(ගයාන් සූරියආරච්චි)

මීගමුව බන්ධානාගාරයේ ඉකුත් ජූලි මස සිදුවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, මිනුවන්ගොඩ සහ දූනගහ ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 23 සහ 29 අතර වයස්වල පසුවන තිදෙනෙකි.

මීගමුව බන්ධානාගාරයේ එම නොසන්සුන්තාව ඇති වන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා බන්ධනාගාරගත කර සිට ඇති බව පොලිසිය කීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය I මගින් කරනු ලබන විමර්ශනවලට අදාලව එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව බන්ධනාගාරය තුළදී මිනී මැරීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයකුවීම හා පොදු දේපොළවලට අනර්ථයක් කිරීමට ආධාර අනුබල දීම යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔත්තු ලබා දුන්නැයි කියන සිද්ධියක් මුල්කරගෙන මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබූණි.