(ගයාන් සූරියආරච්චි)

පොලිස් විශේෂ කාර්ය බළකාය 15 වැනි අණ දෙන නිලධාරී වශයෙන් නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන මහතා පත්කර ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිර්දේශ මත පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම අද (17) සිට ක්‍රියාත්මක වේ.

රෝයි සුමනවර්ධන මහතා 1989 වර්ෂයේ පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධවනුයේ උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙනි. අනතුරුව 1990 වසරේ පොලිස් විශේෂ කාර්ය බළකායට සම්බන්ධ විය.

පොලිස් විශේෂ කාර්ය බළකාය හිටපු අණදෙන නිලධාරී සමන්ත ද සිල්වා මහතා විශ්‍රාමයාමෙන් අනතුරුව රෝයි සුමන වර්ධන මහතා වැඩබලන අණ දෙන නිලධාරී වශයෙන් කටයුතු කළේය.

ඔහු ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ආදි සිසුවෙකි.