
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන හඬක් ඇසීමත් මහර බන්ධනාගාර පරිශ්‍රය අවට රැඳි සිටින රැදවියන්ගේ ඥාතීන් සහ අවට පිරිස් පොලිස් මාර්ග බාධක කඩාගෙන බන්ධනාගාරය තුළට ඇතුළු වීමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය එය සාර්ථකව ව්‍යාර්ථ කළ බව තොරතුරු වාර්තා වෙයි.
ඒ අනුව එහි යළි නොසන්සුන් කාරී තත්වයක් හටගෙන ඇත.
වෙඩි හඬට සමාන හඬ කිහිපයක් බන්ධනාගාරය තුළින් ඇසීමත් සමඟ රැඳවියන් බැලීමට පැමිණ සිටි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිස් මුර බාධක බිඳගෙන යාමට උත්සහ කර ඇත.
ඒ අවස්ථාවේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඉදිරියට පැමිණ එම ජනතාව පාලනය කිරීමට උත්සහ කිරීමේදී ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ආරක්ෂක අංශ නිලධාරින් වෙත ගල් ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇත.
ජල ප්‍රහාරක රථ ද බන්ධනාගාර ඉදිරිපිට පරිශ්‍රය වෙත රැගෙන ඒමට පොලිසිය කටයුතු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd