
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම සිදුව ඇත්තේ මුදල් අමාත්‍යංශයේ පාලන රාමුවේ තිබෙන දුර්වලතා සහ අමාත්‍යාංශ නිලධාරීන් සිය රාජකාරි නිසියාකාරයෙන් ඉටු නොකිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ වර්තාවක දැක්වේ.
එසේම මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් කරුණුමය වශයෙන් නිවැරැදි නොවන ප්‍රකාශ කීපයක් සිදුකර තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.
ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා දෙකක් ඉදිරිපත් කර අැති අතර ඉන් එක් වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ.
හැකරුන් කණ්ඩායමට, භාණ්ඩගාරයෙන් ඇමෙරිකානු ඩොලර් ලකෂ 25 ක මුදලක් සොරකම් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මූලික මෙහෙයුම් සහ පාලන දුර්වලතා හේතුවෙන් බව ද ඒම වාර්තාෙවි සදහන් වේ.
එසේම මුදල් අමාත්‍යාංශයේ බාහිර ණය ගෙවීම සඳහා තිබෙන ක්‍රියාවලියේ අසාර්ථකත්වයද මෙම සොරකමට අවශ්‍ය පසුබිම සකස් කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ. මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන ණය ලේඛනවලට අනුව ලැබී තිබෙන ගෙවීම් උපදෙස් නිවැරදි දැයි තහවුරු කර ගැනීමේ වැදගත්ම රාජකාරිය පැවැරී අැති අමාත්‍යාංශ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය නිසිලෙස ඉටුකර නැතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තාෙවි සදහන් වේ
හැකරුන්ට, මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් තැපෑලේ ආරක්ෂාව බිඳ දැමීමට හැකිවීමත් ගෙවීම් උපදෙස් නිවැරදිදැයි තහවුරු කර ගැනීමට එම රාජකාරිය පැවැරී ඇති නිලධාරීන් අසමත් වීමත් හේතුවෙන් මෙම සොරකම සිදුවී තිබෙන බව පැහැදිලි යැයිද එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරිය පැහැර හැර ඇති අයගෙන් මේ මුදල අය කර ගන්න .
ප්‍රධාන නිළධාරියා මුදල් ලේකම
එතකොට මහ බැංකුවේ හෙවීම් කළ මෝඩයා සුදේ සුදුද?
ඇත්තටම හේතුව තම රාජකාරිය හරියට නොදන්නා කම සහ පරිගණක තාක්ෂණය ගැන අනවබෝධය ඇති නිලධාරීන් තීරණ ගන්න වගකිවයුතු තනතුරුවලට පත්වීම නේද? එයින් බහුතරය කලා විෂය ධාරාවලින් උපාධිය ගෙන පරිපාලන සේවයට එක්වූ අය නේද? පරිපාලන සේවයට විද්‍යා ගණිත සහ පරිගණක තාක්ෂණය උගත් උපාධිධාරීන් බඳවාගෙන එය වැඩිදියුණු කල යුතුයි. පරිපාලන සේවයට බඳවගන්න විභාගය කලා විෂය ධාරාව එල්ල කල යල්පැනගිය එකක් නේද?
මේක සුළුපටු දෙයක් නොවේ..., මේකේ වගකීම මුදල් ඇමැති බාරගන්න ඕනේ, සාමාන්‍යයෙන් මුදල් ඇමතිට හැම මුදල් ප්‍රේෂණ ගැන පුද්ගලිකවම සොයා බලන්න බැහැ. අධාල නිලධාරියා තමා මේකේ වගකීම ගන්න ඕනේ, නමුත් පහත සදහන් වැරදි මුදල් ඇමති විසින් කර ඇත 1) සිදුවීම දැනගෙන පොලිසියට පැමිණිලි කිරීමට මාස 3 කට අධික කාලයක් ගත වෙනතුරු සිටීම , 2) අදාල නිලධාරීන්ගේ සේවය අත්හිටවීම හෝ දඩුවම් කිරීමට හෝ මේ පිළිබන්දව සොයාබැලීමට මාස 3 කට අධික කාලයක් ගැනීම...
සෑම දෙයක්ම ඉවක් බවක් නොමැතිව ඩිජිටල් කරන්න ඉස්සෙල්ලා අපේ අය information security management කියන්නේ මොකක්ද කියලා ඉගෙනගන ඒ උපදෙස් අනුව ක්‍රියා කරන එකයි කරන්න තිබුනේ. කොහොමටත් ණය ගෙවීමට අලුතින් ක්‍රමවේදයක් ඇතිකරපු එකේ ඕවා ගැන හොඳින් දන්නා විශේෂඥ දැනුමක් ඇති අයගෙන් නිර්දේශ ගන්නත් තිබුණා. දැන් ඉතින් ඕවට වගවෙන්නේ කවුද? ඇමැතිලා කට්ටියම වගවීමේ ක්‍රියාවලියන් අයින් ගහන නිසා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වගවිය යුතුද?