
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යමින් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 39,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, දිවයින පුරා ක්‍රියාත්මක කළ මදුරු මර්දන වැඩසටහන්වලදී මදුරුවන් බෝවන ස්ථාන දහස් ගණනක් හඳුනාගෙන තිබේ.
ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ, පවතින රෝගී වර්ධන වේගය අනුව හදිසි වැළැක්වීමේ පියවර ශක්තිමත් නොකළහොත් ඩෙංගු රෝගය වසංගත මට්ටමක් දක්වා ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවය.
පවතින කාලගුණික තත්ත්වය, මදුරුවන් බෝවන ස්ථාන බහුල වීම සහ මර්දන කටයුතු සඳහා මහජනතාවගේ දායකත්වය ප්‍රමාණවත් නොවීම ඉදිරි සති කිහිපය තුළ රෝග ව්‍යාප්තිය තවත් තීව්ර කිරීමට හේතු විය. හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ දත්තවලට අනුව, ජූනි 8 සිට 10 දක්වා ක්‍රියාත්මක වූ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන යටතේ පරිශ්‍ර 97,871ක් පරීක්ෂාවට ලක් කර ඇත. දිස්ත්‍රික්ක 14ක ඉහළ අවදානමක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම දියත් කර තිබේ.
එහිදී පරීක්ෂා කරන ලද ස්ථානවලින් පරිශ්‍ර 25,626ක් (26.2%) ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර, පරිශ්‍ර 6,268ක (6.4%) ඩෙංගු මදුරු කීටයන් සිටින බව තහවුරු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා පරිමාණයෙන් මදුරුවන් බෝ කරන මඩ වගුරු ලේසියෙන් දැක ගන්න... මරදානේ සිට කොටුවට දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ගෙන... දෙපස ඇති දශක ගණනාවක් පුරා දිරාපත් වෙන දුම්රිය මැදිරි සහ ඒ අවට ඇති මඩ වගුරු පරික්ෂා කරන්න. කම්මැලි වගේ දැනෙනවා නම්... මේ පෝස්ටුව දැක්කේ නෑ වගේ ඉන්න.
පාසල්, ටියුෂන් පරිශ්‍ර ආදිය විශේෂයෙන් පරීක්ෂා කරන්න