
(ජේ. ඒ. එල්. ජයසිංහ සහ චන්දන උඩුවාවල)
තෙල්දෙණිය රංගල උඩිස්පත්තුව හක්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි ඇඟුළුම් සේවිකාවක ඝාතනය කර අභිරහස් ලෙස වළ දමා තිබියදී ,රංගල පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ පැවැත්වූ රංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ජයරත්න මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක්, මහේස්ත්‍රාත් නියෝගයක් ලබාගෙන ගොඩ ගනු ලැබීය.
මෙලෙස ගොඩගත් කාන්තා මළ සිරුර උඩිස්පත්තුව හක්මන පදිංචි වීරසේකර මුදියන්සේලාගේ හීංපිටගෙදර වාසනා සඳමාලි නැමති 22 හැවිරිදි තරුණියගේ බව රංගල පොලීසිය තහවුරු කරගෙන තිබේ.
තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා මළ සිරුර හමුවූ ස්ථානයේ මහේස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය පවත්වා ,මළ සිරුර සම්බන්ධව වැඩි දුර පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය ,තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණී උපුලී බණ්ඩාර මහත්මිය මගින් සිදුකර ,අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රංගල පොලිස් ස්ථානාධිපති වරයාට නියෝග කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd