
(රෝෂන් තුෂාර)
උපරිමාධීකරණ විනිසුරුවන්ගේ නිල කාලය වැඩි කරමින් විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ රජය ඉදිරිපත් කෙරෙන යෝජනාවට එකඟ නොවීමට අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කළ බව එම සංගමයේ ලේකම් සුරංග මුණසිංහ මහතා සංගමයේ සියලු නියෝජිතයන් හට දැනුම් දී ඇත.
අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී, සාමාජිකයන් රහස් ඡන්දයක් පවත්වා මෙම ඒකමතික තීරණයට එළඹ ඇති බවත් යෝජනාවට පක්ෂව කිසිදු ඡන්දයක් ලැබී නොමැති බවත් ලේකම්වරයා නිවේදනය කොට ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට සහ 67 දක්වා වැඩි කිරීම සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65ක් දක්වා දීර්ඝ කිරීමට නිල වශයෙන් විරෝධය පළ කිරීමේ තුන්වැනි අවස්ථාව මෙය වේ.
මෙරට මහේස්ත්‍රාත් අධිකරණ සහ දිසා අධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණ සේවා සංගමය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ දී පසුගිය 11 දින විශේෂ මහා සභා රැස්වීමක් පවත්වමින් යෝජනාවට එකඟත්වය පළ නොකිරීමේ තීරණයට එළඹ ඇත.
මෙම විශේෂ මහ සභා රැස්වීමට පෙර සංගමයේ සභාපති කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙමින් විශේෂ දැනුවත් කිරීමේ ලිපියක් ද සිය සාමාජිකයන් වෙත යොමු කොට තිබිණි.
ඒ අනුව සංගමයේ උප සභාපති මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මහා සභා රැස්වීම පැවැත් වූ බව සංගමේ ලේකම් සුරංග මුණසිංහ මහතා සිය සාමාජිකයින්ට දැනුම් දී ඇත.
මෙම විශේෂ මහ සභා රැස්වීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් , ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්, කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක මහේස්ත්‍රාත් වරුන්, ඇතුළු සාමාජිකයින් හැට පස් දෙනෙකු සහභාගී වූ බවද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලා විසින් වලිගය වනනවාද නැතහොත් වලිගය විසින් බල්ලා වනනවාද තීරණය කල යුත්තේ වලිගය විසින් ද? අපට නං මේක ප්‍රශ්නයක්
මෙය සාවද්‍ය නිවේදනයක්. රටම නොමඟ යවන මෙවැනි දූෂිත විනිශ්චයකරුවන් (ඩීල්කරුවන්) නීතිය හමුවට පැමිණිය යුතුයි. සියලු නීතිගරුක පුරවැසියන් මේ අයට විරුද්ධව නැගී සිටිමු කියා යෝජනා කරමි.
සියලුම විනිසුරුවරුන් කියන්නේ 290 කින් විතර 65 ක්ද? එහෙනම් එකඟයි.
ලැජ්ජයි, රටේ නීතිය පිළිබදව වැදගත් තනතුරු දරන නිලධාරීන්ගේ සංගමයක් මේ ආකාරයෙන් කටයුතු කිරීම ! ආරංචි මාර්ග වලට අනුව සාමාජිකයන් 258 දෙනෙක් සිටින සංගමයක සාමාජිකයන් 58 දෙනෙක් රැස් වෙලා ගත්ත තීරණය සංගමයේ නිල තීරණයක් වෙන්නේ කොහොමද කියලා ඔය කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද ? අනිත් කාරණය සංගමයේ සභාපතිවරයා කියනවා අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතිය නැතිව මෙවැනි සභාවක් කැදවීම නීති විරෝධී බව. මේ සියල්ලට සංගමයේ ලේකම්වරයා රටට කරුණු පැහැදිලි කල යුතුය.
මොන වර්ගයේ විනිසුරුවරුන්ද විරුද්ධ?
මේකට එවපු කමෙන්ට් දාන එක හිරේ යාමට නියමිත කට්ටියට ආවඩන අයට අකැපයිද?
සියලු සම්මතයන්ට විරුද්ධව මෙම රැස්වීම අනීතිකව පවත්වා ඇති බව, සාධාරණ ගවේෂණයන් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිව පෙනේ... නීතිවෘත්තියේ යෙදෙන්නන් අනීතිකව හැසිරීම අතිශය ශෝචනීය තත්වයකි. මෙම අයුක්ති සහගත නිවේදන, ප්රචාරයන්ට ව්රුද්ධව කටයුතු කළහැකි ක්‍රමවේදයක් අනිකුත් නීතිගරුක, යුක්තිගරුක පුද්ගලයින් වහාම ක්‍රියාත්මක කළ යුතුව ඇති ... දේශපාලන හොරුන්ට, වංචාකරුවන්ට.. ඉඩදී බලා සිටීම.. මහත්මා ගතියක් නොවේ..
මහේස්ත්රාත්ලා එකඟද නැද්ද කියන එක මේ තීරණයට අදාළ නැහැ. එහෙනම් රටක බදු එකතු කිරීමත් නවත්වන්න ඕන, මොකද කවුරුත් බදු ගෙවන්න කැමති නැහැනේ. මේවා හොඳයි ආතල් ගන්න බයියන්ට.