විදුහල්පති - පුතා කෝටි දෙකක මත් කුඩු සමග මාට්ටු එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, එප්පාවල ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී රුපියල් කෝටි දෙකකට වැඩි හෙරොයින් මත්කුඩු තොගයක් සමග එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සහ ඔහුගේ පුත්‍රයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 05 November 2025
මන්ත්‍රීලාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මහ බැංකුව මැතිසබයේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීමට ප්‍රමාද වන්නේ නම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබා දිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. 05 November 2025
වතිකාන විදෙස් ඇමැති ජනපති අනුර හමුවෙයි රටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බව වතිකානයේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම් පෝල් රිචඩ් ගැලගර් අගරදගුරු තුමෝ ප්‍රකාශ කළහ. 04 November 2025
පිරිමින්ට සීමා වූ දුම්රිය තනතුරු කීපයකට කතුන්ට අවස්ථාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 November 2025
චරිත රත්වත්තේ අත්අඩංගුවට අග්‍රාමාත්‍ය ජේෂ්ඨ උපදේශකවරයකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. 04 November 2025
සේවයෙන් පහ කළ දුම්රිය රියැදුරා වසර 4ක් පඩිත් දී විශ්‍රාම ගන්වලා කොළඹ - මහනුවර සීඝ්‍රගාමී දුම්රියක් ගණේමුල්ලේ දී අනතුරකට ලක්කර රජයට රුපියල් ලක්ෂ 93ක පාඩුවක් සිදු කළේ යැයි වසර හතක් විනය පරීක්ෂණ පවත්වා සේවයෙන් පහ කිරීමේ නිවේදනද නිකුත් කර ඇති දුම්රිය රියදුරු තවත් වසර හතරක් සේවයේ තබාගෙන වැටුප් අතිකාලද ගෙවා සුවසේ විශ්‍රාමගන්වා ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද (03) පැවසීය. 03 November 2025
අධිකරණ සේවයේ 20ක් රාජකාරිවලින් ඉවත් කරලා අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නිලධාරීන් 20 දෙනකු සිය රාජකාරීවලින් ඉවත්කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 03 November 2025
අයවැය සමයේ පාර්ලිමේන්තු සේවකයෝ වැඩ වැරුමක? පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ කමිටු වාර්තාවට විරෝධය පළ කරමින් එහි ඇතැම් සේවකයන් අයවැය කාලයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. 02 November 2025
පත්මේගේ ගිනිඅවිය ළඟ තබාගත් කෝටිපතියා අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල් බද්දර පද්මේ නමැත්තාට අයත්ව තිබූ නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි 01 November 2025
ලලිත් පතිනායක පරිපාලන තනතුරින් ඉවතට? ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලන තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 31 October 2025
නීතිඥවරිය ගැන තොරතුරු තවත් එළියට ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩවත ප්‍රදේශයේ නීතීඥවරිය ඉකුත් 2023 වසරේදී මැඩගස්කර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන සලිදු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිදු සහ හරක් කටා නැමැත්තන් වෙනුවෙන් පෙනී සිටීම සදහා තවත් නීතීඥවරුන් දෙදෙනකු සමග මැඩගස්කරයට ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. 30 October 2025
ශ්‍රමදානයට ආ රැඳවියා අධිකරණ ගබඩාවෙන් ගිනි අවියක් උස්සලා ගල්කිස්ස අධිකරණයේ ඉල්ලීම මත ප්‍රජා විශෝධන කාර්යයන් සඳහා අද (29) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගබඩාව පිරිසිදු කිරීම සදහා පැමිණි රැඳවියකු අධිකරණයේ නඩු භාණ්ඩාවෙන් 9 mm වර්ගයේ උණ්ඩ රහිත ගිනි අවියක් සොරාගෙන ඇත. 29 October 2025
සෙව්වන්දිට නීති පොත දුන් නීතිඥවරියත් කොටුවෙයි පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට නීතිඥ වෙස් ගෙන පැමිණි ඉෂාරා සෙව්වන්දි නමැත්තියට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් බව පැවසෙන නීතිඥවරියක් ඊයේ (28) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. 29 October 2025
ඇමති බංගලා 4ක් මහාධිකරණවලට හිටපු ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාවිච්චි කළ කොළඹ රජයේ නිවාස හතරක මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. 28 October 2025
කෙහෙළියගේ විජේරාමේ ගෙදර මහාධිකරණයකට නව අධිකරණ ස්ථාපිත කිරීම සඳහා ඉඩ පහසුකම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 October 2025
ලොකු ලූනු මිලට ගන්න වට මනී ලොකු ලූනු මිලදී ගැනීම සඳහා එක් ගෙඩියක විෂ්කම්භය මිලි මිටර් 35 - 65 විය යුතු බවත් ලොකු ලූනු කිලෝවක් ගොඩි අටකින් සම්පූර්ණ කළ යුතුයි යන ප්‍රමිතියක් නිකුත් කිරීම නිසා ලූනු අලෙවියෙන් ඉවත් ව සිටි බව ලූනු ගොවීහු පිරිසක් පැවැසූහ. 27 October 2025
වැලිගම ඝාතනයේ වෙඩික්කරු මාට්ටු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කළ බව කියන වෙඩික්කරු මහරගම ප්‍රදේශයේදී අද සවස අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 26 October 2025
වැලිගම සභාපති ඝාතනයට තුනක් අල්ලයි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සභාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 26 October 2025
දුම්රිය නියාමක බීමතින් රාජකාරියේ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා කිසියම් මත් ගතියකින් රාජකාරි කරද්දී දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී අද (25) සවස අත්අඩංගුවට ගනු ලැබීය. 25 October 2025
‘‘මුහුදු යන්න එපා‘‘-ධීවරයන්ට කියයි නැවත දැනුම් දෙනතුරු උතුරු අක්ෂාංශ 05 ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 25 October 2025
සේවා දිගුවකින් ඇමැති - ලේකම් ගැටෙයි? විදුලිබල ක්ෂේත්රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංයේ ලේකම්වරයා අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ. 24 October 2025
අලුත් වාහන ගන්න කෝටි ලක්ෂ 100ක ණය අරන් මෙම වසරේ පළමු මාස හය අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම් වාහන ණය ලෙස ලබාදී ඇති සමස්ත මුදල රුපියල් බිලියන 1,161 ක් බව ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කළේය. 24 October 2025
වැලිගම සභාපති ඝාතකයන් යතුරු පැදි දෙකකින් පළා ගිහින් වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය රාජකාරී කාමරය තුලදී වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුවන් ඒ සදහා යතුරු පැදි දෙකක් භාවිතා කර ඇති බවට සී.සී.ටී.වී කැමරා දර්ශන ඔස්සේ තහවුරු කර ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 23 October 2025
‘‘වැලිගම සභාපති පාතාලයෙක්‘‘ වැලිගම ප්‍රාදේශීය සභාවේ ඝාතනයට ලක්වූ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පාතාල අපරාධකරුවකු බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 22 October 2025
වැලිගම ප්‍රා.සභාපති මරුට වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති නිල කාමරයට තුළට අද උදෑසන 10.15 පමණ ඇතුළු වු නාදුනන පුද්ගලයකු එහි සභාපති ලසන්ත වික්‍රමසේකර (ස.ජ.බ) මහතාට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 22 October 2025
පේරාදෙණි සරසවියේ රන් කුසලානයක් අධිකරණයෙන් නවතයි පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමෙන ඊ්. ඕ්.ඊ පෙරේරා රන් කුසලානය 2015 වසර සඳහා අබේසේකර මහතාට පිරිනැමීමට ගත් තීරණය අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම රන් කුසලානය පිරි නැමීම සඳහා විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බලධාරීන්ට අස නියෝග කළේය. 22 October 2025
වවුනියාව නගරාධිපති උප නගරාධිපතිට ධූරවල කටයුතු තහනම් වව්නියාව මහනගර සභාවේ නගරාධිපති සුන්දරලිංගම් කාර්දීපන් සහ නියෝජ්‍ය නගරාධිපති පී. කාතිතීපන් යන මහත්වරුන්ට වව්නියාව මහනගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති ධුරයන් වල කටයුතු කිරීම වලකාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 21 October 2025
උසාවි ලේඛන කුරුටු ගෑ සිද්ධියට නීතිඥයකුගෙන් ප්‍රශ්න කරන්න යයි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛණයක් කුරුටු ගෑවේ කවුරුන්ද? යන්න සොයා ගැනීම සඳහා මාලිගාකන්ද උසාවියේ සේවය කරන නීතීඥවරුන්ගෙන් හා අධිකරණ සේවකයින්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව රහස් පොලිසිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මියට දැනුම් දුන්නේය. 20 October 2025
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එල්ලුම් ගහ කෙටි කාලයකට ගේන්න රට පුරා තදින් පැතිර යන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමේ පියවරක් ලෙස මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම හෝ වෙනත් එවැනි විකල්ප වැඩපිළිවෙළක් කෙටි කාලයක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලෙස මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා රජයට යෝජනා කරයි. 20 October 2025
පොලිස් පොඩ්ඩාට පෙනී සිටි තාරක නීතිඥ සංගම් කමිටුවෙන් යයි ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබා ගැනීම සඳහා නඩුවට පෙනී සිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ හා වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී තාරක නානායක්කාර මහතා එම සංගමයේ විධායක කමිටුවේ සංස්කාරක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. 19 October 2025
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026