
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ පවුලේ අයත් බව කියන රිවොල්වර වර්ගයේ ගිනි අවි 19 ක් හා රුපියල් කෝටියකට අධික මත්පෙති තොගයක් දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගත් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
එමෙන්ම ස්ථානයේ සිටි පුද්ගලයන් සිව් දෙනකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සොයාගත් එම ගිනි අවි මෙරට නිෂ්පාදිත ඒවා බවත් එහි මත් පෙති ලක්ෂයකට අධික ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි.ෙ
මෙම ගිනි අවි සහ මත් පෙති මහා පරිමාණමත්ද්රවය ජාවාරම් කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන මරණීය දණ්ඩනය නියම ව සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ පුත්‍රයා වන ඩුබායි රාජ්‍යයේ සිටින මලීෂ නමැත්තාට අයත් ඒවා බන.් මීට මීට තෙමසකට පමණ ඉහතදී මෙම දෙමහල් නිවසේ ඉහළ මහලා කුලියටගෙන මෙම ගිනි අවි සහ මත් පෙති එහි සඟවා තැබූ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනාශ කරලාම දාන්න... මරණ දඩුවම ලැබිලත් ඒක ක්‍රියාත්මක නැති එකේ... ඵලවිපාක තමයි. ඇතුලේ ඉදලත් වැඩ ටික වෙනවා.
යුක්තියෙන් ආරක්ෂා කරපු යාලු පාතාලේ ඒවා දැන් අහුවෙනවා.