
(නිමල් ජයරත්න)
මෙරට ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා රෝල්ස් රොයිස් රථයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමත්, ඩොලර් මිල ඉහළ යෑමට හේතුවක් වූ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා, ඉතාලියේ පැවති නිදහස් උත්සවයේ දී, සිදු කළ ප්‍රකාශයට එම උත්සවයට සහභාගී වූ ඩඩ්ලි සිරිසේන මහතා ඒ මොහොතේම මහාචාර්ය ජී. එල් පීරිස් මහතාට ප්‍රතිචාර දක්වා ඇතැයි බව වාර්තාවේ.
එම නිදහස් උත්සයට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙන්ම ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු පිරිසක් එව සිට ඇතැයි දැනගන්නට ඇත.
ඉතාලි නිදහස් දිනය වෙනුවෙන් ඉතාලි තානාපති කාර්යාලය මගින් පසුගිය 02 වෙනිදා සංවිධානය කර තිබු උත්සවයකට සහභාගි වී සිටියදී මෙම සංවාදය ඇති වී ඇත.
මෙහිදී ජි.එල් පීරිස් මහතා ලංකාවේ බදු බර වැඩිවීම හා ඩොලර් මිල ඉහළ යෑමට හේතුවක් ලෙස ඩඩ්ලි සිරිසේනගේ රෝල්ස් රොයිස් රථයක් හේතුවක් වී ඇති බව කල ප්‍රකාශයක් සමග දෙදෙනා අතර සිදුවන්නට ගිය ගුටි බැට හුවමාරුවක් හුවමාරුවක්ද වළකා ගැනීමට එම අවස්ථාවට සහභාගි වූ පිරිස් කටයුතු කර ඇත.
ආ මහාචාර්යතුමා, ඔයාලට විතරද රෝල්ස් රොයිස් පදින්න හොඳ ? ඇයි දුප්පත් අපිට රෝල්ස් රොයිස් පදින්න හොඳ නැද්ද ඩඩ්ලි සිරිසේන මහතා විමසා තිබේ.
“මොකද ..මොකද තමයි, ඔබතුමා මොකක්ද අර කියලා තියෙන රෙද්දෙ කතාව ? ඔහෙලා වගේ අපි මේවා මේ එක එකා එක්ක ඩීල් දාලා, කොමිස් ගහලා ගත්තුවාවත්, පර්මිට්වලට ගෙන්නපුවාවත් නෙවෙයි.ඩදුක් මහන්සියෙන් බිස්නස් කරලා, රෑ දවල් නැතුව හම්බ කරලා, රජයට ගෙවන්න ඕන ඔක්කොම බදුත් ගෙවලා හරි පාරෙන් ගෙන්නපුවා.
ඇයි මහාචාර්යතුමාලාට විතරද මේ රටෙව් රෝල්ස් රොයිස් ගේන්න පුළුවන් ? ඔහේලා පොඩි කාලෙ ඉස්කෝලෙ ගියෙත් රෝල්ස් රොයිස්් වල.
ඒ කාලෙ කෑම ගේන්න ගියෙත් රෝල්ස් රොයිස්වල කියල මම නොදන්නවා නෙමෙයි. දුප්පත් පවුල්වල අපි හම්බකරලා මේ වගේ එකක් ගෙනාවාම තමයි ඔහේලා ඔක්කොටම අමාරුව. පුදුම ඉරිසියාවක්නෙ මේක .”කියලා ඩඩ්ලි මහා සද්දෙන් ප්‍රකාශ කොට තිබෙන බවද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සයෙක් හම්බ කරලා, නිවැරිදීව බදු ගෙවල, තමන් කැමති දෙයක් ගන්නවානම් එකේ කිසි වැරද්දක් නැහැ. දේශපාලුවෝ හිතන් ඉන්නේ, ඒවා කරන්න පුළුවන් උන්ට විතරයි කියල. අපේ වහල් මානසිකත්වය තියෙන එවුනුත් හිතාන ඉන්නේ, උන්ගේ හාමුලට විතරක් සැපට ඉන්න පුළුවන් වෙන්නේ, දළදා මාලිගාව වටේ රේස් පදින්න පුළුවන් වෙන්නේ කියල. මේක 21 වෙනි සියවස, හැමෝම සමානයි. හැමෝටම අයිතියක් තියෙනවා දියුණු වෙන්න, තමන්ට කැමති දේ ගන්න. ඔය දියුණු යයි සම්මත රටවල්වලට ගිහිල්ල, GL වගේ මිනිස්සු ගෙන්නලා, උන්ගේ කතා අහන එවුන් ගැන හිතාගන්න පුළුවන්.
GL කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති, බලලෝභී මනුස්සයෙක්.
නියමයි. මොහුට ජී.එල්. කියන මිනිහා තාම ඉන්නවද?
ඔය ජිල් පප්පට දෙකක් අනින්න තිබ්බෙ. කුහකය.
මහාචාර්ය උනාට වැඩක් නැහැ..අමන කතා කියන්නේ..මුලදී යූඇන්පීයේ ඉදලා එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් අරගෙන සදහටම බලයේ ඉන්ඩ හදපු බලලෝබියෙක් .එළොවටත් මෙළොවටත් නැති අපතයෙක්.
පුන්නක්කු බුදින වහල් ආචාරියාට කොහොමද, ඩඩ්ලි මහත්තයාගේ "අරලිය හාල් "වල අගය දැනෙන්නේ...? වලව්වල යකඩ තලලා ජනතාවගේ මුදලින් වාහන පදින ආචාරියාට වඩා, මේ රටට ගල් නැති හාල් විකුණලා ගත්තු වාහනයේ වටිනාකම අපට නම් දැනෙනවා... එක අතකට, බත් නොකන හරක්ට කොහේද ඕවා වැටහෙන්නේ..? අරලිය හෝටලයේ බවද කරනවා ඔයිට වඩා උගත් බුද්ධිමත් අය... නහටු ගැහිච්චි කුක්කන්ට ගහන්න යන්න එපා ඩඩ්ලි මහත්තයෝ. පව් සිද්ධ වෙනවා.
බත් නොකන එහෙත් ඩඩ්ලිගේ යමක් බුදින අයගෙ අදහස් ගැන කතා නොකරමි. පරාක්‍රම සමුදයේ කොටසක් අල්ලගෙන හොටලයක් ගැහුවේ නීත්යානුකූලවද? වැඩිමහල් සහෝදරයාගේ දේශපාලන බලය නිසාද? වර්තමානයේ එය ගොඩින් බේරා ගැනීමට ගෙවු කප්පම කීයද? ඡන්ද වැඩවලට කෝටි පනහක් දීම නිසා මේසයටත් ගහලා රු: දහයක් වැඩිකර දුන්නේ බදු ගෙවන නිසාද? තුට්ටු දෙකට ගොවියාගෙන් ගන්න වී සහල් කර ඉතා අසාධාරණ අධික මිලකට පාරිභෝගිකයන්ට විකුණලා අයුතු ලාභයෙන් නොවේද රොල්ස් රෝයි ගත්තේ... හැබැයි ගොවියාගේත් පාරිභෝගිකයාගේත් ශාපයෙන් අපායට යන දවසේ ඒකෙන්ම යා හැකිවේවායි පතමි...
මහාචාර්ය නමටත් ලැජ්ජයි... ඔය වගේ කොන්ද පණ නැතිවුන්ට නම්බු නාම දෙනකොට. හොරාකාපු නාකිමයිනාගේ ප්‍රධාන ගෝලයා රටේ මුදල් හොරාකාලා ගොබ්බ පැටව්. නාමල් බේබිලා. විදපු සැප අර ගත්තු වටින් අත් ඔරලෝසු. ඒවා ප්‍රසිද්ධියේ පෙන්වද්දී... මේ මිනිහා නකුට නමන් හිටියේ. රජ්ජුරුවන්ට කඩේ යන... මහා නාකියා... දුප්පත් රටට නෙවෙයි ආදරේ. හොරාකකා, අනිත් උන්ව රකින්න. පුරුවේ පවට මේ වාගේ අය තවමත් ජීවත් වෙන්නේ. ඉස්සර හිටියේ සමනල රෑනක් සේ...
ඩඩ්ලිගේ කාර් එක කෙසේ වෙතත්, රටේ විදේශ විනිම හිඟ අවස්ථාවක, වාහන විශාල වශයෙන් ආනයනය කිරීම ඩොලරයේ අගයට බලපෑමක් කල බව ඇත්ත.
මුල් ළමා විය අසාර්ථක වුණු GL කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති, බලලෝභී මනුස්සයෙක්. උගුල්ලලා ගෙනෙහින් වෙන කොනක තියන්න බැරිද? වලපයයි, ගොඩ පයයි
කීරිසම්බා සහල් බොහොම සාධාරණ මිලට විකුණන වෙළෙන්දා.
ජි.එල්. කියන කතාවේ අර්ධ සත්‍යක් තියෙනවා... ඒ කියන්නේ මේ ගොන් ආණ්ඩුව තමන්ගේ පණ්ඩිතකම පෙන්වන්න කිසිම හොයා බැලිල්ලක් නැතිව වාහන ආනයනයට තිබුණු සීමාවන් ලිහිල් කෙරුවා. ඒක අපෙගේ ඩොලර් සංචිත වලට අනිවාර්යයෙන් බලපෑමක් කෙරුවා. ඒකට හොදම උදාහරණය තමයි ඩඩ්ලිගේ රෝල්ස් රෝයි එක. ජි.එල්. ඒක හරියට තේරුම් කරලා කියන්න තරම් හැකියාවක් හෝ ඩඩ්ලිට ජී.එල්. කතාව තේරුම් ගන්න තරම් විවේක බුද්ධියක් ඒ වෙලාවේ තිබුනේ නැතුව ඇති....