‘‘11 සිට දින හතරක් කොළඹට වතුර කපන්නේ නෑ‘‘ අප්‍රේල් 11, 12, 13, 14, යන දිනවල උත්සවය සමය නිසා කිසිදු බිඳ වැටීමකින් තොරව ජලය සපයන බව, ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසීය. 05 April 2026
එකලස් කළ වාහන 20ක් සමග තුනක් මාට්ටු නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී නවීනතම රථ ඇතුළු රථ වාහන 20 ක් සමගින් සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 04 April 2026
අන්තර්ජාල මූල්‍ය වංචා කළ චීන්නු 150කට වැඩ වරදී හලාවත අඹකදවිල ඉරණවිල ප්‍රදේශයේ සුපිරි හෝටලයක් කුලියට ගෙන එහි නැවති අන්තර් ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකළ බව කියන චින ජාතිකයින් ඇතුළු 150 ක පිරිසක් යුද හමුදා බුද්ධි තොරතුරක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අපරාධ සම්බන්ධ ඒකකයේ නිළධාරීන් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබේ. 03 April 2026
පළාත් කීපයකට අදත් වතුර කපයි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. 03 April 2026
කලටුවාව ජල ධාරිතාව තවත් දින 20යි:ජලය සිමා කරයි ජල සම්පාදන මණ්ඩලය සතුව පවතින සීමා සහිත ජලධාරිතාව සැලකිල්ලට ගනිමින් ජල සැපයුම සීමා කිරිම අද (2) සිට ආරම්භ කරන බව ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසනවා. 02 April 2026
චමල්ගේ පුතාට, කපිලගේ බිරියට වරෙන්තු චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝධරගම මහතා අද විවෘත වරෙන්තු කළේය. 02 April 2026
ට්‍රම්ප් ජාතිය අමතයි ට්‍රම්ප් ඇමෙරිකා ඉරාන යුද්ධය ගැන කතා කළේය. ඇමෙරිකාව ඉරානයට පහර දෙමින් යුද්ධය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය. යුද්ධය ආරම්භ වීමෙන් පසු ට්‍රම්ප්, විටින් විට නොයෙක් නොයෙක් පරස්පර විරෝධී ප්‍රකාශ කළත්, ට්‍රම්ප් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකානුවන් අමතමින් සජීවීව ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය විය. 02 April 2026
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත. 01 April 2026
ඉෂාරාගේ උපන්දින කේක් සිද්ධියට OIC ට මාරුවක් ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියගේ උපන්දින සාදය කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සැමරීමට අවශ්‍ය අවකාශ සැලසූ එහි ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත මාරුකර යැවීමට පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 31 March 2026
රයිස් - කොත්තු මිල ඉහළ යයි විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂ ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් ඉහළ දැමූ බවත් නව මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය. 31 March 2026
විදුලි ගාස්තුව සියයට 10කින් ඉහළට විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 10 කින් ඉහළ දැමූ බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 30 March 2026
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ් වාහනයක චැසි අංක සංශෝධනය කර කැබ් රථයක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීමට අනුබල දීමේ සිද්ධියකට සම්බන්ධව රිමාන්ඩ් ගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ලබන 10 වැනි දා තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි පිලැස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්.අයි වාසල මහත්මිය නියෝග කළාය. 30 March 2026
මිදිගම චූටි මෙරටට ගෙන එයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද(30) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ . 30 March 2026
රුසියාව ඉන්ධන අපනයනය නවතයි ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය හේතුවෙන් ඇතිව තිබෙන බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා අනිද්දා (01) සිට පෙට්‍රල් අපනයන තහනම් කිරීමට රුසියාව තීරණය කර ඇතැයි පැවැසෙයි. 29 March 2026
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් රිමාන්ඩ් කැබ් රථයක චැසි අංක සංශෝධනය කර ව්‍යාජ ලියා පදිංචියකට අනුබල දුන්නැයි කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලබන 30 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි පිලැස්ස මහේස්ත්‍රාත් දමයන්ති විජේනායක මහත්මිය අද නියෝග කළාය. 28 March 2026
අර්.එම්.වී ලොක්කා අත්අඩංගුවට කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ සැකපිට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 28 March 2026
කතානායක වෙනුවෙන් නීතිපති නෑ නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කතානායකවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටියේය. 27 March 2026
ජනතාවගේ අයිතිවාසිකම් කඩ කළ කෙහෙළියට වන්දි දෙන්න වෙයි 2022 වසරේ නාමයෝජනා ක්‍රමය යටතේ ලියාපංචි නොකළ සමාගමක් මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් ලබා ගැනීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වගකිය යුතු හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75 ක් රජයට ගෙවන ලෙස නියෝග කළේය. 27 March 2026
‘‘අසීරු ඕන වෙලාවක රුසියාව ලංකාවට ඉන්නවා‘‘ අසීරු ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය. 26 March 2026
ශ්‍රී ලංකාවට රුසියානු තෙල් ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන සැපයීමට රුසියාව එකඟ වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අද ’ලංකාදීප’යට පැවසීය. 26 March 2026
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය දිවයිනට රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින් ( Roman Marshavin ) මහතා තෙදින නිල සංචාරයක් සදහා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය . 26 March 2026
සීගිරි අභය භූමියට හෝටලයකින් අපද්‍රව්‍ය සීගිරි හෝටලයකින් මුදා හරින අපද්‍රව්‍ය සීගිරි අභය භූමියට මුදා හළ බව කියන සිගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සහකාර කළමනාකාරවරයකු, ඉන්ජිනේරුවරයකු සහ උද්‍යාන පාලකවරයකු අත්අඩංගුවට ගත්බව සිගිරිය වනජීවී නිලධාරීහු පවසති. 25 March 2026
ඉරාන යුද උණුසුමෙන් මෙරට ඇඟලුම් අපනයනයට බාධා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇණවුම් රැගෙන යන නෞකා බොහොමයක් ගමන් කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බවත් ඉරාන යුද්ධය හේතුවෙන් ඇණවුමක් බාර දීමට ගතවන කාලය දින 3ත් 5ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු අද (24) ප්‍රකාශ කළේය. 24 March 2026
ඇමෙරිකාවේ තෙල් පිරිපහදුවක පිපිරීමක් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ පෝට් ආතර් නගරයේ වැලෙරෝ තෙල් පිරිපහදුවේ දැවැන්ත පිපිරීමක් සිදු වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙය දිනකට බැරල් 380,000ක ධාරිතාවයකින් යුත් පිරිපහදුවකි. 24 March 2026
ඉරානය ඇමෙරිකාවට උත්තර දෙයි ඉරානය පසුගිය සති අන්තයේදී ඇමෙරිකාව සමග කිසිදු ඵලදායී සාකච්ඡාවක් සිදු නොකළ බවත් අරමුණු ඉටු කරගන්නා තෙක් ඉරාන හමුදාව සිය මෙහෙයුම් සිදු කරනු ඇති බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය. 23 March 2026
ඉරාන යුධ ගැටුම් දින 5කට නවතන්න ට්‍රම්ප්ගෙන් තීරණයක් දින 5 ක කාලයක් ඉරානයේ විදුලි බලාගාර සහ බලශක්ති සැපයුම් මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්රහාරයන් සම්පූර්ණයෙන් නතර කර දමන ලෙස ඇමෙරිකානු යුද අමාත්‍යාංශය දැනුම් දුන් බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අද (23) ප්‍රකාශ කළේය. 23 March 2026
‘‘ශ්‍රී ලාංකාව ඉල්ලීමක් කළොත් ඉන්ධන දෙනවා‘‘ ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළහොත් මෙරටට අවශ්‍ය ඉන්ධන සහ බොරතෙල් සැපයීමට ඉරානයට හැකි බව මෙරට ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 23 March 2026
’’ මීට පස්සේ ලයිට් එන්නේ ඩීසල් වලින්’’ ජනතාවට මින් පසු රෑට ලයිට් එන්නේ ඩීසල් වලින් බව ඛනිජ තෙල් තෙල් සංස්ථා සභාපති ඩී.ජේ රාජකරුණා මහතා අද (22)පැවසීය. 22 March 2026
බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10 කින් ඉහළ යයි ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බහලුම් ප්‍රවාහන රථ ගාස්තු සියයට 10 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමිට යුතු බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය. 22 March 2026
ඉන්ධන මිල ඉහළ දමයි පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධනවල මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 21 March 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026