකින් ණයට තෙල් ගහලා කොඩ්බේ ධීවර වරාය නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්රීවරියකගේ ධීවර යාත්රා සහ වාහන සඳහා ඩීසල් ණයට සපයා ඇතත් ඒ වෙනුවෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ දාහතරකට ආසන්න මුදලක් මෙතෙක් අය කර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 13 August 2026
‘‘ලිපියට පිළිතුරුක් නොලැබීම කනගාටුදායක තත්වයක්‘‘ මහානායක හිමිවරුන් තම මතය ජනාධිපතිතුමන් හට ලිඛිතව දැනුම් දෙන අවස්ථාවලදීද අදාල ලිපිය සම්බන්ධයෙන් මේ දක්වා පිළිතුරක් හෝ නොලැබීම කණගාටුදායක තත්ත්වයක් බව තිබ්බොටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නා හිමියෝ පවසති. 12 August 2026
ජනපති හමුවෙන් පසු නීතිඥ සංගම් සභාපතිගෙන් ප්රකාශයක් නව ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන අදහස් හා තීරණය නැවත සිතා බලා හරි තැනකට එන්න පුළුවන් වේවි යැයි විශ්වාස කරන බව ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවැසීය. 12 August 2026
විභාග දෙපාර්තමේන්තුටත් හැකරු අවදානමක්? විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු වත්කම් ආරක්ෂා කිරීමට නියමිත ආරක්ෂක ක්රමවේද කිසිවක් අනුගමනය කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 12 August 2026
‘‘මහා නා හිමිවරුන්ගේ ලිපිය ජනපතිට ලැබුණ‘‘ විනිසුරුවන්ගේ විශ්රාම වයස් දීර්ඝ කිරීමේ ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්රෛනිකායික මහානාහිමිවරුන් යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු බව කැබිනට් මාධ්ය ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී අද පැවසීය. 11 August 2026
මත් වැරදි වලට මරණ දඬුවම ? මත්ද්රව්ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී තිබෙි. 10 August 2026
කංජිපානිගේ ඥාතියෙක් වෙඩි තබා මරයි පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ඥාතියකුගේ හිසට අද (10) දහවල් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය සඳහන් කරයි. 10 August 2026
සාගර කාරියවසම් අත්අඩංගුවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මීට සුළු වේලාවක පෙර අත්අඩංගුවට ගෙන ඇත. 10 August 2026
අසභ්ය පින්තූර ගෙන්වා කප්පම් ගැනීම් යළි කරලියට ෆේස්බුක් මැසෙන්ජර්, ඉන්ස්ටග්රෑම්, ටෙලිග්රෑම් සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්ය ඔස්සේ පුද්ගලයන් රවටා නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන ඒවා ප්රසිද්ධ කරන බවට තර්ජනය කරමින් මුදල් ගැරීමේ ජාවාරමක් යළිත් ව්යාප්ත වෙමින් පවතින බවත් ඒ පිළිබඳ පැමිණිලි රාශියක් ලැබී තිබෙන බවත් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය පසුගියදා ප්රකාශ කළේය. 09 August 2026
එල්නිනෝ මාලු අස්වැන්න ගිලියි එල්නිනෝ තත්වය සමඟ මුහුදේ මතුපිට ජල ස්ථරයේ උෂ්ණත්වය ඉහළ යෑමේ ප්රතිපලයක් ලෙස දිවයින වටා මුහුදු තීරයේ මත්ස්ය ගහනය ගැඹුරු මුහුද දෙසට ඇදීයෑම හේතුවෙන් මත්ස්ය අස්වැන්න අඩුවී ඇතැයි ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්ය අමාත්ය රත්න ගමගේ මහතා පැවසීය. 07 August 2026
කුරුවිට බන්ධනාගාර ගැටුමින් දෙකක් මරුට කුරුවිට බන්ධනාගරයේ සිදුවුණු ගැටුමින් රැදෙවියන් දෙදෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 07 August 2026
අන්තර්ජාල හොර සූදු වෙබ් අඩවි 122 ක් තහනම් කරයි අවසර නොලද නීති විරෝධී අන්තර්ජාල සුදු වෙබ් අඩවි 122 ක් වහාම ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකාව තුළ තහනම් කළ බව ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. 06 August 2026
සත්ව සුබසාධන පනත ආවට ගියාට සම්මත කරන්නේ නෑ ආන්දෝලනයට තුඩු දී තිබෙන සත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නේ අදාල පාර්ශ්ව සමග සාකච්ඡාවකින් අනතුරුව බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 August 2026
සූදු කෙළින වෙබ් අඩවි 24ක් තහනම් අවසර නොලත් නීති විරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්රී ලංකාව තුළ වහාම ක්රියාත්මක වන පරිදී අවහිර කළ බව මුදල් අමාත්යාංශය ප්රකාශ කළේය. 05 August 2026
හිටපු ඇමැති අකිල 18 තෙක් රිමාන්ඩ් ජනාධිපති ලේකම් කාර්යාලයට බදවාගත් සේවකයන් පෞද්ගලික හා දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ හිටපු අධ්යාපන හා උසස් අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය 05 August 2026
එජාප උප නායක අකිල අත්අඩංගුවට එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ හිටපු අධ්යාපන හා උසස් අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 05 August 2026
එල් නිනෝ සමග එන මෝසම සැර වැඩි වේ එල් නිනෝ තත්වයත් සමග වර්ධනය වන නිරිත දිග මෝසම හේතුවෙන් මෙරට 250,000 ක ජනතාවක් දැඩි අවදානමට ලක්විය හැකි යැයි රජය ඇස්තමේන්තු කර ඇතැයි රතු කුරුස සංවිධානය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ. 05 August 2026
වැස්ස හය දෙනෙක් බිලි ගනිති සබරගමුව පළාතට සහ දිස්ත්රික්ක කීපයකට බලපා ඇති තද වර්ෂාව හේතුවෙන් සිදු වූ නාය යෑම් සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් හය දෙනකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථාන කියයි. 04 August 2026
යුද්ධය නිසා ඉන්ධන ආනයනයට වැඩි පුර රුපියල් කෝටි 39දහසක වැය වෙලා ඇමෙරිකානු - ඉරාන යුද්ධය හේතුවෙන් මෙම වසරේ පළමු මාස හයේදී මෙරට ඉන්ධන ආනයන වියදම පසුගිය වසරට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් කෝටි 117 කින් (ශ්රී ලංකා රුපියල් කෝටි 39,250 කින් පමණ) ඉහළ ගොස් ඇති බවත් එය ප්රතිශතයක් ලෙස සියයට 58.8 ක් බවත් ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. 03 August 2026
කෝටි 42ක වාහන ආනයනය කරලා මෙම වසරේ පළමු මාස හය තුළදී ඇමෙරිකානු ඩොලර් කෝටි 125.4 ක ( ශ්රී ලංකා රුපියල් කෝටි 41,971 ක් පමණ) වාහන ප්රමාණයක් මෙරටට ආනයනය කර ඇතැයි ශ්රී ලංකා මහා බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 03 August 2026
මහර බන්ධනාගාරයට සෑහෙන්න හානි කරලා මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්ය ප්රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි. 02 August 2026
‘‘ඉරානයට යළි ප්රහාර එල්ල කරන්නේ නෑ‘‘ ඇමෙරිකාව, ඉරානයට නව ප්රහාර එල්ල නොකරනු ඇති බවත් ඊශ්රායලයද ඉරානයට නව ප්රහාර එල්ල නොකරනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අද ප්රකාශ කළේය. 02 August 2026
රාගම පැත්තකට පොලිස් ඇඳිරි නීතිය වාහාම ක්රියාත්මක වන පරිදි රාගම කැන්දලියද්දපාළුව උතුරු, කැන්දලියද්දපාළුව බටහිර සහ දඹුව යන ග්රාමසේවා වසම්වලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතය පනවා ඇතැයි පොලිසිය දැනුම් දෙයි. 01 August 2026
බන්ධනාගාරය අවට යළි උණුසුම් මහර බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන හඬක් ඇසීමත් මහර බන්ධනාගාර පරිශ්රය අවට රැඳි සිටින රැදවියන්ගේ ඥාතීන් සහ අවට පිරිස් පොලිස් මාර්ග බාධක කඩාගෙන බන්ධනාගාරය තුළට ඇතුළු වීමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය එය සාර්ථකව ව්යාර්ථ කළ බව තොරතුරු වාර්තා වෙයි. 01 August 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026