
(බිමල් ශයාමන් ජයසිංහ,ගයාන් සූරියආරච්චි සහ අජිත්ලාල් ශාන්තඋදය)
කුරැවිට බන්ධනාගාරයේ රඳවියන් පිරිසක් අතර ඇතිවු නොසන්සුන්තාවයෙන් දෙදෙනකු මිය ගොස් ඇතැයි කුරුවිට පොලිසිය සඳහන් කරයි.
රැඳවියන් පිරිස අතර ඇති වූ ගැටුම හේතුවෙන් තවත් 13 කු තුවාල ලබා ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද සඳහන්ය.
ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර ඇත.
ඊයේ රාත්‍රී ඇතිවූ ඇතිවු නොසන්සුන්තාවය අද උදෑසන සිට යළිත් ඇතිවීමත් සමගම මෙම ගැටුම ඇතිවී ඇත.
රඳවියන් බන්ධනාගාර රෝහලට ද අලාභානි කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදී ආගම්වාදී ගැටුම් අවුලුවන්න බැරි බව පොහොට්ටුවෝ දන්නවා ඒ නිසා බන්ධනාගාර ඇතුලේ කලබල කරලා රටේ අර්බුදයක් නිර්මාණය කරන්න උත්සහා කරනවා. ඒක මේ අයි.එම්.එෆ් පදේට නටනවා ඇරෙන්න වෙන මෙලො දෙයක් කරගන්න බැරි ගොබ්බයන්න්ට නොතේරෙන හැටි.
එකම රැල්ල. පිටතින් මෑතදී ඇතුලට ආපු අය නිරීක්ෂණය වැදගත්. ඇතුලේ නිලධාරීන්ගේ සහාය නැතිව කිසිම විටෙක මෙවැනි කලබල පටන්ගන්න බෑ නේද?
හුරතල් කරපු හින්ද තමයි කෝටි 15 ක් ජනතාවගෙ සල්ලි කාබාසිනිය කලේ මිගමුව, තමන්ට කන්න දෙන තැනෙත් පැහැරුව . මේ ගොල්ලන්ට එරෙහිව දැඩි පියවර ගන්නෙ , බන්ධනාගාරෙත් ඉන්නෙ මනුෂ්සයො නම් , ඔවුන්ට අමනුෂ්සයො ලෙස හැසිරෙන්න නොදිය යුතුයි, නීතිය දැඩිව ක්‍රියාත්මක කරනින
කලබල නොකල හිටිය නම් අදත් ජිවතුන් අතර නේ
සිරකරුවන්ගේ මේ හැසිරීම් වලට නිසි උත්තර රජයෙන් ගත්තේ නැතිනම් ලංකාවත් බ්‍රිතාන්‍ය වගේ වෙයි ඉස්සරහට. රටේ ඉන්න දරුණුම මිනිස්සු ටික ඉන්න බන්ධනාගාර ටික හා පැටවූ ගාලක් වගේ බලාගන්නවද , නැතිනම් නිසි දැඩි පාලනයක් ගෙනියනවද කියල රජය තීරණය කරන්න ඕනේ. අපි දන්නවා විපක්ෂේ ඉන්නේ මේ වැඩේ ට ආණ්ඩුව දැඩි තීරණ ගන්න කල් -විවේචනය කරන්න. අපි කියන්නේ ආණ්ඩුවට දැඩි තීරණ ගන්න. මෙහෙම නාලවල හරියන්නේ නැහැ