
(අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී තිබෙි.
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(10)රැස්විය
විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයම බරපතළ තර්ජනයකට ලක් කර තිබීමත්, ඉන් නොනැවතී එම තත්ත්වය වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීමට මෙහිදී සාකච්ඡා වී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා අසීමිත ධනය ආශ්‍රිතව ගොඩනැගී ඇති අපරාධමය පරිසරය මේ වන විට ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්ම පද්ධතියට විශාල තර්ජනයක්ව ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ පිළිබඳව බිය වන සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සාකච්ඡාවට ලක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එපෝ, අපේ කුඩු නයුවන් තව ජීවත්වෙන්න ඕනෝඕඕඕ.
ඉක්මනින් නීතිය ස්තාපිත නරන්න, නැත්නම් මේ ප්රශ්නය ඔඩු දුවනව
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු අතර, මෙම මාරාන්තික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් කිසිදු විකල්ප විසඳුමක් නොමැත.
අන්න කරනව කරන්න ඕන නියම වැඩක්. වෙන හුගක් රටවල ඔය නීතිය ක්‍රියාත්මක වෙනවනෙ. පුලුවන් නං ඒකා බඩ්ඩ විපක්සෙට අඹුට ගහන්න බැරිවෙන වැඩක්.
1000%
උපරිම දවස් 21ඇතුලත්ව, විශේෂ අධිකරණ තීන්දුවකින් එල්ලා මරන්න .... !!!! පවක් වෙන්නෙ නෑ , උතුම් සමාජ සේවයක් !!!
යුරොපා සංගමය වගේ සමහර රටවල් හා මානවහිමිකම් සංවිධාන ආදිය විරුද්ධ වෙනව. ඒ නිසා ජනමත විචාරණයකට ගියොත් හොඳයි .
ඉතාම කාලෝචිතයි
සාඛච්චා කරකර ඉන්ඩ දෙයක් නැහැ මහතිර් මොහොමඩ් මහතා වගේ නොන්ද කෙලින් තියාගෙන සෘජු තීරණයකට එන්න රටට සහ ජනතාවට ඇත්තටම ආදරේනම්.
අනුර මහත්තය, මේක ඉතාමත් හොඳ වැඩක්. ඉක්මනටම ක්‍රියාත්මක කරන්නන .
ඒකනම් කරන්නම ඔනෙ දෙයක්
පසුගිය දවසක එක් කාන්තාවක් අපේ පුතා කුඩු බොන්නෙ අපේ සල්ලිවලින්නේ ඒකට ආණ්ඩුවට රුදාව මොකක්ද කියල බෙරිහන් දෙනවා දැක්කා මේ නිසා කුඩුකාර පුතාලට සාකච්ඡා කල දඩුවම් දීල එහෙම අම්මලාටත් ජීවිතාන්තය දක්වාම දඩුවමක් දෙන්න පුලුවන් නම් හොදයි කියලා හිතෙනවා
සංවිධානාත්මක මිනීමරුවෝ.. එයාලා බබාලාද? එයාලාට තොටිල්ලක් හදලා නලවන්නද ඉන්නේ... අනිත රුපියල් බිලියන ගනන් වංචා කරපු අයට, දයා ගමගේ වගේ.. අයටත්... ඒයාලා රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි අරං හෙලිකොප්ටර් පැද්දා..
පච වලින් ජනතාව රවටා රටක් ව්පතට පත්කරනවාට දෙන දඬුවමත් ඒ සමගම ප්‍රකාශයට පත් කරන්න.
මරණ දඬුවම නිවැරදි විසඳුමක් නොවෙන අතර ඒ තුලින් අපරාධ අඩු වීමක් නොවේ .
අනිවාර්යයෙන්ම ගේන්න ඕන.