
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
2002 වර්ෂයේ පාසල් පෙළපොත් මුද්‍රණයට අදාළව රුපියල් කෝටි 21 කට ආසන්න මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) කරුණු රැසක් අනාවරණය විය.
ඊට සම්බන්ධ මුද්‍රණ ආයතනය සහ එහි අධ්‍යක්ෂවරුන් සොයා ගැනීමට නොහැකිවී ඇති බව මෙහිදී ප්‍රකාශ විය
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ක්‍රියාත්මක කරන බවත්, එයට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය.
එසේම 2006 වර්ෂයේදී පෙළපොත් නියමිත කාලයට සැපයීමට අපොහොසත් වූ මුද්‍රණ ආයතනයක් සම්බන්ධයෙන් වන්දි මුදල් අය කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී අවධානය යොමු විය.
තව ද, පෙළපොත් අවශ්‍යතාව නිවැරදිව ගණනය නොකිරීම හේතුවෙන් අතිරික්ත පොත් තොග රැස් වීම සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
මෙවැනි ගැටලු නැවත ඇති වීම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව නව තාක්ෂණික හා පරිපාලනමය ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව මෙහිදී පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්හ.
ඒ අනුව, 2024 වර්ෂයේ සිට සියලු පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව, පවතින පෙළපොත් තොග සහ නැවත භාවිත කළ හැකි පොත් පිළිබඳ තොරතුරු සෘජුව ලබා ගැනීම සඳහා නව පරිගණක දත්ත පද්ධතියක් හඳුන්වා දී ඇති බවත්, පෙළපොත් ප්‍රසම්පාදනය, ගබඩා කළමනාකරණය, බෙදාහැරීම සහ තොග පාලනය සඳහා ස්වයංක්‍රීය ඩිජිටල් පද්ධතියක් ක්‍රියාත්මක කර තිබෙන බවත් ඔවුහු පැවසූහ.
පාසල් පෙළපොත් මුද්‍රණය හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ඩිජිටල් තාක්ෂණය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පාසල් පෙළපොත් මුද්‍රණය, බෙදාහැරීම සහ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පසුගිය වසරවලදී මතු වූ ගැටලු පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කරුණු රැසක් අනාවරණය විය.
මේ තොරතුරැ හෙළිවූයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 2021 - 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සලකා බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තුවේදී පසුගියදා (25) රැස්වූ අවස්ථාවේදීය.
මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නොපැමිණීම හේතුවෙන්, ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
මීට අමතරව, පොත් අලෙවිසල් ජාලගත කිරීම, පරිශීලක නාම හා මුරපද මගින් ආරක්ෂිත ප්‍රවේශ පද්ධති හඳුන්වා දීම, ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා විධිමත් පරීක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීම මෙන්ම ඊ-තක්සලාව කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සමඟ යාවත්කාලීන කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බව මෙහිදී ප්‍රකාශ විය.
මෙම පියවර මගින් පවතින දෝෂ හා මූල්‍ය අක්‍රමිකතා අවම කරමින්, පෙළපොත් මුද්‍රණය හා බෙදාහැරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු සඳහන් කළහ.
මෙම රැස්වීමට කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් නීතීඥ සාගරිකා අතාවුද, ටී. කේ. ජයසුන්දර, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි සහ වෛද්‍ය ජනක සේනාරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd