මධ්‍යම කඳුකරය පුරා අද 25 වනදා සවස්  කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබේ.

අද දින පස්වරු 6.00 ට පමණ නගරය ජලයෙන් යටව තිබූ අතර මේ හේතුවෙන්  09 මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා  එල්ල වී තිබිණ.

ජල ගැලීම හේතුවෙන් නගරයේ ව්‍යාපාරික  ස්ථාන තුලටද ජලය ගලා යාම නිසා අලාබහානි සිදුව ඇති බව නගරයේ ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

මොහොමඩ් ආසික්