රාජගිරියේදී කොටු වූ විදෙසිකයන් රටවල් 02ක බැංකු ගිණුම් හැක් කරලා අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යැයි රාජගිරියේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත විදෙස් ජාතික සැකකරුවන් 120 දෙනා මෙරට සිට කැලිෆෝනියාවේ සහ සවුදි අරාබියේ බැංකු ගිණුම් වල මුදල් හැක්කර ඇති බවට කරුණු අනාවරණය වන බව කොළඹ අතිරේක මහේස්ත්රාත් නුවන් කෞෂල්ය මහතා ඉදිරියේ කරුණු දැක්වූ වැලිකඩ පොලිසිය (15) පැවසීය. 15 May 2026
ගුරු සේවය වැඩිම වැටුප් ලබන රැකියා 10 අතරට ගුරු සේවය රටේ වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බව රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය. 15 May 2026
පළාත් රැසකට අදත් තද වැසි ශ්රී ලංකාවට ඊසාන් දෙසින් පිහිටා ඇති අඩු පීඩන් කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 15 May 2026
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඔස්මන් අත්අඩංගුවට ප්රබල සංවිධානාත්මක අපරාධ සාමාජිකයකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය 14 May 2026
‘‘තෙල්වලට - විදුලියට දිගටම භාණ්ඩාගාර සල්ලි දෙන්න බෑ‘‘ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට දිගටම භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙමින් පවත්වාගෙන යන්න හැකියාවක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (13)පැවසීය. 13 May 2026
බස්නාහිර,සබරගමුව, ගාල්ල මාතරට ඉතා තද වැසි දිවයින ආසන්නයේ පවතින පීඩන අවතාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය නිසා බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 13 May 2026
කපිලගේ ඡංගම දුරකතනය විවෘත කරන්නැයි ඇපල් සමාගමට නියෝගයක් සැකකටයුතු අන්දමින් මියගොස් ඇතැයි කියන ශ්රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතාගේ නවීන ජංගම දුරකථනයේ අගුලු විවෘත කර විමර්ශන සඳහා පොලිසියට දෙන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා ‘ඇපල්’ ජංගම දුරකථන සමාගමේ ඇමරිකාවේ පිහිටි මව් සමාගමට නියම කළේය. 12 May 2026
විපක්ෂයේ පිරිසක් ළඟදීම ආණ්ඩුවට? විපක්ෂයේ සිටින දක්ෂයන් ආණ්ඩුවට නුදුරේම සම්බන්ධ කරගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 11 May 2026
එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් විලි ගමගේගෙන් ප්රකාශයක් එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මහතාගෙන් අල්ලස් කොමිසම අද පැය හතරක පමණ ප්රකාශයක් ගෙන ඇත. 11 May 2026
‘‘කපිලගේ මරණය එයාර් බස් විමර්ශනයට බාධාවක් නෑ‘‘ ශ්රී ලංකන් එයාර් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතා හදිසියේ මරණයට පත්වුවද එයාර් බස් ගනුදෙනුවට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යෑමට ඉන් බාධාවක් මතු නොවන බව මහාචාර්ය නීතිඥ ප්රතිභා මහනාම හේවා මහතා ලංකාදීපයට පැවසීය. 10 May 2026
යාල් දේවි යළි ගමන් අරඹයි කොළඹ කොටුව සිට යාපනය,කන්කසන්තුරය දක්වා ධාවනය කරන යාල් දේවී දුම්රිය හෙට සිට නැවත ගමන් අරඹන බව ශ්රී ලංකා දුම්රිය සේවය කියයි. 10 May 2026
ඒකක 180 ට වැඩි නම් විදුලි ගාස්තුව සියයට 18 කින් ඉහළ ට ගෘහස්ථ කාණ්ඩයේ මාසික පරිභෝජන ඒකක සංඛ්යාව ඒකක 180ට වැඩි නම් විදුලි ගාස්තුව සියයට 18 කින් ඉහළ දැමූ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්රලාල් මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 09 May 2026
කපිල චන්ද්රසේන සැකකටයුතු ලෙස මිය ගිහින් ශ්රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතාගේ සිරුර ඔහුගේ නිවසේ උළුවස්සක එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. 08 May 2026
මත නසන නීති කඩිනමින් ගේන්න නියෝග විෂ මත්ද්රව්ය ව්යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 08 May 2026
’’හදිසිය’’ වැඩි ඡන්දයෙන් අනුමතයි මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය ( හදිසි තත්වය දීර්ඝ කිරීම) පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ වැඩි ඡන්ද 139කින් සම්මත විය. 07 May 2026
කපිල චන්ද්රසේන අත්අඩංගුවට ගන්නැයි නියෝග වත්තකින් අහුලාගත් දෙදෙනෙකු ඇප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කළේ යැයි කියන ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්රසේන සැකකරු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට අද නියෝග කළේය. 07 May 2026
චන්ද්රසේනගේ ඇප අවලංගු කරන්නැයි ඉල්ලයි වත්තකින් අහුලාගත් දෙදෙනෙකු ඇප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්රසේන සැකකරුගේ ඇප අවලංගු කර නඩුව විභාග කර අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද ඉල්ලා සිටියේය. 07 May 2026
ශ්රී ලංකන් හිටපු විධායක කපිලගේ ඇපකරුවන් කොළඹ වත්තකින් අහුලාගෙන ශ්රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ එම සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්රසේන සැකකරුට අධිකරණය මගින් නියම කළ රුපියල් මිලියන සියයක ශරීර ඇප දෙකක් සඳහා මුදල් ලබාගෙන ඇප තැබීමට ඉදිරිපත්වුයේ යැයි කියන පුද්ගලයන් දෙදෙනකු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ලහිරු සිල්වා මහතා අද පස්වරුවේ නියෝග කළේය. 06 May 2026
ඇමෙරිකා තැපැල් සේවයට ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් වෙනත් පාර්ශවයක බැරවෙලා ඇමෙරිකා තැපැල් සේවයට ගෙවිය යුතු ඩොලර් ලක්ෂ හයකට අධික මුදලක් තෙවන පාර්ශවයකට බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්ෂණයක් කිරීමට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියම කළේය. 06 May 2026
හොර දොස්තරයෙක් පොලොන්නරුවේදී මාට්ටු අපරාධ රැසකට සම්බන්ධ කියන හොර වෛද්යවරයකු පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 06 May 2026
කුඩු ජාවාරම් කරුවකුගේ දේපොළ තහනම් කරති මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන සලිඳු මල් සිත ගුණරත්න නොහොත් පානදුර කුඩු සළිඳු නමැත්තාගේ ප්රධානතම ගෝලයා වන ඩුබායි අසිත නමැත්තා මත්ද්රව්ය ජාලයෙන් ඉපයූ බව කියන මුදලින් මිලදී ගත් රුපියල් කෝටි හතරකට අධික දේපල තහනමට ලක් කළ බව මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති, විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. 05 May 2026
ශ්රී මහා බෝධී අංකුරය ටෙක්සාස් විපස්සනා භාවනා මධ්යස්ථානයට ශ්රී ලංකාවෙන් ඇමෙරිකාවට වැඩම කර වූ ශ්රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය සහ ශ්රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්රාන්තයේ ඩලස් ගුවන් තොටුපළ වෙත වැඩම කරවූහ. 05 May 2026
වැලිකඩත් රැඳවියෙක් මරුට වැලිකඩ බන්ධනාගාරයේ අච්චු විඳිමින් සිටි රැඳවියකු බන්ධනාගාර නිලධාරීන් සමග ඇති වූ පොරබැදීමකින් පසු රෝගී වී මියගොස් ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 04 May 2026
ඩො. මිලියන 2.5 සිද්ධියේ විමර්ශන සඳහා FBI සහාය පතයි ඊමේල් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මූල්ය වංචා කිරීමක් හරහා ශ්රී ලංකා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධ විමර්ශන පුළුල් කරමින් ඇමරිකානු මධ්යම විමර්ශන කාර්යාංශයේ (FBI) සහාය ලබා ගැනීමට විමර්ශකයින් පියවර ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නිලධාරියෙක් ප්රකාශ කළේය. 03 May 2026
ඉන්ධන මිල යළි ඉහළට සියලු ඉන්ධන මිල ගණන් අද (02) මධ්යම රාත්රියේ සිට ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි. 02 May 2026
හර්ෂණ යවන්න තීරණයක් ගෙන නෑ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නිහාල් අබේසිංහ පැවසීය. 02 May 2026
මුල් මාස 3ට ඩොලර් මිලියන 613ක වාහන ගෙනැත් ශ්රී ලංකාව පසුගිය මා ර් තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 195 ක වාහන මෙරටට ගෙන්වා ඇති බවත් එයට පුද්ගලික මෙන්ම වාණිජ වාහනද ඇතුළත් වන බවත් ශ්රී ලංකාව මහ බැංකුව පසුගියදා ප්රකාශ කළේය. 02 May 2026
අබිරහස් මරණය ගැන තවදුරටත් පරීක්ෂණ මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදුකරන බව පොලීසිය පවසයි. 01 May 2026
‘‘ක්රිකට් ක්රීඩාවේ අභිමානය වෙනුවෙන් අවංකව වැඩ කරනවා‘‘ ක්රිකට් පරිවර්තන කමිටුවෙි එකම සහ අව්යංක අභිප්රාය වත්මන් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ අභිමානය සහ දක්ෂතාව්යය යළි ස්ථාපිත කිරීම බව ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්රමරත්න මහතා පවසයි. 30 April 2026
ක්රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්රමරත්න මහතා පත්කර ඇති බව ක්රීඩා අමාත්යංශය නිවේදනය කර තිබේ. 29 April 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026