’’පළමු අවස්ථාවාදීම ආණ්ඩුව පෙරළනවා’’ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුව බොරුව නවතා ජනතාවට වැඩකළ යුතු බවත් එසේ නොවුණහොත් ලැබෙන පළමු අවස්ථාවාදීම ආණ්ඩුව පෙරළන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (21) පැවැසීය. 21 November 2025
පොලිසිය රැස්වීම් භූමියෙන් පිට විකාශන යන්ත්‍ර ගලවයි ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය දක්වමින් විපක්ෂයේ පක්ෂ රැසක සංවිධානයෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී දැන් පැවැත්වෙන ‘මහා ජන හඬ’ ජන රැළිය පැවැත්වෙන භූමියෙන් පිටත තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය රැළිය ආරම්භ වීමට පැය කීපයකට පෙර ඉවත් කළේය. 21 November 2025
ලෙකෝ සභාපතිගේ කෝටි අටේ වාහනය නවතී ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) සභාපතිවරයාට රුපියල් කෝටි අටක් වටිනා අති සුඛෝපභෝගී බෙන්ස් රථයක් ගෙන්වීමේ ඇණවුම අවලංගු කිරීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය 21 November 2025
‘‘විස මතට හිත ගිය දේශපාලන පෙරමුණ පරාජය කරනවා‘‘ විස මත තුරන් කිරීමේ සටනට එරෙහිව නැගිටින දේශපාලන පෙරමුණ දේශපාලන වශයෙන් පරාජය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දකුණු පළාත් වැඩසටහනේදී අද (20) පැවසීය. 20 November 2025
කෝටි 10 ක් කොල්ල කෑවාට සුරාබදු කෝප්‍රල්වරු දෙකක් දැලේ නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදිය රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට තවත් සුරා බදු කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 20 November 2025
පවුලක්ම මරන්න ආ වෙඩික්කරු මාට්ටු දැනට රක්ෂිත බනධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අයත් බව කියන හෝටලයකට ගොස් තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරු ඇතුළු පවුලේ 8 දෙනකු සමූල ඝාතනය කිරීමට පැමිණි බව කියන සැකකරුවකු සහ ටී 56 ගිනි අවියක්, 38 වර්ගයේ ගිනි අවියක් සහ අත්බෝම්බයක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි. 19 November 2025
නාමල්ගේ නීති උපාධි සහතිකයට මැතිසබය ඇවිළෙයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ එංගලන්ත නීති උපාධි සහතිකයේ සැක සහිත තැන් සම්බන්ධයෙන් වෙබ් අඩවි ගණනාවක් කරුණු ඉදිරිපත් කර ඇති හෙයින් මැතිසබේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ඔහු ඒ ගැන ප්‍රකාශයක් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 November 2025
බදුලු දුම්රියට ගල් පර්වතයක් වැටේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියට ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දී අද (19) අලුයම විශාල ගල්පර්වත කඩා වැටීමෙන් දුම්රිය එන්ජිම ගල්පර්වත අතර සිරවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 19 November 2025
වෙඩි පහරින් අඹුසැමි යුවළ මරුට තංගල්ල උණාකූරුව වැව අසල දී අද (18) යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අඹුසැමි යුවලක් වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 18 November 2025
කතානායකට - නියෝජ්‍ය ඇමැති හතකට ඇමැති බංගලා ඇමති නිල නිවාස 08ක් කතානායකවරයාට සහ නියෝජ්‍ය මාධ්යවරුන් හත් දෙනකුට ලබාදී ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
‘ලෙකෝ’ සභාපතිට කෝටි 8 ක සැප රියක් ඇනවුම් කරලා? ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ‘ලෙකෝ’ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8 ක් වටිනා අති සුඛෝපභෝගී කාර් රථයක් ඇන්වුම්කර ඇති බවත් එම කාර් රථය ඉදිරි දින කීපයේ මෙරටට ළඟාවීමට නියමිත බවත් ‘ලෙකෝ’ සමාගමේ සේවකයෝ පවසති. 18 November 2025
කබ්රාල්ට එරෙහි පෙත්සමක් විසි වෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව සඳහන් කරමින් ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් මිලියන 6.5 ක මුදලක් ඉමාඩ් සුබේරි නැමති ඇමරිකානූ ජාතිකයෙකුට ගෙවීම තුළින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසක් සිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය 17 November 2025
මතට තිත තියන්න අලුත් චක්‍රලේඛ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවිමට සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කරන බව ම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද කළුතර දී පැවසිය. 16 November 2025
වරායේ ඉදිකිරීම් පමාවට කොන්ත්‍රාත්කරුට කෝටි 423ක වන්දියක් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමු වී ඇත. 15 November 2025
අපේ අයවැය ගැන අයි.එම්.එෆ් සමාලෝචනයක පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2026 අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව සකස් වී ඇත්දැයි ඇස්තමේන්තු කිරීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති අයවැය ලියකියවිලි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමාලෝචනය කරමින් සිටින බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. 15 November 2025
අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී අද (14) වැඩි ඡන්ද118කින් සම්මත විය. 14 November 2025
ප්රතිගාමීන්ට රඟන්න ඉඩ දෙන්නේ නෑ ප්රතිගාමීන්ට තමන්ට අවශ්‍ය දේ කරමින් රඟන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 36 වැනි ඉල්මහ විරු සමරුව අමතමින් අද (13)පැවසීය. 13 November 2025
කැප්පෙටිපොළලා- දොන් ජුවන් ධර්මපාලලා එකතු වෙලා ආණ්ඩුවට එරෙහිව තැන තැන සුන්බුන් කොටස් එකතු වෙමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්මහ විරු සමරුව අමතමින් අද පැවසීය. 13 November 2025
පාර්ලිමේන්තුවට අභියෝග කරන්න පුළුවන් ජගතෙක් පිටත නැහැ පාර්ලිමේන්තුවට අභියෝග කළ හැකි කිසිදු අයෙකු ඉන් පිටත නැතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 13 November 2025
කිරින්දේ කුඩු සමග වාහන හයක්, සැකකරුවන් හතක් මාට්ටු මුහුද හරහා ගෙන එන ලද බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 19 ක ආසන්න වශයෙන් මත් කුඩු කිලෝ 350ක් පමණ ඇතැයි බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 12 November 2025
විභාග මධ්‍යස්ථන තෙමහල් ගොඩනැගිල්ලෙන් සිසුවියක් වැටිලා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි බම්බලපිටිය කාන්තා විද්‍යාලයක සිසුවියක අද දහවල් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. 11 November 2025
තලාවේ අනතුරින් 46කට තුවාල- සිසුවෙක් මරුට තලාව 411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් අද දහවල් අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 46 තුවාල ලබා ඇති බව තලාව පවසයි. 10 November 2025
උසස් පෙළ සිසුවිය අභිරහස් ලෙස මිය ගිහින් අද ආරම්භ වූ උසස් පෙළ විභාගයට පෙනී සිටි මට සූදානමින් සිටි දඹුල්ල ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවියක අභිරහස්ලෙස නිදි යහනේදීම මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. 10 November 2025
මැද පෙරදිග සැඟව සිටින මෙරට මත් කෙරුමෝ හතක් බාර වෙන්න සූදානමක මැද පෙරදිග සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍යා ජාවාරම්කරුවන් හත් දෙනකු රජයට භාරවීමට කැමැත්තෙන් පසුවන බව දැනුම් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මහතා පැවසීය. 09 November 2025
‘‘අපේ දරුවන්ට අශිලාචාර දේ උගන්වන්න එපා‘‘ අපේ දරුපරපුරට අශීලාචාර දේවල් උගන්වන්න එපා. බටහිර ලෝකයේ දිරච්ච අශීලාචාර ක්‍රියා අනුගමනය කරමින් අපේ රටේ දිගු කළක් තිස්සේ පැවති ශීලාචාරත්වය විනාශ කර දැමීමේ ක්‍රියාමාර්ගය වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා යැයි මැල්කම් කානිදල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කීනදෙණියේ දී අද පැවසූහ. 08 November 2025
නිලංග දෑල නව දියවඩන නිලමේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල මහතා මීට සුළු වේලවකට පෙර තේරිපත්විය. 07 November 2025
ජනපති පාර්ලිමේන්තුවට එයි 2026 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. 07 November 2025
සැමියාගේ නම කුඩුවලට ගෑවුනු ජාජබ මන්ත්‍රීවරිය අස් වෙයි සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 06 November 2025
අල්ලසින් කප් එක පොලිසිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ පළමු මාස 9දී සිදුකළ වැටලීම්වලදී අල්ලස් හෝ දූෂණ චෝදනා මත වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන්නන් බවත් එම කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 06 November 2025
දැදුරුඔයට හතරක් බිලි - අයෙක් අතුරුදන් කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරන් දක්වා විනෝද චාරිකාවක් ගොස් ආපසු ඒද්දී දැදුරුඔයේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි සිව් දෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. 05 November 2025
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026