
(ගයාන් සූරියආරච්චි)
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහා රැදවියන් විවිධ බන්ධනාගාරවලට මාරුකරමින් පවතින බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔත්තු ලබා දුන්නැයි කියන සිද්ධියක් මුල්කරගෙන මීගමුව බන්ධනාගාරයේ රදවා සිටින ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඊයේ (5) ගැටුමක් ඇතිව තිබූ අතර එහිදී රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තිබූණි.
එම සිද්ධියත් සමග අද (6) රැඳවියන්ට උදේ ආහාරය ලබාදීමට ගිය අවස්ථාවේදී ඇතිවූ නොසන්සුන් කාරී තත්ත්වයක් හටගෙන තිබුණි. එහිදී එම දෙපිරිස අතර නැවත ගැටුමක් ඇතිවී තිබූ අතර මීගමුව බන්ධනාගාරය තුළ එකම යුද පිටියක් වී තිබූ බව පොලිසිය පවසයි.
බන්ධනාගාරය තුළ පැවති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි ප්‍රහාර කීපයක්ද එල්ල කල බව පොලිසිය පවසයි.
මීගමුව බන්ධනාගාරය අද එකම යුද පිටියක් බවට පත් වූ අතර රැඳවියන් සහ නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
එම තත්ත්වය පාලනය කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ අවස්ථාවේදී රැදවියන් බන්ධානාගාරයේ දොර කඩා පලායාමට උත්සාහ කිරීමේදී බන්ධානාගර නිලධාරීන් එය වළක්වාලීමට සහ රැදවියන් පාලනය කිරීමට කටයුතු කිරිමේදී රැදවියන නිලධාරීන්ට පහරදී තිබූ බව පොලිසිය පවසයි.
එම පහරදීම්වලින් බරපතළ තුවාල ලැබූ බන්ධානාගාර නිලධාරීන් 7 දෙනකු මීගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි. එහිදී රැදවියන් 17 දෙනකු ද මියගොස් තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඊයේ දින සහ අද දින අතර රැදවියන් 19 දෙනකු එම ගැටුමෙන් මියගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය, බුද්ධි අංශ ඇතුළු ආරක්ෂ අංශ කීපයක් එක්ව මීගමුව බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කළේය.
ඒ අනුව ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 2 ක් ද ඩ්‍රෝන යාත්‍රා ද භාවිත කරමින් බන්ධනාගාරයේ ඇතුළත තත්ත්වය නිරීක්ෂණය කරනු ලැබීය.
බන්ධනාගාර රැදවියන්ගේ ඥාතීන් පිරිසක් ද බන්ධනාගාරය ඉදිරියට පැමිණි විරෝධතා දක්වමින් නොසන්සුන් කාරී ලෙස හැරෙන අවස්ථාවේදී ඔවුන් ද පාලනය කිරිමට පොලිසිය කටයුතු කළේය.
මියගිය බන්ධානාගාර නිලධාරීන්ගේ සහ රැදවියන්ගේ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාද අද සවස මීගමුව බන්ධනාගාරයට පැමිණියේය.
ගැටුම පාලනයට පොලිසියට අමතරව ත්‍රිවිද හමුදාව ද කැඳවීය.
බස්නාහිර පළාත් උතුර බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කේ. පෙරේරා මහතාගේ මෙහෙයවීම මත බන්ධනාගාරය තුළ පැවැති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහා මීගමුව පොලිසිය ඇතුළු නිලධාරීහු කටයුතු කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd