(ගයාන් සූරියආරච්චි‍)

හිටපු නාවික හමුදාපති වසන්ත කන්නාගොඩ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (3) අත්අඩංගුවට ගෙන ඇත.

2006 වසරේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත විධායක අංශය සදහා ශිෂ්‍ය භට නිලධාරීන් බදවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබුණු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියකු වශයෙන් බදවාගැනීම හා ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සදහා රජයේ මුදල් ගෙවා සහභාගි කරවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එසේ අත්අඩංගුවට ගෙන ඇත.