
(රෝෂන් තුෂාර)
රජයේ ප්‍රශංපාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව මන්ත්‍රීවරුන්ට පුටු බෙදා දී රජයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය ශාන් විජයලාල් ද සිල්වා සැකකරු ලබන 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් බන්ධනාගාර ගත කිරීමේ නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රෝගී තත්ත්වයෙන් පෙලෙනවා නම් අදාළ බෙහෙත් වර්ග සන්තකයේ තබා ගැනීමට අවසර ලබා දුන්නේය.
2019 වසරේදී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වන කටයුතු කරමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව රුපියල් ලක්ෂ 165 මුදලකට පුද්ගලික ආයතනකින් පුටු මිලදී ගැනීම හා එම පුටු දකුණු පළාත් මන්ත්‍රීවරුන් 54 දෙනෙකුට බෙදා දෙමින් අස්ථානගත කිරීම තුළින් දූෂණය නම් වරද සිදුකිරීමට අදාළව සිදුකරන විමර්ශනයක් අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම විදියට දඩුවම් කරනව නම් මෙයා අවුරුදු 1000 කට හිරේ දාන්න ඕන. කොහොම වුනත් කමක් නැහැ.. අඩු ගානේ අවුරුදු 20 කටවත් යාවිනේ. මෙයා වගේම තමයි, මෙයාගේ වටේ හිටපු අයත්... මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ මේවාට මිසක්, ලාබෙට කන්න බොන්න නොවෙයි.
මේ යන විදිහට අපි වාගේ බත්කන හරකුන්වත් කුදලාගෙන ගොහිං රිමාන්ඩ් කරාවිද දන්නෑ
සරණ ගුණවර්ධන වසර 16 යි, ඒ වගේම හොරුන්ට,වංචා කාරයින්ට දෙන්න ඕන උපරිම දඬුවම්. රටේ ජනතාව මාලිමාව ආණ්ඩුව පත් කර ගත්තේ.