
(සුජිත් හේවාජුලිගේ )
ලියාපදිංචිව සිටින සියලුම භික්ෂූන් වහන්සේලා හතළිස් දහසට විධිමත් නිල හැඳුනුම්පතක් වහාම නිකුත් කරන ලෙස තමා රජයෙන් විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්රීනී නීතිඥ චමින්ද්‍රානී කිරිඇල්ල මහත්මිය පැවසුවාය.
තමා පසුගිය දිනෙක මල්වතු මහ නාහිමි පාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මෙම කාරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස පැවසුවේ යැයිද ඇය සඳහන් කළාය.
අද පවතින ප්‍රශ්න බොහොමයක් භික්ෂූන් වහන්සේලාට නිල හැඳුනුම්පතක් නිකුත් කිරීමෙන් විසඳෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද මන්ත්‍රීවරිය පැවසුවාය.
බුද්ධ ශාසනයට සහ මහා සංඝරත්නයට බොහෝ අභියෝග මෙන්ම තර්ජන එල්ල වුණු කාලපරිච්ඡේදයක් අද උද්ගතව ඇති බව පැවසූ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය මේ තත්වය සමනය කිරීමට සියලු පාර්ශ්ව සද්භාවයෙන් මැදිහත් විය යුතු බවද සඳහන් කළාය.
බුද්ධ ශාසනය මෙපමණ කාලයක් අඛණ්ඩව පැවත ආවේ ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේ කැපවීම සහ මග පෙන්වීම මත පදනම්ව බව සියලු දෙනා සිහි තබාගත යුතු යැයිද ඇය පැවසුවාය.
ගෞරවනීය භික්ෂූන් වහන්සේලාට නිල හැඳුනුම්පතක් නිකුත් කිරීම කාලෝචිත යුග අවශ්‍යතාවක් බව කිරිඇල්ල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම හොද වැඩක්. මුකුත් නොකර බුම්මගන ඉන්නවාට වඩා ලයිසන් එකක් නිකුත් කරන එක හොඳ වැඩක්. නිවන් මගේ වේගයෙන් යන අය අල්ලලා ලැයිසන් එක කැන්සල් කරන්න ඕනෑ විතරක් නොවෙයි...
ඒක ඇත්ත. බුදුන් දෙසූ ධර්මයට බැරිවුන දේ අයිඩෙන්ටි කාඩ් එකෙන් කරන්න පුළුවන් වෙනවා.
මේ අය මැරිලා ඉපදිලාද කියලා හිතෙනවා කතාවක් දැක්කාම... තාත්තා නැතිනම් මේ තැනට එන්න දක්ෂතාවයක් , වුවමනාවක් තියෙන මිනිස්සුද මේ..?
එතකොට කරන වැඩේ හැඳුනුම්පත පෙන්නලා කරන්න පුලුවනි....
මේ එකක්වත් ඔය හැඳුනුම්පත නිසා අඩු වෙනවා නම් දුන්නාට කමක් නෑ... ඒකටත් මහජන මුදල්නේ වැයවන්නේ...
ලස්සනයි...
අයිඩෙන්ටිය රකින්නා අයිඩෙන්ඩිය විසින්ම රැකගනී.
අයියෝ.. මේකටත් ඩෝබිලා පැනලා...
මොන අයිඩෙන්ටිටි නිකුත් කළත් රාග,ද්වේශ,මෝහ ප්රහාණය කිරීමට නොහැකි නමි ඔහු හෝ ඇය භික්ෂුත්වයට නුසුදුසු බව තීරණය කළ යුත්තේ කවුද? පංච උපාදානස්කන්දයට රැවටී ඒ තුළම ඇලී ගැලී වාසය කිරීම නිසා සිදුවන ශාසන විනාසයට පිළියමක් නොසොයා අයිඩෙන්ටිටි නිකුත් කිරීම අතීසාරයට අමුඩ ගැසීම වැන්නක් නොවේද?