
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු - ඉරාන යුද්ධය හේතුවෙන් මෙම වසරේ පළමු මාස හයේදී මෙරට ඉන්ධන ආනයන වියදම පසුගිය වසරට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් කෝටි 117 කින් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 39,250 කින් පමණ) ඉහළ ගොස් ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 58.8 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
දත්ත වාර්තාවට අනුව මෙම වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 316.8 ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 106,021 ක් පමණ) වැයකර තිබිණි.
එහිදී ඉන්ධන ආනයනය සඳහා වැඩිම මුදලක් වැයකර තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේ වන අතර එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 886 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 29,654ක් පමණ) ඉන්ධන ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වියදම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd